අපහසුකම් දුරැලෙන්නේ සෞන්දර්ය ගතිකත්වයෙනි. සාරිය අපහසු ඇදුමකැයි කියා රැල්ලක් ඇති උවද ව්‍යවහාරිකව සාරිය තරම් ඉන්දියානුවන් කලාත්මක වස්තුවක් කල වෙනත් වස්තුවක් නැති තරම්ය. එක පැත්තකින් සාරිය යනු ඇදුමකට වඩා වැඩි දෙයකි. එය කලාවකි. දිග හැරිය විට පෙනෙන සාරිය ඇගලූ පසු මුලුමනින්ම වෙනස් ය. සාරි මෝස්තර සැලසුම් කෙරෙන්නේ ඇගලූ පසු පෙනෙන පෙනුම ගැන පුරෝකතනය කොට ය. ඇගලූ සාරිය සිරස්-තිරස්-ඇල විවිධ කෝණ මත පිහිටයි. එය වර්ණ පදාස වල අනුපාතික සුසංගමයකටද යටත්. නෙදර්ලන්ත ජාතික පියෙට් මොන්ඩ්රියාන්ට පෙර චිත්‍ර කලාවේ අනුපාතික ජ්‍යාමිතික සෞන්දර්ය විෂද කලේ මේ සාරිය මගින් ඉන්දියානුවන් ය. “තමන්ට කැමති ඇදුමක්” යන යෝජනාව හොදය. නමුත් “පහසු ඇදුමක්” යන්න ෆැන්ටසියකි. ඒ අනුව සාරියට කෙලවන්නට සිතීම ද ප්‍රජාතන්ත්‍ර විරෝධීය.
සුජිත් රත්නායක