බ්‍රිතාන්‍යයේ නායකත්වයට පත්වන පළමු හින්දු, තලෙළු වර්ණ පුද්ගලයා රිෂි සුනක්

ඉන්දියානු සම්භවයක් ඇති රිෂි සුනක් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ප්‍රථම හින්දු සහ තලෙළු වර්ණ පුද්ගලයා බවට පත්වෙනවා.

වයස අවුරුදු 42 ක් වූ ඔහු වසර 200 කට වඩා වැඩි කාලයක් තුල එම තනතුරට පත් වූ ලාබාලතම පුද්ගලයා ද වෙනවා.
සුනක් ප්‍රථමයෙන් 2015 දී මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ අතර වසර දෙකක් පසුපෙළේ ගත කළ අතර එම කාලය තුළ බ්‍රෙක්සිට් දේශපාලන න්‍යාය පත්‍රයේ ආධිපත්‍යය දැරුවා. සුනක් 2016 එක්සත් රාජධානියේ පැවති ජනමත විචාරණයේදී යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සිය සහාය ලබා දුන්නා.

පසුව ඔහු තෙරේසා මේ ගේ ආණ්ඩුවේ කනිෂ්ඨ ඇමතිවරයෙකු බවට පත් කරණු ලැබුවා . 2019 දී පළමු වරට රජයේ ප්‍රධාන භූමිකාවක් සුනක් හට ලබා දුන්නේ බොරිස් ජොන්සන් අගමැතිවරයා විසින්. එහිදී ඔහු භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසත් 2020 දී චාන්සලර්වරයා ලෙසත් පත් කෙරුණා.

වසංගත සමයේ මුල් සතිවලදී සුනක් ජනප්‍රියත්වය දිනා ගත්තේ ලොක්ඩවුන් කාලසීමාව තුල වැඩ කිරීමට නොහැකි වූවන් සඳහා පුළුල් ආධාර සැලැස්මක් එළිදැක්වූ විටයි.
මූලාශ්‍රය : CNN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...