කැඩුනට ලව් එකක් පෙම්වතියට ඇනලා
කොහොමද එහෙම යන්නේ හෙමිහිට පැනලා
ඇයි බැරිවුණේ ඉන්නට චුට්ටක් බැනලා
දීලා තියෙන්නෙත් ප්‍රේමය වගෙ මැනලා
අපිටත් තිබුණු ලව් අම්බානක කැඩුණා
සමහර වෙලාවක තනි ඇහැටම ඇඬුණා
නොදැනිම හීනෙනුත් රෑ තනියම දෙඩුණා
ටික ටික පසුව සුපුරුදු රිද්මය වැඩුණා
අප්පුඩි ගහන්නට බැරි බව තනි අතකින්
තේරුම් අරන් නොරැදී සමහර හිතකින්
කාලය ගෙවා මිතුරන් බඳු පොත පතකින්
දුක දිය කළා එහෙමත් බැරි තැන විතකින්
ටියුෂන් යද්දි මාතර ගුරුකුලේට
වැදිලා වරක් බූටක් නිසි නිලේට
තනියම රිංගලා කොට්ටව කැලේට
හිටියා සත්‍ය වැටහෙන තුරු මොළේට
ඉද්දී තනිව විරහව නහුතෙට නැගලා
එස්.කේ.බ්‍රෝඩ්වේ නිව් සිනමා ලැගලා
ගල් වඩියකින් දුමකින් හදවත පොඟලා
ආවේ බැක් ටු නෝමල් එහෙමයි දඟලා
උඹෙ මලවදේ තව ඉවසන්නම බෑනේ
කියමින් ඇදන් ගොස් මිතුරෙක් පොල්හේනේ
ඇහුවා දුක මගේ බිල මිනිහගෙ ගානේ
ඒ වගේ යාළුවෙක් කොයි කාටත් ඕනේ
පෙම් පලහිලව්වක් වුණමුත් අළු දූලී
අල්ලන්නට කලින් කෙල්ලන් හා සෝලී
අහපං ටිකක් මිල්ටන්ලගෙ ගී පේලී
බලපං හොයං පික්චර් එක හුලවාලී
ප්‍රියන්ත කොඩිප්පිලි