ස්ටීව් ජොබ්ස් ගැන කතා කරන්න ගොඩක් දේවල් තියනව

මැකින්ටොශ්… ඇපල්… අයිෆෝන්.. අයිපොඩ්… නෝට් බුක් මේ හැමදේම ස්ටීව්ගෙ මනස තුල නිර්මාණය වුනු දේවල්. ඒ බුද්ධිය ලෝකයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කරනව.

ස්ටීව් ජොබ්ස්ගෙ ඇඳුම් විදිහට ඉතුරු වෙන්නෙ කලිසම් තුනක්.. කමිස හතරක් හා එකම වර්ගයේ ස්වීටර් තුනක්.. මේස් හා යට ඇඳුම් කීපයක් හා සැන්ඩල් පාවහන් දෙකක් විතරයි.

ජීවත් වුනු නිවසේ තියෙන්නෙ මෙට්ටයක්.. කොට්ටයක්… අකුලන පුටු තුන හතරක් ( මිතුරන් පැමිනියොත් වාඩිවෙන්න)….. මේස ලාම්පුවක්. කෑම බීම සඳහා අවශ්‍ය අවම උපකරණ වගේ බොහෝම සීමිත බඩු භාන්ඩ පමනක් බව කීවොත් පුදුම විය යුතු නෑ. නමුත් නොවැරදීම එයාගෙ පරිඝණකය.

මේ පලමු පින්තූරය 1982 අවුරුද්දෙ කැලියෝෆෝනියාවෙ වුඩ් සයිඩ් ( Wood side – California) නිවසෙදි ගත්ත එකක්.
පහු කාලීනව එයාගෙ බිරිඳට රන්ඩු කරන්න වෙනව පුටු සැටියක් මිළට ගන්නත්..
පුටු සැටියක්..? මොකක් කරන්නද..? මොකද්ද ප්‍රයෝජනේ..?
මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න බිරිඳට සිද්ධ වෙනව.

ඕනෙම අළුත් ඇපල් උපකරණයක් හඳුන්වාදෙන්න අවුරුදු පහලවක් වගේ කාලයක් ඇතුලෙ ස්ටීව් ඇඳගෙන හිටියෙ එකම ඇඳුම් කට්ටලය හා පාවහන්.

අත් හැරීම හා සරල බව කියන්නෙ මේකද.?

කොබුන් චිනෝ භික්ශුව හරහා ස්ටීව් ජොබ්ස් බුදු දහම හදාරල අනුගමනය කරපු කෙනෙක් නිසා ඔහු සැබෑම සරල මිනිසෙක් වෙන්න තියන ඉඩකඩ වැඩියි.

බුදු දහමේ හරය අත් හැරීම මිස රැස් කිරීම නොවන බව දන්නෙ බොහොම සුළු පිරිසක් පමණයි.
පිලිකාවක් හේතුවෙන් ස්ටීව් ජොබ් මෙලොව හැර යන්නෙ 2011 ඔක්තෝබර් මාසෙ.
විහිළුවට කාරණය නම් අන්තිම අවුරුදු දහයක වගේ කාලයක් තුල් ස්ටීව් ජොබ් පලඳපු කසි කබල් සැන්ඩල් දෙක ස්විස් ෆ්‍රෑන්ක් 205,000 කට ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි වීම. ඒ ගිය අවුරුද්දෙ අන්තිමට. ( අලෙවි වූ වටිනාකම ලංකාවෙ මුදලින් නම් රුපියල් 74,227,662.88.)

ඇත්ත වටිනාකම ඩොලර් පහක්වත් නෑ…
ස්ටීව් ජොබ්ස් ජීවත් වෙලා හිටිය නම් මේ වගේ සිද්ධීන් දැකල හිනාවේවිද… කල කිරේවිද කියන්න බෑ.
හැබැයි මිළදී ගත්ත මහත්තයාට නම් උත්තර දෙන්න වේවි ප්‍රශ්ණ කෝටියකට.

Steve Jobs 1955 – 2011

Malcolm Sang (fb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...