95 වැනි ඔස්කාර් සම්මාන උළෙල—-2023

95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ ( 95 th Oscar Awards or Academy Awards ) මාර්තු මස 12 වැනි ඉරුදින ( මෙරට වේලාවෙන් ඊයේ දින පෙ.ව 12.45 ට පමණ ) ඇමෙරිකාවේ සුප්‍රකට ලොස් ඇන්ජලීස් නුවර පිහිටි Dolby Theater හිදී අභිමානවත් අයුරින් නිමාවට පත්විය. එහිලා සම්මානනීය නාමාවලිය මෙසේ ය.

●Best Picture
Everything Everywhere All at Once
[ 2022 ]

 Daniel Kwan / Daniel Scheinert ——-
[ Best Director’s ]
Everyone Everywhere All At Once ~ 2022

●Best Director
Daniel Kwan / Daniel Scheinert

●Best Actor
Brendan Fraser / The Whale ~ 2022

●Best Actress
Michelle Yeoh
Everything Everywhere All at Once

Brandon Fraser —————— [ Best Actor / The Whale ~ 2022
●Best Supporting Actor
Ke Huy Quan
Everything Everywhere All at Once

●Best Supporting Actress
Jamie Lee Curtis
Everything Everywhere All at Once

●Best Cinematography
James Friend
[ All Quiet on the Western Front ]

– Michael Yeon — [ Best Actress ] Everyone Everywhere All At Once ~ 2022

●Best International Feature Film
All Quiet on the Western Front
Edward Berger

●Best Original Song
Naatu Naatu
M. M. Keeravani
Chandrabose

●Best Animated Feature
Pinocchio ~ 2022
Guillermo del Toro
Mark Gustafson
Alexander Bulkley

Ke Huy Quan — [ Best Supporting Actor ] Everyone Everywhere all at Once ~ 2022

●Live Action Short Film
An Irish Goodbye
Tom Berkeley
Ross White

●Best Documentary Feature
Navalny
Odessa Rae
Daniel Roher
Shane Boris
[ RRR 2022 ]

●Best Adapted Screenplay
Women Talking ~ 2022
Sarah Polley

Jamie Lee Curtis — [ Best Supporting Actress ] Everyone Everywhere All At Once ~ 2022

●Best Documentary ( Short Subject )
The Elephant Whisperers
Guneet Monga
Kartiki Gonsalves

●Best Original Screenplay
Everything Everywhere All at Once
Daniel Kwan
Daniel Scheinert

James Friend — [ Best Cinematography ] All Quest on the Western Front ~ 2022

●Best Visual Effects
Avatar : The Way of Water.~2022
Joe Letteri
Richard Baneham
Eric Saindon

●Best Animated Short Film
The Boy, the Mole, the Fox and the Horse
Charlie Mackesy
Matthew Freud

●Best Original Score
Volker Beck
[ All Quiet on the Western Front ]

Everything Everywhere All At Once ~ 2022 [ Best Picture ~ 2023 ]

●Best Makeup and Hairstyling
“The Whale”
Adrien Morot
Judy Chin
Anne Marie Bradley

●Best Costume Design
Black Panther: Wakanda Forever
Ruth Carter

●Best Film Editing
Paul Rogers
[ Everything Everywhere All at Once ]

All Quiet on the Western Front ~ 2022— [ Best Intersectional Picture

●Best Production Design
All Quiet on the Western Front
Christian M. Goldbeck
Ernestine Hipper

●Best Sound
Top Gun : Maverick
James Mather
Chris Burdon
Al Nelson

මගේ විචාරය කෙබඳුද ?

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල මෙවර නිමාවට පත් වූයේ ලොව කිසිවකුත් විශ්වාස නොකරන ලද ආකාරයෙන් Everything Everywhere All At Once ~ 2022 චිත්‍රපටය වසරේ විශිෂ්ටතම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මාන ඇතුළු වසරේ හොදම අධ්‍යක්ෂකවරයා, වසරේ හොදම නිළිය, වසරේ හොදම සහය නළුවා වසරේ හොදම සහය නිළිය, වසරේ හොදම තිර රචනය , වසරේ හොදම සංස්කරණය යනාදී මුල්පෙලේ සම්මාන දිනා ගනිමිනි. වසරේ හොදම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානය දිනාගන්නා ලද්දේ All Quiet on the Western Front ~ 2022 ( ජර්මනිය ) චිත්‍රපටය යි. ඊට වසරේ හොදම කැමරාකරණය, වසරේ හොදම සංගීතය , වසරේ හොදම පසුතල නිර්මාණ යනාදී සම්මාන හිමිවිය.

The Whale ~ 2022 චිත්‍රපටය සදහා වසරේ හොදම නළුවාට හිමි සම්මානය හා වසරේ හොදම වේශනිරූපණය හා කොණ්ඩය සැරසිලිවලට හිමි සම්මානය හිමිවිය. වසරේ හොදම සජීවිකරණය චිත්‍රපට හිමි සම්මානය Pinocchio ~ 2022 චිත්‍රපට විසින් හිමිකර ගන්නා ලදි. වසරේ හොදම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය Navamny වාර්තා චිත්‍රපටය විසින් දිනාගන්නා ලදි.
සැබවින්ම 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල නිමාවට පත්වූයේ ඇතැම් මුල්පෙලේ සම්මාන පිළිබඳව දැඩි විවේචන විශ්ව ප්‍රේක්ෂකාගාරය හා විචේචකයන් හමුවේ තබමිනි. එහිලා වසරේ හොදම චිත්‍රපටය සදහා නිර්දේශ වී තිබුණු සම්මානනීය චිත්‍රපට වන The Fabelmans ~ 2022 ( American Choice Awards / Best Movie ~ 2022 ) හා Triangle of Sadness ( Cannes International / Palma D’or – 2022 ) , Woman Taking හා The Banshees of Inisherin චිත්‍රපට එළියට විසිවී ගොස් Everything Everywhere All At Once ~ 2022 චිත්‍රපටය වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගැනීම දැඩි විවේචනයට ලක්වී ඇත්තේ ය. එපමණක්ද නොව ඊට මුල්පෙලේ සම්මාන රාශියක් හිමිවීම ද එම විවේචනය දෙගුණ තෙගුණ කිරීමට සමත් වී ඇත්තේ ය. මීට සමානවම 2021 වර්ෂයේ දී කොරියානු චිත්‍රපටයක් වූ Parasite චිත්‍රපටයට වසරේ හොදම චිත්‍රපටය ඇතුළු මුල්පෙලේ සම්මාන කීපයක් හිමීවීම මතභේදාත්මක කාරණාවක් වූයේ ය . එහි දිගුවකි, මෙවර Everything Everywhere All At Once චිත්‍රපටයට වසරේ හොදම චිත්‍රපටය ඇතුළු තවත් මුල්පෙලේ සම්මාන කීපයක් දිනාගැනීම.

මෙවර හොදම චිත්‍රපටයට හිමි සම්මානය සදහා නිර්දේශ වූ චිත්‍රපට සියල්ලම මවිසින් ඉතා තියුණු වීමර්ශනයකට ලක්කරන ලදි. ඒවා පිළිබඳව ද විටින්විට විචාර සටහන් ද මුහුණු පොත අරබයා ලියන ලදි. එනමුත් Everything Everywhere All At Once චිත්‍රපටය පිළිබඳව මවිසින් විචාර සටහනක් නොලියන ලද්දේ එය මගේ මානයට අනුව සෙසු චිත්‍රපට සමගින් සන්සන්දනය කළ හැකි චිත්‍රපටයක් ද යන්න මසිත දෙගිඩියාවෙන් පසුවූ නිසාය. එනමුත් මෑත කාලීන ඔස්කාර් සම්මාන කමිටුව විසින් ලබාදෙන තීරණ එකිනෙකට පරස්පරතාවයක් තිබෙන බව පෙනේ. ඊට තවත් නිදසුනක් ලෙස මෙවර එහි තීන්දු-තීරණ පෙන්වාදිය හැකියි.

