නාට්‍යක අවසානය සිරියස් තැනකින් ඉවර වෙන්න ඔනෙද? අරමුණකට ළඟාවෙලා තිබිය යුතුද ? එහෙම වෙන්න ඔනා නැහැ කියන එක පැහැදිලිව ඔප්පු කරපු නාට්‍යයක්, දැක බලා ගත්තා. ඒ තමයි “ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” ලංකාවෙ වේදිකා නාට්‍යයේ, අපි ජීවත් වෙච්ච කාලවකවානුවේ ඉඳන් බලද්දි පොදු මාතෘකා වශයෙන් දෙක තුනක් යටතේ තමයි නාට්‍ය කලාව ඉදිරියට ගියේ, එතැනදී සමස්ථ දේශපාලනයට වඩා පක්ෂ දේශපාලනය සහ එහි තිබෙන අවුල ගැන සමාජය මත දිගහැර නාට්‍ය තමයි ගොඩක් තිබුණේ. පරිවර්තනය නාට්‍ය කරත් ඒ පක්ෂ දේශපාලන කැල්ල තමයි පුම්බලා ගත්තේ . මම මෙතන අදහස් කරන්නේ නැහැ ඒවා පට්ට අවුල් කියලා. නමුත් බහුතරය එහෙම විම සම්බන්ධයෙන් කාලෙක ඉඳන් නාට්‍ය ප්‍රෙක්ෂකයෙක් ලෙස ප්‍රශ්නයක් තිබුණා. සමහරක් වෙලාවට මට හිනාගිය කාරණාව තමයි අණ්ඩු මාරු වෙද්දි, සමහර නාට්‍යවලට මාතෘකා පවා අහිමි වෙච්ච එක.
ඒ අතරින් පක්ෂ දේශපාලන කාරණා වලට වඩා ඔබ්බට ගිහින් ගැඹුරු දේශපාලන යථාර්ථයන් කතා කරපු නාට්‍ය තියනවා. එවා තාමත් අපේ හිත්වල පැලපදියම් වෙලා තියෙනවා. පහුගිය දවසක අපේ මිත්‍රයන් කිහිප දෙනෙක් එක්ක සාකච්ඡාවක් ගියා කලා නිර්මාණයක් ආනන්දෙන් පටන් ගැන ප්‍රඥාවෙන් ඉවර විය යුතුද ? නැත්නම් ප්‍රඥාවෙන් පටන් ගණ ආනන්දෙන් ඉවර යුතුද? ආනන්දය විතරක් තිබිය යුතුද? එහෙම නැත්නම් ප්‍රඥාව විතරක් තිබිය යුතුද? කියලා. සාකච්ඡාව අවසානයෙ තිරණය වුනේ එහෙම එකක් වෙන්නම ඕනෙ නෑ කියලා. එහෙම නැති දෙයකුත් කලා නිර්මාණයක් ලෙස පැවැතිය හැකියි කියලා. එකට ලොකේ ඕනෙ තරම් එවාට උදාහර්ණ තියනවා. ඇත්තටම මට හිතෙන්නෙම මේ “ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය නාට්‍යත් එහෙම මොනවත් නැති එකක් කියලා”ඒක කතාවක් විතරයි . මම ආස කරන නිර්මාණයක් බලලා, මාව හිස් වෙන්නෙ යාථාර්ථයක් අවබෝධයක් වුනාම. මට නම් එක එක කම්මුල් රතුවෙන, කටට පැනි රහ දැනෙන, සැහැල්ලුවක් දැනෙන අත්දැකිමක්. (ඒ රසය ගැන විස්තර කරන්න වචන ගොඩක් ඕනා ) එහෙමත් නැත්නම් වෙන අවකාශයකට අරන් යාමක්. .
නමුත් මේ නාට්‍යයෙන් මාව හිස් කරේ මොනම අර්ථයක් (යථාවක් ) වත් අවබෝධයක නොකර, කම්මුල් රතුවෙන, කටට පැනි රහ දැනෙන සැහැල්ලුවක් දැනෙන එක වෙනස් විදිහට සහ වෙන තර්කනයකින් වුනා. ඒක මගේ ජිවිතයේ මට හම්බුන වෙනස් අත්දැකිමක්. නිර්මාණ කරුවාට ගොඩක් අවස්ථා තිබුනා නාට්‍ය වෙන අර්ථයකට ගේන්න. එත් එයා එහෙම කරලා නෑ. නාට්‍ය බලන් ඉද්දිත්, මට හිතුනා, එක අවස්ථාවක, අවසානයේ ගැහැණු පිරිමි මල් පළතුරු කියන තැනින්ම ඉවර කරයි කියලා. එහෙම කරා නම් මට මේ සටහන නොලියන්න තිබ්බ ඉඩ කඩ වැඩියි කියලා මම හිතනවා. ඒ වගේම නාට්‍ය පුරාවටම මේක මම බලන්නෙ වේදිකා නාට්‍යක් කියනවාට වඩා tv series එකක් වේදිකාව මත ගෙනල්ලා තිබ්බා වගේ වුනා.
ඒ පිටපත, අධ්යක්ෂණයන්, රංගනයන් , අලෝකනයන් ඒ ඇදුම් , ඔක්කොම ඒකට නෑකම් කියලා තිබුනා ඇස් කොහාටවත් ගන්නෙ නැතිව මේ නාට්‍ය දිහා බලන් ඉන්න පුළුවන් වෙන එක ,ඊළගට වෙන්නෙ මොකක්ද ? ඊලඟට වෙන්නෙ ඊළගට වෙන්නෙ මොකක්ද ? කියලා දැනගන්න තියන ආශාව Money Heist ,Squid Game බලපු අත්දැකිමට අරන් ගියා.
නාට්‍යයේ තියන අනිත් මැජික් එක තමා අරයා, මරු මෙයා මරු කියනවාට වඩා සමස්ථයම මරු කියන්න අවසානයෙ පුළුවන් වුන එක. ඒකට හැම ශිල්පියෙක්ම තමන්ගෙ අත්දැකිම් වලින් හොඳට වැඩ අරන් තිබ්බා. සහ ඒවා හොඳට link වෙලා තිබුනා. කාලය සහ අවකාශයන් උපරිමයෙන් භාවිතා කරලා තිබුනා. මං හරිම ආසම කරන ,කැල්ලක් තමා සජිවී වේදිකවක් මත දෙබස් නැතිව play කරන විදිහ සහ ප්‍රෙක්ෂකයාගේ ප්රෙක්ෂාවට කිසිම බාධවක් කරන්නෙ නැති විදිහ බලන් ඉන්න එක. ඒ දේ තිතටම වුන එක දැකිම ගෝඩක් සතුටක්.
ඒ වගේම වෙනදාට ප්රෙක්ෂකාගාර්යේ අපි දකින්නෙ, කලාකටයුතු වලට සම්බන්ධ පිරිස් සහ එයාලගේ මිතුරන්. එත් මේ නාට්‍ය , අතුරු සිදුරු නැතිව පිරිලා ඉතිරිලා යන්න අලුත් මුහුණු සැහෙන්න ඇවිල්ල හිටියා. මම දන්න , කලා නිර්මාණයක් සෑහෙන කාලෙකින් බලලා නැති සහ එයාලට අපි කියවන , බලන එවා අපප්භ්රංස වුන අයට මේ නාට්‍ය එහෙම වුනේ නෑ. අපට නාට්‍ය ඉවර වෙලා කතා කරන්න අවකාශයක් හැදුනා. කතා කරපු දෙවල් හොඳට පෑහුනා . ඒක ඇත්තටම නාට්‍ය රසිකයෙක්ගේ ඉතිහාසයේ සන්තෝෂ වෙන්න පුළුවන් තැනක් කියලා මම හිතනවා. එත් මට එකඟ වෙන්න බැරි එකම එක දෙයක් තියනවා.. ඒ තමයි මේ නාට්‍යයේ එන දෙබසක් ,ඒක හරියටම මතක නැති වුනාට ,ඒකේ අර්ථය – “එයාලා මැරුනා එයාලගේ මිනිස්සු වෙනුවෙන් , නමුත් මට එහෙම වෙන්න බෑ” ඒ අර්ථයක් එක්ක ඇත්තටම මට හිනාගියේ නෑ . ප්‍රෙක්ෂකාගාරය බහුතරය හිනාවුනා සහ එකට හිනාවෙන්න ඉඩක් හදලා තිබුනා. මට ඒ ගැන තියෙන්නෙ ප්‍රශ්නාර්ථයක් ? කෙසේ වෙතත් ලස්සනට ඇදපු චිත්රයක ඒක ඩොට් එකකින් කැතවෙනවාට අකමැති කෙනෙක් විදිහට මෙතැන ඒ ගැනත් සටහනක් තියන්න හිතුනා. මේ නාට්‍ය කරපු හැමොටම ස්තුතියි. ඒ වගේම මේ නාට්‍යයේ ඡායාරූපය ,පොස්ටරය , නාට්‍ය ශාලාවට යන්න දුන්න උත්තෙජනයට වචන නැත. ස්තුතියි. නිර්මාණයේ හැමෝටම ගෞරවය සහ ආදරය . ජය !..
