ඉන්දියාවේ Shubman Gill එක්දින පිටියේ ද්විත්ව ශතකයක් වාර්තාකළ ලාබාලතමයා වෙයි

නවසීලන්තයට එරෙහිව ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු Shubman Gill ජාත්‍යන්තර එක්දින පිටියේ සිය මංගල ද්විත්ව ශතකය රැස්කිරීමට අද (18) දිනයේ සමත් විය.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු තරගයේ අද (18) Shubman Gill පන්දු 149කට මුහුණදෙමින් ලකුණු 208ක් රැස්කළේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 19ක් ඇතුළත් වූ අතර එහි විශේෂත්වය නම් එක්දින ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතකයක් වාර්තාකළ ලාබාලතම ක්‍රීඩකයා වන්නේ 23 හැවිරිදි වියේ පසුවන Shubman Gill ය.

මේ සමඟ එක්දින තරගවලදී ඉන්දියාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් රැස්කළ 5වන ක්‍රීඩකයා වන්නේද ඔහුය.

තෙන්ඩුල්කාර්, රෝහිත් ශර්මා, විරේන්ද්‍ර ෂෙවාග්, ඉෂාන් කිෂන් මීට පෙර එක් ද්විත්ව ශතක රැස්කර ඇත.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 349ක් රැස්කර ගැනීමට සමත්විය ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට ලබාගත හැකි වුවේ සියලුදෙනා දැවී ලකුණු 337 ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy