පන්දුවේ කෙළ ගෑම තහනම් වන අතර තවත් නීති කිහිපයක් එක් වෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයාට ඇතිවූ බලපෑම වඩාත් ස්ථාවර මට්ටමකට ගෙන එමින් ක්‍රිකට් තරගකදී පන්දුව ඔපදැමීම සඳහා ඛේටය භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබ ඇති අතරම තවත් නීති කිහිපයක් එක් කිරීමට ක්‍රීකට් ක්‍රීඩාවේ නීති සම්පාදකයන් වන එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය තීරණය කර තිබේ.

එම සංශෝධිත නීති මේ වසරේ ඔක්තෝබර් 1 වැනිදා සිට බලාත්මක කරන බවද දැනුම්දෙයි.

පසුගිය සතියේ පැවැති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන කමිටු රැස්වීමේදී මෙම නව නීති අනුමත වී ඇත. මෙම 2022 සංශෝධිත කාණ්ඩය ඊයේ 09 වන (බදාදා) ප්‍රකාශයට පත්කර ලදි.

“ඔක්තෝම්බර් මාසයේදී බලාත්මක වන නීතිවලට පෙර ලොව පුරා සිටින තරග නිලධාරීන්ට නව සංග්‍රහය යටතේ ඉගෙනීමට අවස්ථාව ලබා දෙමින් ක්‍රීඩාව සඳහා සමාජයේ ගෝලීය කැපවීමේ කොටසක් ලෙස අපි මෙම වෙනස්කම් දැන් ප්‍රකාශ කිරීම වැදගත් වෙනවා” යැයි මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ නීති කළමනාකරු ෆ්‍රේසර් ස්ටුවර්ට් පැවසීය.

1 වන නීතිය – ආදේශක ක්‍රීඩකයෝ
නව වගන්තියක් හඳුන්වාදෙමින්, 1.3 නීතිය විස්තර කර තිබේ. ඉවත් කරනු ලබන ක්‍රීඩකයාගේ සම්බාධක හෝ දැවී යෑම් වලට උරුමකම් කීමට ආදේශ කරන ක්‍රීඩකයාට සිදුවනු ඇත.

18 වන නීතිය – උඩපන්දුවකින් දැවී ගියහොත් අලුත් පිතිකරුවා පන්දුවට පහරදිය යුතුය
නව සංශෝධනයට අනුව පිතිකරුවකු උඩ පන්දුවක් ලබා දී දැවී ගියහොත්, එම ඕවරය අවසන් නොවන්නේ නම්, දැවීගිය පිතිකරුවා වෙනුවට පැමිණෙන නව පිතිකරුවා ඊළග පන්දුවට පහර දිය යුතුය.

මේ වන විට පවතින නීතිය අනුව පිතිකරුවකු උඩ පන්දුවකින් දැවී යන විට උඩ පන්දුව රැක ගන්නා අවස්ථාව වනවිට පිතිකරුවන් දෙදෙනා ලකුණක් කරා පැති මාරු කරමින් එකිනෙකා පසුකර සිටියහොත් නව පිතිකරුවා වෙනුවට පිටියේ රැදී සිටි අනෙක් පිතිකරුවා ඊළග පන්දුවට පහර දිය යුතුය.

20.4.2.12 වන නීතිය – අජීවි පන්දු
නව සංශෝධනයට අනුව අජීවි පන්දු නීතියේ වෙනස්කම් කිහිපයක් දක්නට තිබේ. ක්‍රීඩා පිටියේ සිටින පුද්ගලයෙකු, සතෙකු හෝ වෙනත් වස්තුවක් නිසා දෙපාර්ශවයටම අවාසියක් සිදුවුවහොත්, එම පන්දුව අජීවී පන්දුවක් ලෙස සංඥා කෙරෙනු ඇත.

තණතීරුවට කඩා වදින නරඹන්නකු හෝ වෙනත් අයකු නැතහොත්, ක්‍රීඩා පිටියට දිවඑන සුනඛයකු දක්වා මෙම තතත්ත්වය බලපැවැතවේ. බාහිර සාධක නිසා ක්‍රීඩාවට බලපෑමක් ඇති කරයි නම්, එම අවස්ථාවේදී යැවෙන පන්දුව විනිසුරුවන් විසින් අජීවී පන්දුවක් ලෙස සංඥා කරනු ලබනු ඇත.

21.4 වන නීතිය – පන්දු යවන්නා පන්දුව යැවීමට පෙර පහර දෙන්නාගේ දෙසට පන්දුව විසි කිරීම
පන්දු යවන්නෙකු තම පන්දු යැවීමේ ඉරියව්වට පිවිස පන්දු යැවීමට පෙර පන්දුවට පහර දෙන්නා දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමට උත්සාහ කරමින් පන්දුවට පහර දෙන්නා දෙසට පන්දුව විසි කළහොත් එය අජීවි පන්දු වනු ඇත. මෙය අතිශය දුර්ලභ අවස්ථාවක් වන අතර, මෙතෙක් එය නිපන්දුවක් ලෙස සංඥා කරනු ලැබිණ.

