මේ පිනතූරේ caption එන විදිහට තිබුනේ “Lioness eating her own cub after it had succumbed to injuries from a crocodile attack”. ඒ කියන්නෙ කිඹුල් ප්‍රහාරයකට ලක්ව මිය ගිය පැටවෙකු මව විසින් ආහාරයට ගැනීම.

කැප්ශන් එකේ හැටියටනම් පැටියාව මව විසින් ආහාරයට ගන්න කලින්ම මැරිලා. හැබැයි දරුණු තුවාල ලබලා පණ පිටින් හිටියත් මේකම වෙන්න පුළුවන්. ස්වභක්ෂණයේ (Cannibalism) එක්තරා අවස්ථාවක් තමයි (infanticide) ළදරු ඝාතනය/බාල ඝාතනය /දාරක ඝාතනය වගේ නම්වලින් ඕක සිංහලෙන් හඳුන්වනවා. හැබැයි මේවා නෛතික යෙදීම්වලදි එන පරිවර්තන නිසා සමහර අවස්ථාවල සත්ව විද්‍යාවත් එක්ක පැටලෙන අවස්ථා තියෙනවා. නෛතිකව ඇත්තටම භාවිතා වෙන්නෙ (postpartum depression) සිංහලෙන් ප්‍රසව මානසික අවපීඩනය එහෙමත් නැත්තන් ජනවහරේ කියන ‘වැදුම් ගෙයි සන්නිය’ හේතුවෙන් මව විසින් ළදරුවෙකු ඝාතනය කිරීමේ අවස්ථාවේදි. දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියෙ ⁣පස්වෙනි ව්‍යතිරේකය අනුව වයස මාස 12 ට අඩු ළදරුවෙක් මව විසින් දරු ප්‍රසුතියෙන් ඇතිවන මානසික අවපීඩනය නිසා ඝාතනය කලොත් ඒ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මිනීමැරුමක් ලෙස ගැනෙන්නෙ නෑ. ඔන්න ඔය අර්ථයට තමයි ළදරු ඝාතනය කියන වචනය එන්නෙ.
සත්ව විද්‍යාවේදි infanticide ළදරු ඝාතන කතාව වෙනස්. ස්වභක්ෂණයේම ආකාරයක් විදිහට මේක දකින්න පුළුවන් දෙයාකාරයකින්. එකක් තමයි සාමාන්‍යයෙන් infanticide කියලා හඳුන්වන තම වර්ගයාගේම, නමුත් තමාගේ නොවන පැටවුන් ඝාතනය කර ආහාරයට ගැනීම. මේක ගොඩක් වෙලාවට ක්ශීරපායි විශේෂ ගනනාවක දකින්න පුළුවන්. විශේෂයෙන්ම බිළාල පවුලේ සිංහයන් අතර බහුලව දකින්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් සිංහ රැලක ආධිපත්‍ය එහි පිරිමි සිංහයාගෙන්/සිංහයන්ගෙන් ගිලිහී ගිය වහාම නායකත්වය එන නව සිංහයන් විසින් ළදරු ඝාතනය සිදුකරනවා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි තමන්ගෙ ජාන නොවන ජානවලින් බිහිවෙන පැටවුන් සඳහා සම්පත් බෙදීයාම නතර කිරීම. අනිත් කාරණය තමයි පැටවුන් ඉන්න ධේනුවක්නන් නැවත සංවාසය සඳහා ග්‍රාහක තත්වයට පත්කිරීම. ඒ කියන්නෙ පාලනය පැරණි නායකත්වයෙන් ගිලිහුනාට පැටවු ඉන්න ධේනුවක් නැවත ග්‍රාහක තත්වයට පත්වෙන්නෙ නෑ පැටවුන් සිටිනතාක්. පැටවුන් මරලා දාපු ගමන් නැවත සංසර්ගයට සුදුසු තත්වයට පත්වෙනවා. ඒක ඇත්තටම හෝමෝන මඟින් පාලනය වෙන ක්‍රියාවලියක්.

මීයන්ගෙ මේක ගබ්සාව දක්වාම යනවා. ඒ කියන්නෙ අලුත් පිරිමි සතෙක්ගෙ මුත්‍රවල තිබෙන ගන්ධය ආඝ්‍රාණය කිරීමෙන් ගබ්සාවීම සිදුවෙනවා.

Infanticide වල තවත් වර්ගයක් තමයි “filial infanticide” කියන්නෙ. ඒ කියන්නෙ දෙමව්පියන් විසින්ම පැටවුන් ඝාතනය කිරීම. සාමාන්‍යයෙන් පැටවු කිහිපයක් ඉන්න බිහිකිරීමකින් පස්සෙ මේ පැටවු එක එකා මැරීගෙන ගියොත් අන්තිමේදි ඉතුරු වෙන පැටියා හොදින් හිටියත් මැරෙන්න දාලා යන අවස්ථා තියෙනවා. ඒකට හේතුවත් ලිංගිකව එක්වීම සඳහා ඇති කාල වේලාව සීමිත බැවින් එක් පැටවකු සඳහා කාලය යෙදවීම තුල වර්ගයාගෙ පැවැත්ම තහවුරු වීම අවම වීම.

තවත් ඔය filial infanticide ඇතිවෙනවා ඉන්න පැටවු දුර්වලනන්, රෝගීනන්, අනතුරකට මුහුණදීලා තුවාල වෙලානන් වගේ අවස්ථාවල. ඒ අවස්ථාවල ස්වභක්ෂණය සිදුවෙනවා. හේතුව තමයි රෝගි තත්වයන් සංසරණය නැවැත්වීම, ආබාධිත පැටවකු නිසා රංචුව මන්දගාමී වීම නැවැත්වීම, තුවාල සහිත පැටවකු නිසා ලේ සුවඳට තවත් විලෝපිකයන් ඇදී ඒම නැවැත්වීම වගේ කාරණා.

දැන් මේ කිව්ව ඒවා සිංහයො හිතලා කරන්නෙ නෑ. ඒවා ඉව, සහජ බුද්ධිය, ස්වභාවික පෙළඹවීම මත සිදුවෙන දේවල් (instinctive behavior). මේ කාරණා සියල්ලම පරිණාමයේදි තරඟය, ශක්තිවන්තයාගෙ පැවැත්ම, සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතය වගේ කාරණාවලට සත්ව ලෝකයේ හැඩගැසීම්.

Don Supz (fb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...