තවත් වැදගත් කාරණාවක් මෙහිලා සදහන් කරනු කැමැත්තෙමි. එනම් ඒ මෙවර වසරේ හොදම නිළිය සම්මාන පිළිබඳව ය . මෙවර එම සම්මානය සදහා නිර්දේශිත නාමයක් අතර Tar ~ 2022 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද Cate Blanchett ඉදිරියෙන්ම සිටිය අතර හා ලොව බොහෝ දෙනෙකු එකම බලාපොරොත්තුව වූයේ ද ඇය විසින් එම සම්මානය හිමිකර ගනු ඇතැයි කියා ය. ඊට ඇය විසින් American Choice Awards හා එංගලන්තයේ BAFTA යනාදී සම්මාන උළෙලවල්වලදී වසරේ හොදම නිළියට හිමි සම්මානය දිනාගැනීම එම බලාපොරොත්තුව තව තවත් ඉහළ දමන ලදි. එනමුත් ඇයට මෙවර වසරේ හොදම නිළිය වශයෙන් ඔස්කාර් සම්මානය අහිමිවීම කාගේ කාගේත් දැඩි කනස්සල්ලට හා දැඩි විවේචනයට පත්ව ඇත්තේ ය. මෙම චිත්‍රපටයේ Cate Blanchett විසින් නිරූපණය කරන චරිත ලෝක සිනමාවේ මෑත කාලයේ නිළියක් විසින් නිරූපණය කරන ලද විශිෂ්ටතම සිනමා රංගනයක් වන්නේ ය . එහි සංගීතඥවරියක් වශයෙන් ප්‍රධාන භූමිකාවට පණ පොවන ඇය මානව ජීවිතයේ ඉතා සියුම් ජීවන දෘෂ්ටීන් හා චරිතයේ යථාස්වභාවය ප්‍රකාශ කිරීමේ දී චරිතයේ අභ්‍යන්තර ද විනිවද දැකිය හැකි වන ඉතා සියුම් වූත් ඉතා ගැඹුරුවූත් අති විශිෂ්ට රංගනයකක් ඇය විසින් චිත්‍රපටය ඉදරිපත් කරන බව පෙනේ. එය ලොව ඕනෑම තරාතිරමක නළුවකුට හෝ නිළියකට ගැඹුරු සිනමා රංගනය යනු කුමක්ද යන්නට මෑතකාලයේ දිය හැකි විශිෂ්ටතම උදාහරණයක් වන්නේ ය .

එනමුත් එම රංගනයට කිසිදු ඇගයීමක් මෙවර ඔස්කාර් සම්මාන කමිටුවට විසින් ලබානොදීම පිළිබඳව මට නම් පෞද්ගලිකව ඇත්තේ දැඩි විවේචනයකි. තරමක වේදනාවකි.

තවත් මෙවර සිදුවූ සුවිශේෂී කාරණාවක් නම් එකම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු සම්මානයට පාත්‍ර වීමයි .

ඊළඟ වැදගත් කාරණාව ආසියාතිකයන් වශයෙන් ඉතා වැදගත් බව මම සිතමි.
එනම් ඉන්දියානු ගීතයක් වසරේ හොදම ගීතය ( Best Original Song – RRR ) වශයෙන් ඔස්කාර් සම්මානයට පාත්‍ර වීමයි. එය ඉන්දියානු සංගීතයේ ජාත්‍යන්තර නිම්වළලු පුලුල් වීමක් වශයෙන් අර්ථ නිරූපණය කළ හැකිය.

මීට පෙර 2023 ඔස්කාර් සම්මාන කීපයක්ම පිළිබඳව මවිසින් කරන ලද අනාවැකි වලින් දෙකක් යථාර්ථයක් වී ඇති බව පෙනේ. එනම් වසරේ හොදම නළුවාට හිමි සම්මානය හා වසරේ හොදම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානය යි.

තවම ඔස්කාර් සම්මාන උළෙල නිමා වූවා පමණි. එහි උණුසුම තවම පහව ගොස් නොමැත. එහෙයින් ලොව මුල්පෙලේ විචාර සදහා තවම කල්වැඩිය .ඉදිරියේ දී ඒ පිළිබඳව ලියැවෙන විචාර ජාත්‍යන්තර මාධ්‍ය තුළින් අපට දැකබලා ගතහැකි වනු ඇත.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...