කලාව සාහිත්‍ය මොකටද වගේ අදහසක් හැමදාම අපේ සමාජයේ පවතිනව. ඒක සෑහෙන ගැඹුරින් කතා කරන්න ඔන විවිධ තර්ක විතර්ක වලට භාජනය කරන්න පුළුවන් මාතෘකාවක්. අපි ජීවත් වෙන සමාජයේ මේ තියෙන අටෝරාශියක් ප්‍රශ්න මැද එදා වේල කන්න බොන්න හොයා ගන්න නැතුව මිනිසුස පීඩාවට පත් වෙද්දි සංස්කාතිය, කලාව, සාහිත්‍ය වගේ දේවල් ගැන නිකමට හෝ කතා කරන එකත් සමහර වෙලාවට විකාරයක් ගේ කෙනෙකුට පේන්නත් පුළුවන්. නමුත් සමාජයක් මොන තරම් අර්බූදයකට ගියත් කලාව සාහිත්‍යය වගේ මානයන් වලට තියෙන පැවැත්ම අහෝසි වෙන්නෙ නැහැ. ඒව පවතින් තත්වයන්ට අනුව වෙනස් පැවැත්මක් සොයා ගන්නවා මිසෙක. සාහිත්‍ය කලාව මිනිස් ජීවිත වලට කොයිතරම් බලපෑම් සහගතද කියන එකට උදාහරණයක් වගේ දෙයක් හමු වුණා ‘නවකතාවේ ආඛ්‍යාන රටා’ ( උදිත අලහකෝන් / රශ්මික මණ්ඩාවල / මොහාන් ධර්මරත්න / ප්‍රියන්ත ලියනගේ) පොත කියවමින් සිටියදි. ඒ පොතේ තියෙන එක් ලිපියක දි අනීටා දේසායි මෙන්න මෙහෙම කියනව.
“ තාගෝර්ව කියවීමෙන් පස්සෙ මං මගේ තාත්තගේ ලෝකය ප්‍රතිනිර්මාණය කළා. මගේ තාත්ත බොහොම අඩුවෙන් කතා බහ කරපු කෙනෙක්.මට මතකයි 1950 ගණන්වල දි ඔහු මාව චිත්‍රපටි ශාලාවකට එක්කගෙන ගියා. ඒ චිත්‍රපට ශාලාවෙ උදේ වරුවෙබෙංගාලි චිත්‍රපට පෙන්නුව. ඔහු මාව පතාර් පංචාලි චිත්‍රපටය නරඹන්න එක්ක ගියා. චිත්‍රපටය ඉවර වෙලා පිටතට ආවම දිල්ලියෙ දිලිසෙන තැඹිලි පාට ආලෝකයෙන් මං දැක්ක ඔහුගෙ මුහුණ කඳුළු වලින් තෙමිල තියෙන හැටි. ඔහුට කතා කරගන්න බැරි වුණා. මේක තමයි ඔහු දාල ආපු ලෝකය කියල මට තේරුණා. ඔහුගේ ලෝකය වුණේ ඒක. සත්‍යජියි රායිගෙ ඒ චිත්‍රපට මට ලොකු බලපෑමක් කළා….”
කලාව සාහිත්‍ය අපේ ජීවිත එක්ක සම්බන්ධ වෙන විදය ගැන මේ උදෘතය අපට යම් කිසි දෙයක් කියනව කියල මට හිතෙනව.
සෝමසිරි ඒකනායක