සංජීව සෙනවිරත්න
“ජීවිතය ගෙනියන්නත් ඉෂ්ට නොවුණ හීනයක් තියෙන්න ඕන.”
වේදිකාව මත මහළු නිවාසයක ගැහැණු පිරිමි මල් පලතුරු සෙල්ලම් කරමින් සිටින වියපත් නිලියන් නම දෙනෙක් පැය දෙකක් පුරාවට ප්‍රේක්ෂකයන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම තමන් වෙත නතු කර ගන්නවා. එසේම ඔවුන් වෙත යොමුවන ආලෝකය, රංග භාණ්ඩ වැනි වෙනත් සාධකද එම නතු කරගැනීමට විශාල ලෙස දායක වෙනවා.
සුචිත්‍ර රාහුබද්ධගේ නවතම නිර්මාණය වන “ඇප්‍රොඩයිට් මල් කොල්ලය” එක්තරා සමාජ යථාර්තයක් පසුබිම් කරගත්, රසවින්දනයෙන් අනූන වේදිකා නාට්‍යයක්. එසේම එම සමාජ යථාර්තය ගැන කතාබහ, කතාව රසවිදීමට බාධාවක් නොවන ලෙස ඉදිරිපත් කිරීමටත් අධ්‍යක්ෂකවරයා වගබලාගෙන තිබෙනවා.
ශිල්පීය වශයෙන් විශිෂ්ටතා පෙන්වන සමහර නිර්මාණ තුල කතා වින්‍යාසමය අඩුපාඩු තිබෙනවා. කතාව හොදින් ගොඩ නැගුණු සමහර නිර්මාණවලට ශිල්පීය අංග වෙත වැඩි අවධානයක් නොදෙන අවස්ථාද තිබෙනවා. “ඇප්‍රොඩයිට් මල් කොල්ලය” තුල අපිට දකින්නට ලැබෙන්නේ මෙම අභියෝග දෙකටම සෑහෙන සාර්ථකව මුහුණ දෙන අවස්ථාවක්. ඔබ නාට්‍යය බැලුවනම්, “ඒක perfect plan එකක්” කියා සිතෙයි. ඒ ප්ලෑන් එක මේ ආකාරයට ජීවමාන කලාට අධ්‍යක්ෂකවරයාටත්, රංගන ශිල්පිනියන් නමදෙනාටත්, සමස්ත නාට්‍ය කණ්ඩායමටත් ප්‍රේක්ෂක අපගේ ස්තූතිය හිමිවිය යුතුයි.
විවිධ චරිත නිරූපණය කරන රංගන ශිල්පිනියන්, පුළුල් ප්‍රේක්ෂක පිරිසකගේ සිහිනවලට පණ දෙනවා. එහෙත් ඒ සිහින දෙස බලා සිටින බොහෝදෙනෙකුට, “ඔවුන්ද අප වැනිම සිහින දකිමින් සිටින පිරිසක් නොවේද?” යන ප්රශ්නය මගහැරී යනවා. කුතුහලයෙන් පිරුණ කතා පුවත තුල අපට වරින්වර මුණගැසෙන්නේ මෙම යථාර්තයයි.
සිහින ගැන තවත් වැදගත් කාරණාවක්ද කතාවේ එක් තැනක කියවෙනවා.
“ජීවිතය ගෙනියන්නත් ඉෂ්ට නොවුණ හීනයක් තියෙන්න ඕන.”
ඉටු නොවන්නේ කාගේ හීනයද? ඒක දැනගන්න අද හවස 7.00ට ලයනල් වෙන්ඩ්ට් එකට යන්න!
නිශාන්ත කුලරත්න
මිනිස්සුන්ගෙ ජීවිත කියලා කියන්නෙ අත්දැකීම් සමුදායක්. වැඩිපුර අත්දැකීම් විඳිනා මිනිස්සු වැඩි වැඩියෙන් ලෝකෙ දකිනවා.
