දූෂණයට එරෙහිව සටන් කිරීම ආරම්භ වන්නේ තමන්ගේ ස්වයංසිද්ධියන්ගෙනි

මනෝවිද්යාඥයින් පවසන ආකාරයට මිනිසා විසින් එදිනෙදා කරනු ලබන යම් යම් දේවල් වළින් ඔවුන්ගේ චරිතවල අභ්‍යන්තරයන් පෙන්නුම් කරනවා…

ඔබ හෝටලයක හෝ ආපන ශාලාවකට තේ හෝ කෝපි බීමට ගිය විට, ඔබ ගෙදර භාවිතා කරනවාට වඩා සීනි හෝ කිරි ඔබේ තේ කෝප්පයට දමාගන්නේ නම්… එයින් ඔබ වඩාත් දූෂණයට නැඹුරුතාවයක් දක්වන පුද්ගලයෙකු බව පෙන්නුම් කරනවා…

අවන්හලක හෝ පොදු ස්ථානයක තිබෙන ටිෂූ කඩදාසි, සබන් හෝ සුවඳ විලවුන්, ඔබ නිවසේ භාවිතා කරනවාට වඩා වැඩියෙන් භාවිතා කරන්නේ නම්… එයින් පෙනී යන්නේ ඔබට වංචා කිරීමට අවස්ථාවක් ලැබුණු වහාම ඔබ වංචාවක් කිරීමට පෙළඹෙන පුද්ගලයෙකු බවයි…

ඔබ සහභාගි වන මඟුල් ගෙදරක තිබෙන බුෆේ එකකදී ඔබට අනුභව කිරීමට හැකි ප්‍රමාණයට වඩා ආහාර ඔබ ඔබේ පිඟානයට බෙදා ගන්නේ නම්… ඔබ ඔබට ලැබෙන ඕනෑම අවස්ථාවක මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීමට පෙළඹෙන්නෙකු බව පෙන්වනවා…

යම්කිසි වැඩක් කරගැනීමට මිනිසුන් පෝලිම්වල සිටියදී, ඔබ ඔවුන්ව අභිබවා ගොස්, පෝලිම් පැන, දැන ඇඳුණුම්කම් මත ඔබගේ කාර්‍ය්‍ය ඔවුන්ට කළින් කරගන්නේ නම්… අන් අයගේ කර මතින් බලයට පැමිණීමට මහත් රුචියක් දක්වන මිනිසෙකු බව එයින් පෙන්නුම් කරනවා…

වීදියකින් හෝ යම් තැනකින් ඔබට හමුවන මුදල් හෝ වෙනත් දෙයක් ඔබට ලැබුණු ඔබේ අයිතියක් යැයි ඔබ සිතන්නේ නම්… ඔබ නොදැණුවත්වම ඔබ තුල සිටින සොරෙකුගෙ ලක්ෂණ ඔබෙන් පෙන්නුම් කරනවා…

ඔබ කෙනෙකු මුළින්ම හඳුනා ගැනීමේදී, ඔබ ඔහුගේ මුල් නම දැනගැනීමට වඩා ඔහුගේ වාසගම දැන ගැනීම ගැන වඩාත් උනන්දු වන්නේ නම්… එයින් ඔබ ජාතිවාදියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරන බවත් ඔබ කෙනෙකුට උදව්වක් කිරීමට පෙළඹෙන්නේ ඔවුන්ගේ තරාතිරම හෝ පැළැන්තිය අනුව බව එයින් කියවෙන අතර ඔබ මිනිසුන්ගේ තරාතිරම හා පැළැන්තිය ගැන සැලකිලිමත් වන අයෙක් වන අතර අදහස් අතින් පොහොසත් අය ඔබට අදාල නොවන බවද එයින් අදහස් කරනවා…
ඔබ රථවාහන නීතීරීති කඩ කරන්නේ නම් හෝ ඔබ මාර්ග සංඥා, ලයිට් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වන්නේ නම්… ඔබ අනුන් නිසා සිදුවන වැරදිම් වලින් පීඩාවට පත්වන අනික් මිනිසුන් ගැන තැකීමක් නොකරන්න තැනැත්තෙකි, ආත්මාර්ථකාමීයෙකි…

දූෂණයට එරෙහිව සටන් කිරීම ආරම්භ වන්නේ තමන්ගේ ස්වයංසිද්ධියන්ගෙනි… අපි කොතැනක සිටියත් කීර්තිමත් පුද්ගලයන් වීමට උත්සාහ කරමු… අවංකකම යනු ඔබ සහ ඔබ අතර කරන ගණුදෙණුවක් මිස මිනිසුන් ඉදිරියේ ඔබ කරන රඟපෑමක් පමණක් නොවන බව මතක තබා ගන්න…
දූෂණයට එරෙහිව සටන් කිරීම ආරම්භ වන්නේ ස්වයංසිද්ධියන්ගෙනි…

– ධම්මික සමරතුංග 

#DhammikaSamaratunga…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...