2022 වර්ෂයේ බුකර් ත්‍යාගය ශ්‍රී ලාංකේය නවකතාකරුවකුට

අද පාන්දර එනම්, 2022 ඔක්තොම්බර් මස 18 වැනි දින ශ්‍රී ලාංකාවේ වේලාවෙන් පෙ.ව 1.45 පමණ එංගලන්තයේ ලංඩන් නුවර Roundhouse ශැලාවේ දී ශ්‍රී ලාංකේය නවකතාකරු ෂෙහාන් කරුණාතිලක විසින් රචිත The Seven Moon of Maali Almeida ~ 2022 නැමති මාහැඟි නවකතාව 2022 වසරේ බුකර් ත්‍යාගයෙන් ( The Booker Prize ~ 2022 ) පිදුම් ලැබීය. මෙම ත්‍යාගය සමගින් ඔහු වෙත පිරිනැමෙන මුදල බ්‍රිතාන්‍ය පවුම් £ 50.000 ( ඩොලර් $ 56.000 ) පමණ වේ.

මෙය නූතන ශ්‍රී ලාංකේය ඉංශ්‍රීසි සාහිත්‍යය ( Sri Lankan English Literature ) අරබයා එතෙක් මෙතෙක් සිදුවූ ඉතා වැදගත්ම ජාත්‍යන්තර අවධානය වන්නේ ය . එපමණක්ද නොව 1992 දී ශ්‍රී ලාංකේය – කැනේඩියානු සම්භවයක් සහිත නවකතාකරු මයිකල් ඔන්ඩච්චිගෙන් ( Michal Ondaatje / The English Patient ~ 1992 ) ඉක්බිතිව මෙම ත්‍යාගය දිනාගන්නා ලද දෙවැන්නා වීමේ හා පළමු ශ්‍රී ලාංකේය නමක් සහිත පුද්ගලයා වීමේ ගෞරවය ෂෙහාන් කරුණාලකට හිමිවන්නේ ය.
මෙය ශ්‍රී ලාංකේය නූතන නවකතාව ලෝකයේ විවිධ ප්‍රකාශකයන්ගේ මාර්ගයෙන් ජාත්‍යන්තරයට යායුතුය යන්න මවිසින් එදා මෙදාතුර මතුකර කාරණාවට කදීම පිළිතුරක් ද වන්නේ ය.

ඔහු අභිමානයෙන් මෙසේ කීය …
ශ්‍රී ලාංකේය බුකර් ත්‍යාගලාභී ලේඛක ෂෙහාන් කරුණාතිලක මහතා බුකර් ත්‍යාගය ( The Booker Prize ~ 2022 ) හිමිකර ගනිමින් මෙසේ කීය.
“මා මේ නවකතාව ( The Sven Moons of Maali Almeida ~ 2022 ) රචනා කරන ලද්දේ මගේ රට අරාජික වී තිබෙන අවස්ථාවක. එහෙයින් මෙම ත්‍යාගය හිමිවීම මුළු හදවතින්ම සතුටු වීමට කාරණාවක් වන්නේ ය.

අපි ඔහුට මුලු හදවතින්ම සුබ පතමු

එහි ජාත්‍යන්තර සටහන ඔබගේ දැනකියා දැනීම පිණිස මෙසේ පළ කරමි.

Sri Lankan author Shehan Karunatilaka wins 2022 Booker Prize
By Daniel Leal
Sri Lankan author Shehan Karunatilaka holds his book The Seven Moons of Maali Almeida at the Shaw Theatre in London on Oct. 14. On Monday, his novel won the 2022 Booker Prize.
The 2022 Booker Prize was given to The Seven Moons of Maali Almeida, written by Sri Lanka’s Shehan Karunatilaka. The annual award, which was given Monday evening in London, is for a work of fiction written in English and published in the U.K. and Ireland.
The panel of judges hailed Karunatilaka’s novel as “a searing, mordantly funny satire set amid the murderous mayhem of a Sri Lanka beset by civil war.”
Karunatilaka is one of Sri Lanka’s foremost authors; his first novel, 2011’s Chinaman, was quickly marked as the arrival of a significant literary force. His work has also been published in Rolling Stone, GQ and National Geographic.
The five other shortlisted nominees for the 2022 Booker Prize were Glory, by NoViolet Bulawayo of Zimbabwe; The Trees, by American novelist Percival Everett; Treacle Walker, by English novelist Alan Garner; Small Things Like These, by Irish author Claire Keegan; and Oh William!, by American novelist Elizabeth Strout.
The Booker Prize includes a £50,000 (over $56,000) award to the winner, as well as £2,500 (about $2800) awarded to each of the six shortlisted authors.
The organization also gives a sep⁹arate honor, called the International Booker Prize, to a work of fiction translated into English. The 2022 award was made in June to the novel Tomb of Sand by the Indian novelist Geetanjali Shree, which was translated into English by Daisy Rockwell.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

The Booker Prize ~ 2022

නවකතාකරුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...