සීත මීදුම මැදින්
දැන් අලුත් ඉර පායන්නෙ නැති හින්දා ම
කාලය ද මේ හැරවුම් ගමනකට?
ඉවර නොමවෙයි මැදියම් වුව
හිමිදිරි හීනකඳු සැරුම
එනවා ද, මම පිටත් වෙන තීර්ථෙ ට..?
තීරණය නුඹ ට දෙමි
නොසරලය මේ ගමන
බිඳ වැටී ප්‍රේමයේ මන මැදුර
මීවිතේ ගිලී ජීවිතේ එන විට අඳුර
මතකයි තුං මං හන්දියෙන්
අබිලිං අබිනික්මන් කළ අරුණ
එදත් බොල් පිණි සීත තිබුණා මෙ’ පරිදිම
නපුරු කල දුක් පැමිණි
පියස් සිදුරින් වැහි දිය වැටිණි
ජිනදාසටත් වෙළෙඳාම් පිණිස
සිංහලේ යන්නට යෙදිණි…
ඒ කතා කූටයෙහි මතක ගැන නොකියමි
පෙර මගට ආවොත් මට මහත් සවියකි
කමක් නෑ එක්කෝ, එය නුඹේ රිසියකි
එලාම ය හැඬුවෙන් මාවතට පිවිසෙමි
නොම පහන් රැය වෙතට මුහුවෙමි!
විකුම් ජිතෙන්ද්‍ර