මමත් පොඩි කෙල්ලක් කාලෙ සුජානි මේනකා සතයෙන් සතේ… රුපියලෙන් රුපියල කියලා ටීවී එකේ කියද්දි මම හිතන් හිටියෙ ඇත්තටම එයා මැටි කැටේකට සල්ලි එකතු කරනවා ඇති කියලා. කවදාවත් මැටි කැටයක් හිමි නොවූ මට කවදාක හෝ මැටියෙන් සෑදූ කැටයක් බිඳ බලන්න ආශාව ඇති කරේ ඇයයි. එයා දැන් ලොක්කියක්. නිකම්ම ලොක්කියක් නෙවෙයි. එයා විවිධ චරිත වලට පන පොවනවා.
ගම්පෙරලිය ටෙලිනාට්‍යයේ අනුලාට පන පෙවූ තරුන ගැහැනිය ඊට හාත්පසින්ම වෙනස් චරිතයක ගිරයට හසු වූ ගැහැනියකගේ ජීවිතයට පන දෙනවා. ඈම ඉරිදා රාත්‍රියේ අසිත… අසිත… කියමින් ටියුශන් ගුරුවරයෙක් පසුපස දුවගෙන යනවා විතරක් නෙවෙයි, චිත්‍රපටියක මිනී එම්බාම් කරනවා. අහම්බයෙන් සැබෑ ජීවිතයේදී දැකපු ඇයම ඒ චරිත ඔක්කොම බිම තියලා හිනා වෙන්නෙ නිහතමානී විදිහට. චාන්දනී සෙනෙවිරත්න, ඔබේත් මගේත් ආලින්දයට කී වරක් නම් එන්න යන්න ඇතිද?
සඳක් වගේ සුන්දරම මවකටත්, ආකර්ශනීය කටහඬක් වගේම පෞරුශයකටත් හිමි පියෙකුට දාව උපන් සුන්දර කෙල්ලක් රාහුල හාමුදුරුවන්ගෙ ආදරය ඉල්ලලා මුරන්ඩු විදිහට පස්සෙන් යද්දි මම ඒ ටෙලිනාට්‍යට පාදක වෙච්ච පොත අරගෙන කියවලත් තියනවා. පුද්ගලික ජීවිතයේදී විවිධ අවස්තාවන්හී හමු වී ඇති අමාට තියෙන්නෙ ලස්සන ලොකු ඇස් දෙකක්. බෝ කොලයක් හැඩය ඇති මූන දෙපැත්තෙන් වැක්කෙරෙන රැලි ගැහුන කොන්ඩ කැරලි එක්ක එයා දිහා ආයෙ ආයෙ බලන්න කුතුහලයක් ඇති වෙනවා.
රංගනයේ විශිශ්ට දක්ශතා ඇති කෞශල්‍යා ෆර්නෑන්ඩෝ මෙතෙක් සැබෑ ජීවිතයේ හමු වී නැතත් විවිධාකාර චරිත තුල අපි කොච්චර නම් ඇය පන පෙවූ කාට හෝ අයත් කතා වෙනුවෙන් කොච්චරවත් තැවිලා, හිනා වෙලාත් ඇති.
දිනක් නැත්නම් දෙකක්, හමු වී හිනැහුන, බොහෝ කලක් සිට දන්නා හඳුනන්නවුන් විදිහට කයියක් ගහගනෙ ඉඳිය හැකි සමාධි… සමහර විට ඔබටත් මුන ගැහිලා ඇති.
පතාක යෝධයන් අතර හිදිනා රන්දි… ඔබටවත් මටවත් මෙතෙක් රංගන ශිල්පිනියක් ලෙස මුන ගැහී නැති බව සහතිකයි. ඈට පුදුමාකාර තරමට විහිලු කතා කියන්නට, අපිව හිනස්සන්නට පුලුවන්. ඇය නෙවෙන්නට මේ සටහන ලියවෙන්නේ හෝ නැති වෙයි.
කෙසේ නමුත්….
මේ සියලු දෙනාම අපි කවුරුවත් නොදැකපු මුහුනුවරකින් කලඑලි බහින්න ලෑස්තියි.
මෙතෙක් වේදිකා නාට්‍යයක් නරඹා නැත්නම්, නාට්‍ය අවසන් වූ පසු ශිල්පී, ශිල්පිනියන්ට සුබ පැතීමේ ප්රහර්ශය විඳ නැති නම්… ඒ අත්දැකීම කවදාක නමුත් විඳින්නට අමතක කරන්න එපා. විඳපු අයට නැවත විඳින්නත්, නොවිඳපු අයට හා හා පුරා විඳින්නටත්
යන්න…
“ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය”
පෙන්නන්න දැන් හොඳටම ලඟයි.
නිලූකා බ්‍රැන්ඩන්
හොඳ ප්ලොට් ට්විස්ට් එකක් එක්ක ඉවර වෙන, ස්ටේජ් එක උඩ අලුතක් දැක්ක වැඩක්.
