බොහෝ වැඩ අතරතුර කියවා නිම කරන ලද දැවැන්ත කෘතියකි…
එහි දැවැන්ත බව ප්‍රමාණයෙන් නොවේ.. එහි අන්තර්ගතය මා හිස තුළ ඇති කළ පෙරැලියයි…
මා භෞතිකවාදියෙක් නොවෙමි.. මාගේ පැවැත්මේ හුදු අර්ථයම අධ්‍යාත්මය හා බැඳුනකි.. ආධ්‍යාත්මික විමුක්තිය ආත්මාර්ථයක් යැයි කීම නිවැරදි වන්නට පුළුවන..”බුදු වන්නේ තනිවමය..”සියළු අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයන් භෞතික අභෞතික සියළු දේ කෙරෙහි සසඳා බෑලූ කළ එම පරම සත්‍ය වැටහෙනු ඇත.. එම සත්‍ය සියළු ලෝක සත්ත්වයා කෙරෙහිම පවතින ධර්මතාවයයි.
එසේ වූ පමණින් මානව සමාජයක පොදු විමුක්තිය හා ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම, පෙනී සිටීම මට බැහැර කළ නොහැකිය.. මැවීම්කාර දෙවියන් විශ්වාස නොකරන මට මනුශ්‍ය ප්‍රාණියෙකු වූ “ජේසුස් කිස්තුස්” විශ්වාස කළ හැකිය..
විමුක්ති ක්‍රිස්තියානිය ගැන මෙලෝ අලයක් කියවා නැති මා ඒ ගැන කතා නොකරමි.. එහෙත්, පීඩිත සමාජයක විමුක්තිය වෙනුවෙන් ප්‍රාණ පරිත්‍යාගී වූ ඒ “ජේසුස් “ට ආදරය කිරීමට මට ආගමක් අවශ්‍ය නැත..
පොත පුරා ගලා යන ලාංකීය දශක කීපයක තිත්ත වූත්, ඇත්ත වූත් ඉතිහාසය තුළ වර නැගෙන දේශපානික, ආගමික හා පාරිසරික පරිණාමය ගැන වෙනම සිතිය යුතුය. මුන්නක්කරය, මෝඩ “හැමිල්ටන්” ඇළ, මීගමුව හුදු ස්ථාන පමණක් නොවන ඓතිහාසික සංසිද්ධි මෙන්ම වර්ථමාන සිද්ධි ගළපා ගත යුතුය.. ඉතිහාසය විකෘති වීම හෝ කිරීම පීඩකයාගේ බළපෑම බව පෙන්වා දෙන කතුවරයා, එය නිවැරදි කරනු වස් යත්න දරයි..
“පාවහනෙක බැඳුණු දූවිල්ල ගසා දමන සේ බැහැර කර දමනා පීඩිතයන්ගේ ඉතිහාසය ලියා තැබිය යුතුය, ඉතිහාසය ලෙස හැම විටම අධිනිශ්චය වන්නේ පීඩකයාගේ දැනුවත් ප්‍රවේශයයි. එබැවින් පීඩිතයන්ගේ මානයෙන් දිග හැරෙන ඉතිහාසය බරපතළ වන්නේ වෙයි. මට අත්පත්වන ඉරණම කවරාකාර වේදැයි නොතකා එය ලියා තැබිය යුතු යැයි සිත අණවයි..” ” ( page-595).
පොත කියවා යද්දී, පීඩකයන් අතින් ආගමීකරණය වූ ජේසුස් වහන්සේගේ, පීඩිතයන් උදෙසා වූ දේශපාලන ව්‍යාපාරය ගැන වර නැගෙන ආකාරයටම දේශපාලනීකරණය වූ බුදුන් වහන්සේගේ දර්ශනය මෙනෙහි කරනු ඇත..
සියල්ලටම වඩා සංවේදීයව මතු කෙරෙන කාරණය නම්, දේශපාලනීකරණය හා ආගමීකරණය වූ පරිසරය පිළිබඳ ශෝකාන්තයයි.. එය ගහක් ගලක් ගානේ පිළිම සාදමින් යන කුමන හෝ ආගමක, ජාතියක ශ්‍රද්ධාවන්තයින් වුව, සොබා දහම ඉක්මවා යන මේ ක්‍රියාන්විතය පිළිබඳ සිහියෙන් සිතා බැලිය යුතුයැයි හැඟෙයි.
එසේම..මීගමු කළපුවේ කඩොලාන අමාරුවෙන් හුස්ම අදිමින් නමුත්, තාමත්, හුස්ම දෙමින් ගතව යන කාලයකි මේ.. එය තව කොතරම් කාලයකටද යන්න දන්නේ උඩ ඉන්න දෙවියන් නොව, දේශපාලන අධිකාරිය යි..
සොබා දහම නම් සියළු දේය.. අනිකුත් අධ්‍යාත්මික දර්ශයන්, විමුක්ති දර්ශනයන් සියල්ල පසෙකින් තබා සොබා දහම “ආගමක්” කරගනු රිසියැයි සිතමි.
එවිට පණපුදා, රකින්නේ, දිවිතුරා රකින්නේ සොබා දහම වනු ඇති. ආගමක් වූ සොබා දහම පතුරුවණු ඇති. සොබා දහමේ ප්‍රාතිහාර්‍ය සියලු ආගම, ජාතිය භාෂාව ලෙස වෙන් නොවූ මානව සමාජයට වනු ඇති, සියළු සත්වයන්ට වනු ඇතියි සිතමි.
කතානායක ජෙහුදාල් දිවැසි තෙමේ මෙසේ කියයි.
“ප්‍රාතිහාර්‍යන් තේරුම් ගන්න සොබාවධර්මය තේරුම් අරන් ඉන්න ඕනි.. ප්‍රාතිහාර්‍ය ඉන්ද්‍රජාල වෙන්නේ හුළඟක්වත් විඳින්න දන්නැති එවුන්ට (page -624)
මෙවන් බරපතළ නවකතාවක් යනු කතුවරයාගේ අධ්‍යනයයි.. අත්දැකීමයි..කැපවීම හා ප්‍රකාශනයේ දක්ෂ මෙන්ම නිර්භයතාවයයි. එයට බෙහෙවින්ම ස්තූතියි ..
රුවිනි එම්. මනම්පේරි