සමාජයෙන් ජාතිවාදී අගතිගාමී අදහස් ඉවත් කරන්නට ඕනෙ නම් බෝනික්කාගෙන් පටන් ගමු

මේ ඡායාරූප වල තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඇබොරිජිනල් බෝනික්කන්. මෙවැනි බෝනික්කන් මෑත කාලයේ වෙළඳපොලේ සුලභව දකින්නට තියනවා. ඒ වගේම ඔස්ට්‍රේලියානු රජයෙන් කුඩා ළමයි සම්බන්ධ කටයුතු කරන සෑම තැනකටම අනෙක් සියලුම බෝනික්කන් අතර ඇබරිජිනල් බෝනික්කන් ද ඔවුන්ගේ සාම්ප්‍රදායික සෙල්ලම් භාණ්ඩ ද අනිවාර්යෙන් ගන්න කියලා නියම කරලා තියෙනවා. මීට අමතරව මම පසුගිය කාලයේ දැකලා තියෙනවා ඉන්දියානු අප්‍රිකානු හා චීන ආදී ජන කොටස් වල බෝනික්කන් වෙළඳ පොළේ තියනවා.

මුල් ඇබොරිජිනල් ජනතාව සුදු ජනතාව සමඟ මිශ්‍ර වුණාට පසු විවිධාකාර ඇබොරිජිනල් වර්ශන්ස් හරි ගැස්සිලා තියෙනවා .ඒ බොහෝ ඒවා මෙතන තියෙනව. ඒ අනුව සම්පූර්ණ සුදු හම තියෙන ඇබොරිජිනල් අයත් ඉන්නවා.

කුඩා කාලයේ ලමයින්ගේ ඔළුවට තියෙන සියලුම ජාතිවාදී වර්ගවාදී අදහස් දාලා පස්සේ කාලේ උන් මහා විනාශයක් කළාට දේශන කරනවට වඩා කුඩා කාලයේ සිටම ළමයින් තුළ විවිධ ජන කොටස් සහ සංස්කෘතීන් ගැන පුළුල් අදහසක් ඇති කිරීම ප්‍රායෝගිකයි. එනම් ඉතාම කුඩා කාලයේ සිට ළමුන්ට එම අගතියෙන් තොරව මිනිසුන් දිහා බලන්නට පසුබිම හැදිය යුතුි.

කොහොමහරි ඔබට ඔබේ සමාජයෙන් ජාතිවාදී අගතිගාමී අදහස් ඉවත් කරන්නට ඕනේ නම් ඇත්ත වශයෙන්ම ඒවා පටන් ගන්න ඕනේ බෝනික්කාගෙන්.

Australian Aboriginal dolls are now available on the market to buy. The Australian government has advised to use these dolls with other dolls at all schools and other childcare centres to respect cultural and ethnic diversity. However, I have seen in Australia many other ethnic background dolls such as Indian, Pacific islander and African, etc.

– ධනංජය කරුණාරත්න
(ඕස්ට්‍රේලියාවේ පදිංචි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...