‘ජා ජා ඩිං’ යොවුන් සාහිත්‍යයේ යම්කිසි හැරවුමක් ඇති කරයි

කසුන් සමරතුංග ගේ ජා ජා ඩිං යොවුන් නව කතාව කියවලා අහවරක් කළා . මුලින්ම කසුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනෙ යොවුන් නවකතාවක් සඳහා මේ වාගෙ වස්තු විෂයක් තෝරා ගත්තට. ලංකාවේ බහුතරයක් යොවුන් නවකතා පාදක වෙන්නේ දුප්පත් අගහිඟකම් පිරුණු දරුවන්ගේ ජීවිත වටා . මේ බොහොමයක් යොවුන් නවකතා අවසාන වෙන්නේ දරුවන් අධ්‍යාපන ඉලක්ක ජය ගැනීමෙන්. මේ ගැටළු සාමාජික සංස්කෘතික ආර්ථික ගැටලු ලෙස හඳුනාගන්න පුළුවන් .

ලංකාවේ පළවෙනි වතාවට මම හිතන්නේ කසුන් සමරතුංග නවකතාවක් ඇතුලෙ මානසික ප්‍රශ්නයකට මුහුණ දෙන දරුවෙකුගේ ජීවිතේ ගැන කතා කරනවා . ඔය WHO (world health organization ) අර්ථ දැක්වීමට අනුව සෞඛ්‍යමත් දරුවෙක් කියන්නේ කායික, සාමාජීය හා මානසික යහපැවැත්ම තියෙන දරුවන් . ඉතිං ලංකාවේ යොවුන් නවකතා රචකයන් කායික හා සමාජීය යහපැවැත්ම බිඳුනු දරුවන් පිළිබඳව කතා කරනවා දකින්න ලැබෙනවා . මේ කසුන්ගෙ යොවුන් නවකතාවට වස්තු විෂය වෙන්නේ මානසික යහපැවැත්ම අහිමි හුදකලාවෙන් පෙළෙන , අනන්‍යතා අර්බුදයක ගොදුරක් වූ මේ හේතුකොටගෙන සාමාජීය ජීවිතය අහිමි වූ දරුවෙක් පිළිබඳව . ඔහු මේ හුදකලාවෙන් මිදෙන්න අභිරහස් මනෝ ලෝකයක් ගොඩනගා ගන්නවා . ඒ ලෝකේ ඔහුට මිතුරන් හා සාමාජීය ජීවිතයක් තියනවා . එපමනක් නොවෙයි ඒ ලෝකය තුළ ඔහු ආශාකරන ක්‍රීඩා ඇතුළු අංග තියෙන විනෝද ලෝකෙකුත් තියෙනවා . තත්‍ය ලෝකය ඔහු නොපිළිගන්න විට ඔහු ඔහුගේ මනෝ ලෝකය තුළට වැදිලා රිසිසේ කල්ගෙවනවා . අන්තිමේදී තත්ව ලෝකයේ හා අතත්‍ය මනෝ ලෝකය අතර ව්‍යහාරික ව තිබිය යුතු රේඛාව ඔහුගේ මනස තුළ දිය වෙලා යනවා. ඔහු පාසල් මිතුරන් සමඟ මේ මනෝ ලෝකය බෙදාගන්න උත්සාහ කරනවා. මෙයින් තත්වය වඩාත් නරක අතට හැරිලා මේ දරුවා පාසල තුළ තව තවත් උසුළු විසුළුවලට පත්වෙලා සමාජීය ජීවිතයක් පිළිබඳව අධෛර්යයට පත් වෙලා මුළු ගැන්වෙනවා . මේ පිළිබඳව සංවේදී වන දරුවෙක් අන්තිමේදී ඔහුගේ මිතුරෙක් බවට පත් වෙනවා .

ලංකාව වගේ රටක මනෝ මනෝව්‍යාධීන් ගණන් ගත යුතු දේවල් ලෙස සලකනු ලබන්නේ නෑ . එක්කෝ ඔවුන්ව නොතකා හැරෙනවා නැත්නම් උසුළු විසුළු වලට ලක්වෙනවා . කසුන්ගෙ පොත කියවන දරුවෙක් මට හිතෙන්නේ මෙවැනි තත්වයකට මූණදුන්න දරුවෙක්ව මගේ හැරයන්නේ නෑ කියලා . ඔහුට සමීප වෙලා ඔහුට උදව් කරනවා කියලා . ඒකෙන් කොහොමත් එක පැත්තකින් අවැඩක් වෙන්නෙ නෑ. මොකද හුදකලා දරුවන් පෙන්වන ආදරය මිත්‍රත්වය අසීමිත නිසා .

යොවුන් සාහිත්‍යයට කසුන් විවෘත කරන මේ අලුත් ජනේලය නිසා මේ සාහිත්‍ය අංගය තවදුරටත් පළල් වෙනවා කියලා මට හිතෙනවා . ඒක නිසාම මේ කෘතිය යොවුන් සාහිත්‍යයේ යම්කිසි හැරවුමක් ඇති කරයි කියලා බලාපොරොත්තු වෙනවා .
මුලින්ම මේ පොත බැලුවෙ අපේ අම්මා . ඇය ඒක ඉක්මනින්ම අවසාන කලා . මේ දවස්වල කියවීමට තද කම්මැලිකමක් දක්වන මගෙ ඇඳ උඩ මේ පොත දවස් දෙක තුනක් තිබුණා . පොත කියවද්දි මට මේ දේවල් හැඟුනා .

1. එකක් තමයි ධාවනය වෙන වේගය පිළිබඳව . මොකද ළමයි එච්චර වචන අතර තාවර වෙන්න කැමති නෑ . ඔවුන් යම්කිසි මැජික් ගතියක් බලාපොරොත්තු වෙනවා . කසුන්ට ඕනනං ජා ජාඩිං ගේ ලෝකය පිළිබඳ ෆැන්ටසිය තවත් විචිත්‍රව ඉදිරිපත් කරන්න තිබුණා . යොවුන් නවකතාකරණයේ දී කතාව යථාර්ථවාදී විය යුතුයි කියන කසුන්ගෙ නිගමනය සමඟ මම එකඟ නෑ . උදාහරණයකට ඉකිරියා පිළිබඳ ප්‍රශ්නයේදි ගුරුවරයාගේ පැහැදිලි කිරීම අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ . අවුරුදු නවය දහයෙ විට ළමයින්ට හරියට වීරයෝ ඕනේ වෙනවා. ත්‍රාසය භීතිය අද්භූත ගතිය යම් ප්‍රමාණයකට මිශ්‍ර වීම වරදක් කියලා මම හිතන්නේ නෑ . උපදේශාත්මක වීම හා දැනුම්වත් කිරීම කියන උගුලෙන් ප්‍රබන්ධකරණයේ දී මිදෙන්න ඕන කියලා මම හිතන්නේ .මොකද උන් අපිට වැඩිය පැහිලා ඉන්නේ .

ජයන්ත කහටපිටිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...