චාමික හත්ලහවත්තගේ ‘රජා මං වහලා’ නාට්‍යයේ එන දෙබස් ඇසුරින්, කළ කෙටි විමසුමකි, මේ.
“වහලා ජනතාව අතර වීරයෙක් වෙලා කැත වහලා දැම්මා”
ඉස්සර අපි අහපු කථාවල ඉන්න රජවරු (තාමත් එහෙමයි) තමන්ට අභියෝගයක් වුණ මිනිසුන්ව එක්කො මැරුවා. නැත්නම් මහජනයා ඉදිරියේ අපහාසයට ලක්කරලා ඔවුන්ගේ ගැරහුම් සමගින් රටින් පිටුවහල් කළා. නැත්නම් දඩුවම් දුන්නා. තමාගේ කුලයට වඩා පහත් ඒ් කිව්වෙ වහල් කුලේ අවලස්සන පුරුෂයෙක් තමන්ට අභියෝගයක් වුණා ම, එක්තරා රජෙක් කරන්නෙ ඔහුට කරන්න අමාරු ම කටයුතු පවරන ඒකයි. හරියට රුසියානු සුරංගනා කථාවක් වගේ. අර වහලා අමාරුවෙන් හෝ රජු කියපු වැඩ කළයි කියමුකෝ. ඒ්ත් රජු පිළිගන්නෑ ඒ්බව. ඔහු තවත් වරදක් පටවනවා. අන්තිමේ කායික බලයෙන් සපිරි මේ වහලා තමන්ට බලෙන් බන්දලා දෙන්න හදපු කුමාරිටත් පයින් ගහලා රජතුමාවත් නෙරපලා තමන්ගෙ නිදහස හොයන් යනවා. වහලා රජ වෙනවා. රජා වහලාට පහපු මං වහලා කඩා දමනවා.
“යුද්ධය ගැහැනු වැඩක්”
ඒ්කයි ගැමුණු කුමාරයා පිය රජතුමාට ස්ත්‍රී වස්ත්‍ර යැව්ව ම ඔහු ඒ්වා ඈදගන්නෙ. ඒ්කයි ගැමුණුට රජත්‍රමා කියා දෙන අලුත් ම න්‍යය. ඒ්ක මහාවංශෙය්වත් තිබුණු දෙයක් නෙමෙයි. කාවන්තිස්ස පුතාට කියනවා යුද්ධ කරන්න ඕනෙ බුද්ධිමත් කාන්තාවක් වැඩ කරන විදියට කියලා. ගැමුණු එළාරව පරාද කරලා රට නිදහස් කරගනිද්දි කාවන්තිස්ස මැරිලා. ගැමුණු ඉදිරියට එනවා අාත්මයක් විදියට අර කාන්තා වස්ත්‍ර අැදන්. ඔහු දික් කළ පිහියට තමන්ගෙ අත කැපෙද්දි කුමාරයා යුද්ධෙන් වුණ බරපතල මානුෂික සංහාරය අවබෝධ කරගන්නවා. ඒ් දුක මකාගන්නයි ධර්මාශෝක රජතුමා වගේ මෙයත් හෝ ගාලා පන්සල් හදන්න පටන් ගන්නෙ. දුටුගැමුණු යුද්ධ කරන්නෙ අාදරයේ වේදනාව වහගන්න. තමන් ආදරය කරපු යුවතිය තමාට පෙම් නොකරන නිසා අැයට රිදවන්නයි කළු එතනා ඒක්ක ඔහු ප්‍රේමයෙන් වෙලෙන්නේ. අපි හැමෝම දැනන් උන්නු ඉතිහාස කථාව වෙනත් විදියකට විවෘත මනසකින් කියවන්න මෙන්න අවස්ථාව! ගැමුණු කුමරු වීරයෙක් ද නැද්ද කියලා අායිමත් හිතන්න ගනීවී ඔබ.
“එයාව මරා දැම්මට මං දුක්වෙන්නෙ නෑ”
වඳුරු මුහුණක් පෑ නිසා පිරිමි ළමයෙක්ට යොවුන් පෙම අහිමි වෙද? ප්‍රේමයක් හිමි නොවීමේ වේදනාවෙන් තමා ආදරය කළ ගැහැනු ළමයාට කිහිපවරක් පිහියෙන් අැණ අැයව ඝාතනය කළ තරුණයෙකුගේ ඉරණම කෙසේ විය යුත්තේදැයි ඔබ සිතන්නේද? දැරිය මිය ගොසිනි. වරදකරුවා බන්ධනාගාරයේ ය. ප්‍රේමයේ බිද වැටීමෙන් කම්පිතව උසස් පෙළ විභාගයට නොලියන ඔහු බන්ධනාගාරයේ සිටියදී පාඩම් කර විභාගය සමත්ව විශ්වවිද්‍යාල වරම් හිමි කරගනී. පවත්නා රජය විසින් ඔහුට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම අහෝසි කරයි.
“සාධු නාදෙන් ගිගුම් දෙන්නම්”
-රාජ්‍ය විචාලන රජවරු ඇමතිවරු සියලු අවනීති සිදුකරමින් ඒ් අතර ජනතා ප්‍රසාදය දිනාගැනීමත්, ඒ්වා ආගමික උන්මාද නම් සලුවෙන් වසා මහජනයා මුවා කිරීමත්, ඒ්වාට හසුව රැල්ලට සාධු කියනා මුග්ධ ජනතාවත් මේ නාට්‍යයේ කිහිප තැනක උපහාසයට ලක්කරනවා.
තවදුරටත්,
බැරල් වලට තඩිබාන සද්දෙන් මතු කරන ඝෝෂාව අවනීතියේ බොල් හඩ පරයා විප්ලවීය හැගුම් වඩවයි. නාට්‍යයට භාවිත කරන සියලු භාණ්ඩවල අවශ්‍යතාව බැරල් සහ රෙදි පොදි මගින් ඉටු වේ. අවැසි තැන්වල සජීවී සත්ත්ව රූප (අශ්වයා) නළු නිළුයන් කිහිප දෙනෙකු ඒක්වීමෙන් සපිරෙයි. සමස්ත නාට්‍ය පුරා නළු නිළුයන් වේදිකාවේ රැදී සිටින අතර ඉන් ඉවත් නොවේ. විවේක ගැනීම්, වෙහෙස නිවාගැනීම් සදහා නේපත්‍යාගාරයට නොයන රංගධරයෝ ප්‍රේක්ෂකයා අභිමුවට අවුත් ඔවුන්ට පෙනෙන ලෙස සාමාන්‍ය මිනිසුන් පරිද්දෙන් ඒ්වා සිදු කරති. ඒ්නිසා නළුවන් හා ප්‍රේක්ෂකයන් අතර පරතරය සුළු වේ.එකෝමත් ඒක රටක කතා අසන දරුවන් මෙන් නාට්‍ය අවසානය දක්වා කතාකීමේ හැකියාවෙන් නළුනිළියෝ අප අැද බැද තබා ගනිති.
නාට්‍ය කලාවේ හර පක්ෂය උදෙසා අවැසි මෙවන් නාට්‍යය ම ය. ඒ් වෙනුවෙන් හත්ලහවත්තයනට තවත් දිරි ලැබේවා!
ඩිල්ශානි චතුරිකා දාබරේ