තේරුමක් ඇති ආඩම්බරයක් කරා…

ෂෙහාන්ගේ බූකර් ජයග්‍රහණයත් සමඟම තවත් බොහෝ දේවල් මේ සමාජය පිළිබඳව තේරුම් ගන්නා අපිට ඉතුරු කරනවා. ඒවත් අපි කතාරමින් යමු.අවාසනාවට ඒ බොහෝ දේවල් එතරම් මිහිරි ඒවා නෙමෙයි.එක වැදගත් ප්‍රශ්නයක් නම්, බූකර් ජයග්‍රහණයයි ශ්‍රී ලංකාවේ සමාජයයි අතර තියෙන්නේ කවර සම්බන්ධයක්ද කියන එක. ඒක මේ සමාජයේ ජයග්‍රහණයක් ද නැතහොත් ශෙහාන්ගේ හුදකලා උත්සාහයක ප්‍රතිඵලයක්ද? වෙනත් විදියකට කියනවා නම් ලේඛකයාගේ නම සහ අහඹු උපත ට වඩා එහා ගිය ශ්‍රී ලාංකික සම්බන්ධතාවයක් තියෙනවා ද?

මෙවැනි විශේෂ හැකියාවකින් දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් යම් යග්‍රහණයක් ලැබූ බොහෝ ශ්‍රී ලාංකික අයගේ කතාව පිට පස්සේ නම් තියෙන්නේ මූලික වශයෙන් ඒවා හුදකලා අරගලවල ප්‍රතිඵලයක් කියන එකයි. බොහෝ අය ජයග්‍රහණයෙන් පසු ඒ අමිහිරි කතාව මතක් කරන්න අකමැති වන්නේ එවිට සමාජයේ සහයෝගය නොලැබෙන්නට ඉඩ තියෙන නිසායි. ඒ වෙනුවට ඔවුන් තම ජයග්‍රහණයේ දී තමන්ගේ සම්භවය සිදුවුන ගමට, රටට හෝ පාසලට, ජයග්‍රහණයෙන් තමන් ගැන ආඩම්බර වෙන එවුන් ඉන්න තැනට, සම්බන්ධ කරලා ඔවුන්ගේ වීරයා වෙන්න කැමතියි.

ඉතාම සුළු පිරිසක් හැර, පොදුවේ ගත්තම සාමාන්‍ය ශ්‍රී ලාංකික සමාජය යනු එයින් මතුවෙන සුවිශේෂ හැකියාව ඇති උන් තේරුම් අරගෙන ඔවුන්ට එහි උපරිමයට යන්නට සහයෝගය දෙන සමාජයක් නොවන බව මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. එහෙම සහයෝගය දෙන සමාජයක් වුනානම් අද මේ රට මෙතන තියෙන්නෙත් නැහැ. ඒ මතු වුණු බොහෝ අයගේ අරගලය පිටපස තිබුණ කටුක අත්දැකීම් දුෂ්කරතා මොනවාද කියා හොයා බැලුවොත් ඔබට පෙනේවි, ඒවා එම සමාජයේම පුද්ගලයින් සහ ආයතන ආදියෙන් තිබුණු, කටකතාවල සිට සමාජ සහ ආයතනික අසාධාරණ දක්වා බාධා සහ හිරිහැර බව.
මේ තත්ත්වය වඩාත් දරුණු ව පවතින්නේ අවස්ථාවන් සහ වරප්‍රසාද ඉතාම අසාධාරණව බෙදිලා ගිය සහ ඒවා සුලබව ලබා ගන්නට නැති ඒ වෙනුවෙන් කෲර තරඟයක් කිරිමට සලස්වා ඇති පුළුල් වෙලඳපොලවල් වලට සහ ජාත්‍යන්තර සම්බන්ධතා වලට ද අඩුවෙන්ම විවෘතව ඇති දූපත්වාදී මානසිකත්වයන් ගොඩනැඟුණු ප්‍රජාවන් තුළයි. එහෙම නොවන්නා වූ සුළු පිරිසක් සහ සමහර පන්තීන් ප්‍රජාවන් ද සිටින අතර මෙම පසුගාමී ආකල්ප වලට එරෙහිව ක්‍රියාත්මක වීමට ධෛර්ය ඇත්තේ එවන්නන්ට පමණයි. අනිත් අය මේ වගේ සටහනකින් පවා අපහසුතාවයට පත් වීමට ඉඩ තියෙනවා.

මේ සමාජයට කවදාවත් දක්ශයින්ගේ අඩුවක් තිබුණෙ නැහැ. අඩුව තිබුණේ ඒ දක්ෂයන්ට මතුවන්නට ඔවුන්ව හදුන ගන්නට නොහැකි සමාජයේත් ඔවුන්ගෙන් වැඩ ගන්නට ව්‍යාපෘතියක් නැති යාන්ත්‍රණයේත් පමණයි.

ධනංජය කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...