ප්‍රේමානිශංස – චන්ද්‍රරත්න බණ්ඩාර
ගොඩක් වෙලාවට මම ආසම විදියෙ පොතක් හම්බුනාම එක දිගටම ඉවර වෙනකන්ම කියවනවා free time එක සම්පූර්ණයෙන්ම අරගෙන..
ප්‍රේමානිශංසත් ආසම පොතක් හැබැයි ඒ විදියට කියවන්න බැරි පොතක්..
ගොඩක් time එක අරගන දවස් ගානක් හෙමීට කියවපු පොතක්.
අවලෝකිතේශ්වර පිලිමයෙන් පටන් අරන් ප්‍රේමානිශංස ගොඩක් තැන් වලට අරන් ගිය trip එකක් වගේත්, දඹුලු ගලේ වාඩිවෙලා රිටිගල කන්දෙ view එකේ සිට සගර්මාතා (එවරස්ට් ) දක්වාත්,අවුරුදු 6000කටත් කලින් පොතාන ගල් ගුහාවේ මිනිස් වාසයේ පෞරාණික සුවද , ඉබ්බන්කටුව සුසානය, දෙග්ල්දොරුව රජමහා විහාරයෙ චිත්‍ර , දළදා මාලිගාවේ බෝම්බ ප්‍රහාරට කලින් චිත්‍ර , දේව් ප්‍රේමාල් ගෙ භජන් අහන ගමන් , සුෆී සංගීතය අහන ගමන් , මළගිය ඇත්තෝ, ආනන්ද කුමාරස්වාමි , යාපනය පුස්තකාලය , යුද්දයෙන් පසු යාපනය , රාජසිංහ රජතුමා ලංකාවේ හිටපු අන්තිම දවස්, ගුණදාස අමරසේකරගේ ගන්ධබ්බ අපදානය, ජෝන් කෝලියර් ගේ lady godiv චිත්‍රය , මෙඩිටේශන් භාවනා, කේදර්නාත්, ධර්මශාලා, ලාසා, ටිබෙට් බුදුදහම , තුසිතය, නේපාලයේ කත්මණ්ඩු සිට ටිබෙට් , හිමාලයේ දකුණු බෑවුමේ ඉහලට යන දුර්ග මාර්ගය, මිලරෝපා ගල්ලෙන් විහාරය, එවරස්ට් , ස්විච්බැක් මිටියාවත ලසාවේ sky burial සොහොන, six feet high කේරල film එක, වගේ තව ගොඩක් දේවල් google search කරන ගමන් explore කරන ගමන් කියවපු පොතක් ප්‍රේමානිශංස,
ප්‍රේමානිශංස වලින් පස්සෙ පොතේ තැන් දෙක තුනකම කියල තිබ්බ, කවදහරි දවසක කියවන්න ඕනිම පොතක් කියල ගොඩක් කාලෙක ඉදලා හිතාගන හිටියත් තාමත් කියවල නැති මළගිය ඇත්තෝ, මළවුන්ගෙන් අවුරුදු දා කියවන්නත් ඕනි
Oraalppokkam (Six feet high) මලයාලම් ෆිල්ම් එක බලන්නත් ඕනි,
ප්‍රේමානිශංස ආදර කතාවක් විදියට අපි ආසම විදිහට vibe එකක් තියෙන , ජීවිතය රස විදින ආදර කතාවක්..
හිතට දැනුන ආසම තැන් ප්‍රේමානිශංස ,
‘‘..මතක තියාගන්න… හැම හමුවීමක් ඇතුළෙම වෙන්වීමක ඉරණම ලියවෙලා තියෙන විත්තිය.. අනික මතක තියා ගත යුතු වැදගත් ම දේ හමුවීම ජීවත්වීමක් වෙන්නේ ගැළපීම හැමදාම නඩත්තු කළොත් විතරයි.“
කේක් කෑලි දෙකයි … ප්ලේන් ටී තුනයි
ප්ලේන් ටී තුනක්? මම අසමි.
ඔයාට එකයි.. මට දෙකයි..
සයුරු ඔයා ආපහු සැරයක් ඩොක්ටර් සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ කියවන්න, මේ කාලේ ඒක අත්පොතක් කරගන්නෙ නැතුව අපි වගේ අයට ආදරේ කරන්න අමාරුයි
මෙඩිටේශන් වලට උනන්දු වුනේ ඊට පස්සෙ…, පස්සෙ බ්‍රයන් එක්ක තිබුණු රිලේශන්ශිප් එක හරි ගියා.. ඒත් මං දැන් එයා ආශ්‍රය කරන්නෙ කවදහරි ආපහු රිලේශන්ශිප් එක බ්රේක් වෙන්න පුළුවන් කියල හිතාගෙන.. බැදීම් කියන්නෙ කැඩෙනවාමයි ඒකයි නේචර් එක … සයුරු ….
දැන් ඔයා ගත කරන්නෙ නැතිවෙලා හිටපු කෙනාව හම්බ වුණු මොහොත . . ඒ මොහොත ඔයා හොඳට විදින්න, ඒක හුගාක් දිග වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා…
වැඩිම උනොත් තව හෝරාවකින් හිරු නැගෙනු ඇත, මේ විචිත්රත්වය නැවත බැලීමට හැකිවේද නොවේද යන්න මම නොදනිමි , මා ළග අසුනේ නිරූ හිටියා නම් ඇය මේ දසුනින් මත් වන අයුරු මසිතින් පෙළගස්වමි,
ඔයාට මතකද මෙතැන? සොෆියා අසයි.
ම්හ්හ් මම නැතැයි හිස සෙලවීමි
මේ තමා අපි දෙන්නා පළමුවෙන් මුණගැසුණු තැන
එවරස්ට් දර්ශනයෙන් මෑත්වී ම තිබ්බත ජාතිකයාගේ හැර අප කාගේත් මුහුණු වල අඩු වැඩි වශයෙන් සටහන් වූයේ සමුගැනීමේ ශෝකයකි. වැඩි ඉඩක් ඇත්තේ මේ සිත දෑස පිනවන මේ චමත්කාරික දසුන ජීවිතයේ යළි දිනෙක නොදකින්නටයි. වියෝගයේ දුක් සංකා සදාහරිත ප්‍රේමයේ වෙසින් පමණක් නොව සිත් වසග කරන ඕනෑම දෙයකට අදාල බව දේවත්වයට පත්ව ඇති මේ රමණීය කදු සිරස පසක් කරලීය.
එහෙම හිතෙන එකට influence of love කියන්නත් පුළුවන් … miracle of love කියන්නත් පුළුවන් … එහෙම නැත්නන් effect of love කියන්නත් පුළුවන්
රටක් ඇතුලෙ තව රටවල් ගොඩක් තියෙනවා . එකම භාශාව වුනත් කතා කරන්නෙ වෙනස් විදියට … බොඩි ලැන්වේජ් වෙනස්… ආගම අදහන විදිය වෙනස් එහෙනම් ලෝකෙ කියන්නෙ කොච්චර සංකිර්ණ තැනක්ද?
Rainbow Diaries By Madhavi Fernando