ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසු මෙසී විශ්‍රාම ගැනීමේ තීරණය අතහරියි

මෙවර 2022 කටාර් රාජ්‍යයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය.

තරගයේ පළමු ගෝලය 23 වැනි විනාඩියේදී දඬුවම් පහරකින් රැස් කිරීමට ලියෝනල් මෙසී සමත් විය. දෙවැනි ගෝලය 36 වැනි විනාඩියේදී ඩි මාරියා විසින් වාර්තා කළේය. තරගයේ පළමු අර්ධය නිමා වනවිට ආජන්ටිනාව ගෝල 2 – 0ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

නමුත් තරගයේ 79 වැනි මිනිත්තුවේදී හා 81 වැනි මිනිත්තුවේදී ගෝල දෙකක් වාර්තාකිරීමට සුපිරි ක්‍රීඩක Kylian Mbappé සමත්වීමත් සමඟ තරගය නැවත වරක් කණපිට පෙරලුනේය.

මේ අනුව තරගයේදී නියමිත කාලය තුල ගෝල දෙක බැගින් කණ්ඩායම් දෙකම රැස්කිරීම හේතුවෙන් ජය පරාජය තීරණය කිරීමට අමතර විනාඩි 30ක කාලයක් ලබාදුන් අතර එහිදීද දෙපිලම එක් ගෝලය බැගින් වාර්තා කිරීම හේතුවෙන් මෙවර ලෝක කුසලානයේ අවසන් තීරණය ගනු ලැබුවේ දඬුවම් පහර මගිනි.

ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් සාර්ථක කරගැනීමට ආජන්ටිනාව සමත්වූ අතර ප්‍රංශයට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර දෙකක් පමණි.

ඒ අනුව ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය පරාජයට පත් කරමින් 2022 පාපන්දු ලෝක කුසලානයේ ශූරයින් වීමට සුපිරි ආජන්ටිනා කණ්ඩායම සමත් විය.

මේ අතර තරගාවලියට කළියෙන් ලියොනල් මෙසී පවසා තිබුනේ තමා මෙම තරඟාවලියෙන් පසු ආජන්ටිනා පාපන්දු කණ්ඩායමෙන් විශ්‍රාම ගන්නා බවයි. නමුත් ඊයේ ආජන්ටිනා පාපන්දු කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසු ප්‍රකාශයක් සිදුකල එහි නායක සහ සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී, තමන් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමෙන් විශ්‍රාම නොගන්නා බවත්, තව කාලයක් තම රට වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු පිටියේ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවත් පවසා තිබේ.

35 වැනි වියේ පසුවන මෙසී මාධ්‍යය හමුවේ කියා සිටියේ ‘ලෝක ශුරයෙක්’ ලෙස තවදුරටත් පාපන්දු පිටියේ රැඳී සිටීමට තමන් අපේක්ෂා කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...