22.1 නීතිය – වයිඩ් පන්දු විනිශ්චය කිරීම
නවීන ක්‍රීඩාවේදී, පිතිකරුවෝ වෙන කවරදාකටත් වඩා, පන්දුව යැවීමට පෙර සීමා ඉර භාවිතා කරති. පන්දු යවන්නා ඔහුගේ/ඇයගේ පන්දු යැවීමේ ඉසව්වට පිවිසෙන විට පිතිකරු සිටි තැනින් ගමන් කළහොත් එය පිතිකරුවාගේ සීමාව ලෙස හැඳින්වීම අසාධාරණ යැයි හැඟේ. එබැවින්, 22.1 නීතිය සංශෝධනය කර ඇති අතර එමඟින් පන්දු යවන්නා දුවන්න පටන් ගත් වේලාවේ සිට පිතිකරුවා සිටගෙන සිටින ස්ථානයේ සිටිමින් සාමාන්‍ය පිතහරඹයක් කළ හැකි සීමාවෙන් පිටතට ගියහොත් පමණක් එය ‘වයිඩ්’ පන්දුවක් ලෙස සංඥා කරනු ලැබේ.

25.8 නීතිය – පන්දුවට පහර දෙන්නාගේ අයිතිය
පන්දුව තණතීරුවෙන් ඈතට පතිත වන්නේ නම්, නව 25.8 නීතිය අනුව පන්දුවට පහර දෙන්නාට තම පිත්තේ හෝ පුද්ගලයාගේ යම් කොටසක් තණතීරුව තුළ පවතින තාක් කල් පන්දුව ක්‍රීඩා කිරීමට ඉඩ සලසයි. ඔවුන් ඉන් ඔබ්බට ගියහොත්, විනිසුරුවරයා අජීවී පන්දුවක් ලෙස සංඥා කරයි. එමෙන්ම තණතීරුවෙන් ඉවතට යන ඕනෑම පන්දුවක් නිපන්දුවක් ලෙසද හැඳින්වේ.

27.4 සහ 28.6 නීති – පන්දු රැකීමේ පැත්තෙන් සිදුවන අසාධාරණ චලන
මේ වන තෙක්, පන්දු රැකීමේ කණ්ඩායමේ සාමාජිකයකු අසාධාරණ ලෙස ගමන් කළ ඕනෑම මොහොතක යවන ලද පන්දුව අජීවී පන්දුවක් ලෙස සංඥා කරනු ලැබීය. එවිට පිතිකරුගේ හොඳ පහරක් අවලංගු කළ හැකිය. මෙම ක්‍රියාව අසාධාරණ මෙන්ම හිතාමතා කරනු ලබන ක්‍රියාවක් බැවින්, නව නීතිය අනුව පන්දුවට පහරදෙන කණ්ඩායමට දඬුවම් ලකුණු 5 ක් පිරිනැමෙනු ඇත.

38.3 නීතිය – පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරුවා දුවද්දී දවාගැනීම
විවේචකයන් බොහෝ දෙනකු කියන පරිදි මෙම නීතිය සංශෝධනය විය යුතුව තිබේ. එම්.සී.සී. නව නිර්දේශ අනුව, 38 වැනි නීතියේ සටහන් වන ආකාරයට, පිතිකරුවා දුවද්දී දවාගැනීම

41.16 නීතිය – පහර නොදෙන ක්‍රීඩකයා දැවී යාම
අතිරේක වාසියක් ලබාගැනීමේ අරමුණ අතිව, පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරුවා ඉදිරියට දිවගියහොත්, එවන් අවස්ථාවකදී පන්දු යවන්නා විසින් පිතිකරුවා දවාගනු ලැබීම (මන්කාඩ් ක්‍රමය) තවදුරටත් “අසාධාරණ” ක්‍රියාවක් ලෙසින් නොසැලකේ. ඒ අනුව මෙම නීතිය, ක්‍රිකට් නීති පොතේ අසාධාරණ ක්‍රීඩාව හෙවත් 41 වන කොටසින් ඉවත් කර එය 38 වන නීතිය (දුවද්දී දැවීයාම) වෙත මාරු කර ඇත. 38 වන නීතියේ වචන එලෙසම පවතී.

41.3 නීතිය – ඛේට බාවිතය තහනම් කිරීම
කොරෝනා වයිරසයේ ආරම්භයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ වූ විට, පන්දුවට ඛේටය යෙදීමට තවදුරටත් අවසර නැති බව ක්‍රීඩා කොන්දේසි වලට ඇතුළත් කර තිබුණි. මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය විසින් සිදුකරන ලද පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ එමගින් පන්දු යවන්නන් ලබා ගන්නා දෝලනයට ඉන් සුළු හෝ බලපෑමක් සිදු නොවන බවයි. පන්දුව ඔප දැමීම සඳහා ක්‍රීඩකයින් දහඩිය භාවිතා කරමින් සිටි අතර මෙයද ඒ හා සමානව ඵලදායී විය.

නව නීති මගින් පන්දුවට ඛේටය (කෙල) භාවිතයට අවසර නොදෙන අතර, තද පැහැති ප්‍රදේශ ඔප දැමීම සඳහා සීනි සහිත රසකැවිලි අනුභව කර ඔවුන්ගේ ඛේටය යොදා ගනී. ඛේටය භාවිතා කිරීම පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමේ වෙනත් අසාධාරණ ක්‍රමවලට සමාන ලෙස සලකනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...