ජේම්ස් ඇන්ඩර්සන් සමුගනී – මුරලිගේ ලෝක වාර්තාව සදාකාලික වෙයිද?

පසුගිය 12 දිනයේ එංගලන්ත ජයග්‍රහණයෙන් නිමාවූ එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයෙන් පසුව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම වේගපන්දු යවන්නා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා. ඒ ජේම්ස් ඇන්ඩර්සන් බව ඔබ කවුරුත් දැනටමත් දන්නව ඇති. ඔහු දශක දෙකකට වැඩි ටෙස්ට් දිවිය නිමාකලේ ටෙස්ට් කඩුළු 704 ක් ලබා ගනිමින්. ඒ අනුව ඔහු ටෙස්ට් කඩුළුලාභීන් අතර තුන්වන ස්ථානයට පත්වන අතර ලොව වැඩියෙන්ම ටෙස්ට් කඩුළු ලබාගත් වේග පන්දු යවන්නා බවටද පත්වෙනවා. ටෙස්ට් කඩුළුලාභීන් අතර ඔහුට ඉදිරියෙන් ඉන්නෙ මුත්තයියා මුරලිදරන් (800) හා ශේන් වෝන් (709) පමණයි..

ජිමීගේ නික්මයාමත් එක්ක ලොව වැඩිම ටෙස්ට් කඩුළුලාභියා ලෙස මුත්තයියා මුරලිදරන් තබා ඇති ලෝක වාර්තාව යළි කිසි දිනෙක බිඳහෙළිය නොහැකි සදාකාලික ලෝක වාර්තාවක් බවට පත්වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද ?

12 වන දා වෙනකල් මුරලිගෙ වාර්තාවට සමීප වෙලා ජාත්‍යන්තර පිටියෙ සිටි එකම පන්දු යවන්නා ජිමී පමණයි. ඔහු මුරලිට විකට් 100 ක් පසුපසින් හිටියෙ. දැන් එවැන්නෙක් නෑ. වත්මන් ටෙස්ට් පිටියෙ ඉන්න අය අතර ඉදිරියෙන්ම ඉන්නෙ කඩුළු 530 ක් ගත්ත ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන නේදන් ලියොන්. ලියොන්ට දැන් අවුරුදු 36 යි. ඔහු වසර 13 ක් තුල ටෙස්ට් තරග 129 ක් ක්‍රීඩා කර තිබෙනවා. ඔහු මුරලිට තවත් කඩුළු 270 පසුපසින් ඉන්නෙ. ඔහුගේ විකට් ලබාගැනීම එක් තරගයකට කඩුළු 4 පමණ සාමාන්‍යක්. ඉතින් තවත් කඩුළු 270 ලබාගන්න ඔහු තවත් තරඟ 65 ක්වත් ක්‍රීඩා කල යුතු වෙනවා. ඔහුගේ වයසයි වර්තමාන ටෙස්ට් තරගවල අඩුබවයි හින්දා ඔහුට මුරලි නෙවෙයි ශේන් වෝන් ළගටවත් එන්න බැරිවෙයි..

ඊළඟට ඉන්නෙ කඩුළු 516 ක් ගත්ත ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්. අශ්වින්ට දැන් අවුරුදු 37 යි.. ඔහු තරඟ 100 කදී කඩුළු 516 යි. ඔහුගේ සාමාන්‍ය කඩුළු දවාගැනීම තරගයට කඩුළු 5 ක්. ඔහු මුරලිට කඩුළු 284 පසුපසින් ඉන්නෙ. ඔහුගෙ සාමාන්‍ය දක්ෂතා ඉදිරියටත් තිබුනොත් මුරලිගෙ ඉලක්කයට යන්න අඩුම තවත් තරඟ 55 කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කල යුතුයි. ඒ කියන්නෙ ඔහුගේ මෙතෙක් ක්‍රීඩා දිවිය මෙන් හරි අඩක්. ඔහුගේ වයස හා වර්තමාන ටෙස්ට් ආකෘතිය අනුව ඒක නොවිය හැක්කක්. වේගපන්දු යවන්නෙකුට ඉන්නෙ නවසීලන්ත වේගපන්දු යවන ටීම් සවුති. ඔහු කඩුළු 416 ලබාගෙන ඉන්නෙ. ඔහුට දැන් වයස අවුරුදු 35 යි..

මුරලිලා , වෝන්ලා ඔය කඩුළු සීමාවන්වලට ළගාවුනේ T20 ක්‍රිකට් ආරම්භ වීමට පෙර හා T20 වල ළදරු කාලයේ. එදා අද වගේ ලීග් තරගාවලි තිබුනෙත් නෑ. අද වනවිට T20 සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාවම පාලනය කරනව කීවොත් නිවැරැදියි. ඒ වගෙ තමයි IPL , BBL වගෙ සල්ලි උනන ලීග් අද හැමතැනම. ඉදිරියේ odi පවා නැතිවෙන්න පුළුවන්. අද ටෙස්ට් තරග තියන්නෙ නොතිය ඉන්න බැරිකමට. හරියට Ceremonial Event එකක් වගෙ. ගොඩක් ක්‍රීඩකයො ටෙස්ට් ආකෘතියෙන් ඉවත්වෙලා ODI හා T20 පමණක් ක්‍රීඩා කරනවා. ඔය ෆෝමැට් තුනම ක්‍රීඩා කරත් ඉස්සර වගෙ නෙවෙයි ඉතාමත් අඩු ටෙස්ට් තරග ප්‍රමාණයක් වර්තමානයේ පවතින නිසා මුරලිගෙ වාර්තාව බිඳ හෙලන්න බැරි වාර්තාවක් වෙන්න පුළුවන්..

ඒ වගෙම තමයි ෆෝමැට් තුනම සෙල්ලම් කරන්න ගියොත් වෙන්නෙ ක්‍රීඩකයො ආබාධයන්ට ලක්වෙනවා. විශේෂයෙන්ම වේගපන්දු යවන්නන්. ජේම්ස් ඇන්ඩර්සන් 2015 න් පසුව ක්‍රීඩා කලේ ටෙස්ට් තරග පමණයි. ඒකයි ඔහුට අවුරුදු 21 ක් ක්‍රීඩා කරන්න පුළුවන් වුනේ.. නැත්නම් ඔහුට විකට් 700 සිහිනයක් පමණක් වෙනවා..

ජිමී 2001 වසරේ මුල්ම ටෙස්ට් තරගය ක්‍රීඩා කලේ ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙස සැලකෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ. ඔහු ඊයෙ අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කලෙත් ලෝඩ්ස් පිටියෙ. ඒ අනුව පසුගිය 12 වන දිනයේ සිදුවූ මේ විශිෂ්ටයාගේ සමුගැනීම මුරලිගේ ලෝක වාර්තාව සදාකාලික වාර්තාවක් බවට පත්වෙන්න හේතුවක් වෙනවා..

චතුරංග අමරතුංග (fb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...