ඔස්ට්‍රේලියා, එංගලන්ත කාන්තාවන්ට ජය

කාන්තා ලෝක කුසලාන ටී ටුවෙන්ටි ක්‍රිකට් තරගාවලියේ තරග දෙකකින් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය ජය ලබයි. A කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව නවසීලන්තය අතර තරගය පැවැත්විණ. මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ කඩුලු 9කට ලකුණු එකසිය හැත්තෑ තුනක් රැස් කළහ. ඇලීස් හීලි ලකුණු 55 යි. මැග් ලෙනින් ලකුණු 41 ක් සහ එලීස් පෙරී වේගවත් ලකුණු 40 ක් රැස් කළහ. ලී ටහුහු ලකුණු 37 කට කඩුළු 3 යි. ඇමේලියා කර් ලකුණු 23 කට කඩුළු 3 ක් බිඳ හෙලීමට සමත්වූවාය. නවසීලන්ත ක්‍රීඩිකාවෝ ලකුණු 76 කට දැවී ගියහ. ඇමේලියා කර් ලකුණු 21 යි. ඈෂ්ලි ගාඩ්නර් ලකුණු 12 කට කඩුළු 5 යි. ඒ අනුව කුණු 97 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

B කාණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ එංගලන්තය තරග වැදිණ. මුලින් පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩිකාවෝ ලකුණු 135ක් රැස් කළහ. හීලි මැතිව්ස් ලකුණු 42 යි. සොෆී එක්ලෙස්ටන් ලකුණු 23 කට කඩුළු 3 යි. 15 වන පන්දුවාරයේදී තරගය ජයගැනීමට එංගලන්තය සමත් වූයේ කඩුළු 3 ක් පමණක් බිඳවැටී තිබියදීයි. නැට් ෂීවර් බ්‍රන්ට් නොදැවී ලකුණු 40 යි. කාන්තා T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙයි. ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සවස 6:30 ට ඇරඹෙයි. තරගාවලියේ පළමු තරගය සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බංග්ලාදේශය සමග රාත්‍රී 10:30 ට තරග වදිති. එය B කාණ්ඩයේ තරගයකි.

වජිර කැලුම් පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...