“මිනිසුන්ගේ හිතේ හැංගුණ, නොකියවුණ හැඟීම් කවියක් !”

‘මෙව්වා සිරා සිද්ධි දොරේ’ යනු අසේල ලක්ශාන්ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි. එය එළි දැක්වීම නිමිති කරගෙන අප ඔහු සමඟ කළ සංක්‍ෂිප්ත සංවාදය මතු දැක්වෙයි.

අපි ‘මෙව්වා සිරා සිද්ධි දොරේ’ ළඟින් ම කතාව පටන් ගමු. මොකද්ද මේ, මොනාද මේ සිරා සිද්ධි දොරේ?

ඇත්තටම ‘මෙව්වා සිරා සිද්ධි දොරේ’ කියන්නේ මගේ පළවෙනි කවි පොතේ නම. ඒකට ඒ නම යොදන්න හේතු වුණේ මේ සමාජයේ මම දැකලා, අහලා, විඳලා තියෙන සිදුවීම් මූලික කරගෙන පොතේ ඇතුළේ තියෙන නිර්මාණ බිහිකිරීම.

කවිය ඔබට දැනෙන්නෙ කොහොමද සහ ඔබ කවිය දකින්නෙ කොහොමද?

මිනිසුන්ගේ හිතේ හැංගුණ, නොකියවුණ හැඟීම් කවියක්. ඒ වගේම මම කවිය දකින්නේ මිනිස්සුන්ගේ හිතට සතුට, දුක කැන්දන්න පුලුවන් තාලයක් තියන පද පේළියක් විදියට.

විශ්වවිද්‍යාලයේ තෙවන වසර ශිෂ්‍යයෙක් වෙලා ඉද්දිම ඔබ මේ පොත එළියට දානව. මේක තමයි පොතකට යන්න වෙලාව කියන සංඥාව ඔබට ලැබුණෙ කොහොමද?

පළමු වසරේ ඉඳල ම මම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළෙ කවියෙක් වුණා. ඒක වුණේ මං තුළ හැංගුණ නිර්මාණ කුසලතාව විශ්වවිද්‍යාලය ඇතුළෙදි එළියට දාන්න මට පුලුවන් වුණ නිසා. ඉතින් මම හිතුවා මට පොතකට යන්න පුලුවන් කියලා.

සමස්තයක් විදියට විශ්වවිද්‍යාල ඇතුළෙ මේ මොහොතෙ සිද්ධ වෙන කලා, සාහිත්‍ය, ශාස්ත්‍රීය සංවාද ගැන ඔබේ තක්සේරුව මොකක්ද?

අකර්මණ්‍ය රටක් ඇතුළේ වුණත් මං ජීවත් වෙන විශ්වවිද්‍යාල වටපිටාව තුළ ඉහළ ගනයේ සාහිත්‍ය, කලා, ශාස්ත්‍රීය සංවාද බොහෝමයක් සිද්ධ වෙනවා. ඒකට හොදම නිදසුන දැනට දවස් කීපයකට උඩදි ඉවර වුණ පේරාදෙණියේ කලා උළෙල.

කවිය ඇතුළෙ ඔබට පරමාදර්ශ ඉන්නවද?

ඇත්තට ම ඔව් ! මහගමසේකරයන්, කුමාරතුංග මුනිදාසයන් කවිය ඇතුළේ මට වීරයෝ.

ලියන කියවන ඔබේ පරම්පරාව ගැන ඔබට මොකද හිතෙන්නෙ?

මං එක්ක ඉස්සරහට යන මගේ පරම්පරාවේ නිර්මාණකරුවන්ට මම මුලින් ම සුබ පතනවා, සාහිත්‍යය ලෝකය ඇතුළේ මහා වෘක්ෂයක් වෙලා වැඩෙන්න. ඔවුන් සියලු දෙනාම ඉහළ ගනයේ නිර්මාණවල අනාගත අයිතිකාරයෝ.

පොත එළිදැක්වෙන උත්සවයක් තිබුණ. ඒ වැඩේ වුණු විදියත්, දැන් ඔබේ පොත සහෘදයන්ට ලබා ගන්න පුළුවන් විදියත් ගැන කියල අපි දැනට මේ සංවාදය මෙතැනින් නතර කරමු?

අවුරුදු දෙක තුනක් පුරාවට දැකපු හීනයක් පහුගිය සැප්තැම්බර් මාසේ දහ නවවෙනිදා හැබෑ වුණා. විශ්වවිද්‍යාලයේ ඇතුළෙ මේ වැඩේ කරන එකත් මගේ එක බලාපොරොත්තුක් වුණා. ඉතිං ඒ බලාපොරොත්තු දෙක ම මම හිතුවටත් වඩා හොදට ඉෂ්ට වුණා. ඒකට මට මුළු පේරාදෙණිය විශ්වවිද්‍යාලය ම උදව් කළා. විශේෂයෙන් ම මගේ වසර කණ්ඩායම. දැනට පොත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආපන ශාලාවෙන් ගන්න පුලුවන්. නැත්තම් අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් තැපැල් මාර්ගයෙන් පොත එවන්නත් පුලුවන්.

සංවාදය – කසුන් සමරතුංග

2 COMMENTS

  1. ♥️ කියවන්න ඕන ම පොතක්.. ඇත්තටම
    “මේවා සිරා සිද්ධි දොරේ..”♥️

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...