ඇල්බට් කැමූ 1957 දී නොබෙල් ත්‍යාගය දිනාගෙන ටික කලකට පසු තම ළමා කාලයේ ගුරුවරයාට කෘතඥතාව පළ කරමින් ලියූ ඔහුගේ සුන්දර ලිපියේ සඳහන් කර තිබුනේ “මම ඔබව මගේ මුළු හදවතින්ම වැළඳ ගනිමි” යනුවෙනි. හුදෙක් වචන වලට පමණක් සීමා නොවී අවංක හදවතින් එසේ වැළඳ ගැනීම අපි මනුෂ්‍යත්වයෙන් බෙදා ගන්නා අවසාන ත්‍යාගය ද විය හැකියි.එසේ වුවද, මෙම දැනුවත්භාවය තිබියදීත් සමහර විට එහි පුළුල් බව නිසා හෝ අපි එකිනෙකාට මෙම තෑග්ග ලබා දෙන්නේ කලාතුරකින් .
සුප්‍රකට සෙන් බෞද්ධ භික්ෂුවක්, ගුරුවරයෙක් සහ සාම ක්‍රියාකාරිකයෙක් වූ තිච් ඤාතන් හිමි (ඔක්තෝබර් 11, 1926-ජනවාරි 22, 2022) මෙම උසස් ත්‍යාගශීලී ක්‍රියාව සිදු කරන්නේ කෙසේද යන්න ඔහුගේ කලාව පිළිබඳ දීප්තිමත් භාවනාව වන “ආදරය කරන්නේ කෙසේද ? යන්න සාකච්ඡාවට ගෙන තිබුනා.
“අධ්‍යාත්මිකත්වය යනු අධ්‍යාත්මික ඉගැන්වීමක් පිළිබඳ අන්ධ විශ්වාසයක් නොවේ” යනුවෙන් සටහන් කරන තිච් ඤාතන් හිමි , ආත්මිකත්වය යනු සහනය, සන්නිවේදනය සහ පරිවර්තනය ගෙන එන පිළිවෙතක් ලෙස වැඩි දුරටත් සඳහන් කරයි. ලෞකික අධ්‍යාත්මිකත්වයේ වඩාත්ම පරිවර්තනීය ආකාරයන්ගෙන් එකක් වන්නේ සන්නිවේදනයයි, එහි වඩාත්ම අවංක ස්වරූපය – අපව දැකීමට ඉඩ දීමේ සමීප නිර්භීතකම, විවෘත හදවතින් ජීවත් වීමට අවශ්‍ය අවදානම සමඟ අපගේ සෙසු මිනිසුන් සමඟ සම්බන්ධ වීමයි.
1960 ගණන්වල අගභාගයේදී, තිව් ඤාතන් හිමි විසින් මෙම අධ්‍යාත්මික සමීපත්වයේ හදවතේ ඇති සහයෝගීතාවයට සහ අන්‍යෝන්‍ය අවබෝධයට මූර්තිමත් ස්වරූපයක් ගෙන එන සරල භාවිතයක් – වඩාත් ඓන්ද්‍රීය හා නොසැලකිලිමත් ආකාරයෙන් – සොයා ගන්නා ලදී. ඔහු හොඳ හාස්‍යජනක අත්දැකීමක් සමඟ එය මෙසේ විස්තර කරයි;
1966 දී මගේ මිතුරෙක් මාව ඇට්ලන්ටා ගුවන් තොටුපළට ගෙන ගියා. අප සමුගන්නා විට ඇය ඇසුවේ “බෞද්ධ හාමුදුරු නමක් වැළඳ ගත්තට කමක් නැද්ද?” මගේ රටේ, අපි එසේ අදහස් ප්‍රකාශ කිරීමට පුරුදු වී නැහැ, නමුත් මම හිතුවා, “මම සෙන් ගුරුවරයෙක්. එය කිරීම මට ප්‍රශ්නයක් නොවිය යුතුයි.” ඉතින් මම කිව්වා “ඇයි නැත්තේ?” ඇය මාව බදා ගත්තා, නමුත් මම තරමක් දැඩි වුනා. ගුවන් යානයේ යද්දී බටහිර රටවල මිතුරන් සමඟ වැඩ කිරීමට අවශ්‍ය නම් බටහිර සංස්කෘතිය ඉගෙන ගත යුතු බව මම ඉතින් තීරණය කලා.
සන්නිවේදනයේ දී මෙම නැගෙනහිර සහ බටහිර සංස්කෘතික බාධකය ජය ගැනීම සඳහා, තිව් ඤාතන් හිමි විසින් විලයනයක් නිර්මාණය (devised a fusion)කළේය – සෑම කෙනෙකුටම අවශ්‍ය දේ සඳහා විශ්වීය මානව භාෂාවක් සපයා ඇත – ඔහු “වැළඳ ගැනීමේ භාවනාව” ලෙස හැඳින්වූ පුරුද්දක්, අපගේ නිදන්ගත නරුමකම් සියල්ල නිරායුධ කිරීමට අවශ්‍ය වන පරිදි පෙනෙතත්, අපහසු නමුත් ටිකෙන් ටික ගැඹුරින් එහි ප්‍රථිඵල ලබා දෙයි: මුලින්ම පුරුද්දට අනුව, ඔබ අල්ලාගෙන සිටින පුද්ගලයා සැබවින්ම වැළඳ ගත යුතුය. ඔබ ඔහුව හෝ ඇයව ඔබේ දෑතින් ඉතා සැබෑ වටම අල්ලා ගෙන සිටිය යුතුය, නිකන්ම ක්‍රියාවක් සඳහා පමණක් නොව, ඔබ සැබවින්ම එහි සිටින බව හැඟවීමට එම පුද්ගලයාට පිටට තට්ටු කරමින්, නමුත් දැනුවත්ව හුස්ම ගනිමින් ඔබේ ශරීරය, ආත්මය සහ හදවත සමඟ වැළඳ ගත යුතුයි. “වැළඳ ගැනීමේ භාවනාව” යනු සිහිය පුරුදු කිරීමකි. හුස්ම ගනිමින්, “මගේ ආදරණීයයා මගේ දෑතේ, ජීවමාන බව රැඳී ඇති බව මම දනිමියි”, හුස්ම පිට කරන විට ඔහු/ඇය මට ඉතා වටිනා බව සිතින් සිතමින් ,ඔබ ආදරය කරන පුද්ගලයාව අල්ලාගෙන ඔබ එසේ ගැඹුරින් හුස්ම ගත්තොත්, ඔබේ සැලකිල්ලේ සහ අගය කිරීමේ ශක්තිය ඒ පුද්ගලයා තුළට විනිවිද ව ගොස් ඔහු/ඇය ඉන් පෝෂණය වී මලක් මෙන් උද්දීපනය වී විකසිත වේ. එය සැබවින්ම නැවුම්, ප්‍රීතිමත් , ආශ්වාද ජනක මෙන්ම ප්‍රේරකයා හා ප්‍රතිග්‍රාහකයා යන දෙදෙනාටම එකසේ අත්විඳිය හැකි සුන්දරම මොහොතක් වනු ඇත.
“අපි වැළඳ ගන්නා විට, අපගේ හදවත් සම්බන්ධ වන අතර අප වෙනම ජීවීන් නොවන බව අපි දනිමු.” -තිව් ඤාතන් හිමි.
ගයාත්‍රී නදීශානි තන්තිරිවත්ත