කීකරුව මිනිසුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන දුඹුරු හිම වලසා

ඔබ මේ දකින්නේ ප්‍රවීණ රුසියානු ඡායාරූප ශිල්පී ඔල්ගා බරන්ට්සෙවා(Olga Barantseva) විසින් එරට සිටින සැබෑ දුඹුරු වලසෙකු යොදාගෙන නිරූපණ තරුණියන් සහ ගැහැණු දරුවන් සමඟ ගන්නා ලද ඡායාරූප එකතුවකි. විශේෂයෙන්ම මෙම ඡායාරූප පෙළ ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන්නේ එරට මසුන් ඇල්ලීමට එරෙහිව සටන් කිරීමට සහ වලසුන් සහ මිනිසුන් අතර ස්වාභාවික සමගිය විදහා දැක්වීම පිණිසය.

මෙම ඡායාරූප සියල්ල රුසියාවේ මොස්කව් නගරය අසල හිම සහිත වනාන්තරයක රූගත කර ඇත. ස්ටෙපාන් (Stepan) නමින් හැදින්වෙන මෙම හිම වලසාගේ බර ටොන් එකහමාරක් පමණ වන අතර ඔහු කකුල් දෙකකින් සිට ගත්විට අඩි 7 කට වඩා වැඩි උසකින් යුක්තවෙයි.

මිනිසුන්ට කීකරුව මිනිසුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම හිම වලසා මනා පුහුණුවක් ලබා ඇත. ඔහුගේ පුහුණුකරු වන යූරි පැන්ටලෙන්කෝ (Yury Panteleenko) විසින් කුඩා වියේදීම මෙම සත්වයාව දඩයම් කරුවන්ගෙන් බේරාගෙන ඔහුව ඇති දැඩි කළේය. පුහුණුකරුට අනුව ස්ටෙපාන් නම් මෙම වලසා උපත ලබා ඇත්තේ මානව හිතකාමී සත්වයෙකු විලසය. මිනිසුන් සමඟ සහයෝගයෙන් ආදරයෙන් සිටීමට හොඳ පුහුණුවක් ලබා ඇති ස්ටෙපාන් මේ වනවිට රුසියානු චිත්‍රපට 20 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායකත්වය ලබාදී ඇත…

– ධම්මික සමරතුංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...