කෙල්ලෝ නවදෙනෙක් එකතු වෙලා ඊයෙ රෑ ලයනල් වෙන්ඩ්ට් එකට ඇවිත් හවුස් ෆුල් කරපු හැමෝගෙම හිත් මංකොල්ල කෑවා.
‘ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය’ කරපු මල් කෙල්ලෝ නව දෙනා පටන්ගත්තු වෙලේ ඉඳන් එක දිගටම අපිව අල්ලගෙන හිටියා. බෝරිං තැනක්, නිදිමත තැනක්, ෆෝන් එක අතට අරන් නොටිෆිකේෂන් ටික චෙක් කරන තැනක්, මේ වගේ කිසිම එක්ස්කියුස් චාන්ස් එකක් අපිට ගන්න ඉඩ තියන්නැතුව කතාවත් එක්ක අපිව ගැටගහලා තියාගත්තා.
මිනිස්සුන්ට අමතක වෙලා ගිය ගෑණු නවදෙනෙක්ට තියෙන කෙලි හදවත්වලින් තාමත් ඒගොල්ලන්ගේ හීන අල්ලන්න ට්‍රයි කරන කතාවක් විදිහට මල් කොල්ලය දිගහැරෙනවා. වැඩේ පුරා මට හිතුණේ, මේක ෆිල්ම් එකක් වගේ ස්ටේජ් ඩ්‍රාමා එකක් කියලා. විශේෂයෙන්ම ලයිටිං, ඒ ඒ සීන්ස්වලට හරියටම මැච් වෙන්න, විශේෂයෙන්ම කතාවේ තීරණාත්මක දවසේ උදේ, මේ නවදෙනාගේ හැසිරීම, එකින් එකට අවධානය දීලා ලයිට් කරපු විදිහ, ෆිල්ම් එකක ට්‍රීට්මන්ට් එකක් වගේමයි. කතාවේ හැමතිස්සෙම ලයිටප් වෙලා තියෙන්නේ මේ කෙල්ලෝ තමන්ගේ බිත්තියේ එල්ලන් ඉන්න ඩ්රීම්කැච’ස් ටික. ඒ අයගේ හීන හැමතිස්සේම තියෙන්නේ අවදියෙන්. ඒ අය ජීවත් වෙන තරම තීරණය කරන්නේ ඒ හීනවල බරේ තරමට. කතාවේ මට හොඳින්ම වැදුණු ලයින් එක, “මිනිස්සුන්ට ඉටු වෙන්නැති හීනත් තියෙන්න ඕන ජීවත් වෙන්න.”
පෝස්ටරේ සහ කාස්ට් එක දැක්කම අපිට තේරෙනවා අපි එළියට බහිනකොට ඩිසපොයින්ට් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි කියලා. ඒ වෙනුවෙන් ඩ්‍රාමා එකේ ඉස්සරහ සහ බැක්ස්ටේජ් හිටිය සියලු දෙනා හොඳට මහන්සි වුණා. වේගවත් ප්ලොට් එකක් කිසි ඩිලේ එකක් වෙන්නැතුව හොඳ ටයිමිං එක්ක අපිට අල්ලගෙන තියන් හිටියා. ඩ්‍රාමා එක ඉවරවෙලා ඩිරෙක්ට’ සචිත්ර රාහුබද්ධ එක්ක කතා කළාම එයා කිව්වේ, දැන් ලංකාවේ ඉන්නේ ලෝකෙම ෆිල්ම් ටීවි සීරීස් බලන ක්‍රවුඩ් එකක්, ඒ අයට ගැළපෙන්නයි අපි නිර්මාණ හදන්න ඕන කියලා.
ඊයේ හවුස්ෆුල්, මං දන්න තරමින් අදයි හෙටයිත් මේ වෙද්දී ටිකට්ස් ගොඩක් ඉවරයි. පුළුවන් හැම කෙනෙක්ම අද හෝ හෙට ලයනල් වෙන්ඩ්ට් එකට යන්න. බැරිවුණොත්, ඊළඟ සැරේක අනිවාර්යයෙන්ම බලන්න. ස්ටේජ් ඩ්‍රාමා එකක ලයිව් ආතල් එක වෙනයි.
හොඳ ප්ලොට් ට්විස්ට් එකක් එක්ක ඉවර වෙන, ස්ටේජ් එක උඩ අලුතක් දැක්ක වැඩක්.
ෂෙනාල් ගුණසේකර