ප්‍රේමයත් ගසා ගිය ඒ රුදුරු කදුළු ගඟ
ඉහිරවා ගිය මතක රැඳී ඇත මගින් මග
ප්‍රේමයෙන් මඳහසක් තියා ඒ මතක ළඟ
අතීතය හිසින් ගෙන ඇවිද යමි සසර දිග
එදා වාගෙම අදත් අමාවක අහස යට
තරු අතර නුඹ සොයමි බලා හිඳ නිවෙන්නට
නුඹ හුඟක් දුරක බව මා මතක නොමැති බව
සොඳුර මම කෙසේ මේ තනි හිතට කියන්නද
මහ හඬින් අහස ඉකි බිඳිනකොට හඬනකොට
අනෝරා වැසි ඇවිත් මහ පොළව තෙමනකොට
මගෙත් හිත ඉකි ගසා නුඹෙ සෙනේ යැද්දාට
යළිත් නුඹ නේන වග දනිමි මම කිසි දාක
ආව ගිය පාර වල අදත් පිය මනිනකොට
අපෙ මතක රැඳුණ තැන් නුඹේ නෙතු ගැටෙනකොට
සොඳුර මං අහන්නේ රිදවන්න නම් නෙවෙයි
නිකම්වත් නුඹට මං මතක් වෙන්නෙ ම නැද්ද
මධූ සමරවීර