සිව්වන වරටත් ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය (CISM) මගින් සංවිධානය කරනු ලබන වෙරළ වොලිබෝල් තරගාවලිය 2023, පෙබරවාරි මස 13 වැනි දින සිට 17 වැනිදා දක්වා මීගමුව වෙරළ තීරයේ පැවැත්වීමට නියමිතය.
මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන මෙම තරගාවලිය සඳහා ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය,ඕමානය, සෞදි අරාබියාව,වෙනිසියුලාව, කොලොම්බියාව, සහ ශ්‍රී ලංකාව යන රටවල් 08ක් සභාභාගීවන අතර ඊට පිරිමි ක්‍රීඩා කණ්ඩායම් 16 ක් සහ කාන්තා කණ්ඩායම් 09ක් සහභාගි වනු ඇත.
මේ අනුව මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග 16 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය 17 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ පළමු, දෙවැනි සහ තෙවැනි තරගාවලි පිළිවෙළින් ජර්මනිය, බ්‍රසීලය, සහ චීනයේ වුහාන් හිදී පැවත්විණි.
මෙවර එහි සත්කාරකත්වය ප්‍රථමවරට ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර ලෝකය පුරා පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර තරගාවලිය පැවැත්වීම වසර කිහිපයකින් ප්‍රමාදවී තිබිණි.
මෙහි පූර්ණ සංවිධානය ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්තමාන සභාපති මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් දර්ශන පතිරණ යටතේ සිදු කරනු ලබන අතර යුද හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහයෝගය ඇතිව ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය විසින් සිදුකරනු ලබයි.
මීගමුව goldi sands හෝටලය අසල වෙරළ තීරයේදී පැවැත්වෙන මෙම තරගාවලිය මහජනතාව සඳහා නොමිලේ නැරඹීමට අවස්ථාව ඇති බව එහි සංවිධායකයින් පවසා සිටියි.