කළුවරින් වට වුනු නා කපන වැහිදාක
තටු තෙමී සීතලෙන් මියයන නුබව දැක
දෑතින්ම රැක මා තුරුලෙහි හොවා දුන්
උණුසුමෙන් යලි ඉපදුනා නුඹ ලිහිණියේ…
හෙට නැගෙන හිරු ලඟටවිත් මුමුණන්න
සුලං කෝඩය දෙබෑ කර යලි පියඹන්න
අමතකව ගිය තටු සලන යුරු දැනගන්න
විතරමද නුඹ දැවටුනේ මගෙ සිහිනයේ…
කූඩු නැති නිල් අහස වගෙ මා ස්නේහයේ
කුළු මතින් ඇයි වේගෙයෙන් නුඹ සැගවුනේ
තවත් දවසක දුරක යනවිට මීදුමේ
දකීවිද මා නේත්රා දුන් ලිහිණියේ…
නිශේන්ද්ර දීශාන්
(2016 කණ්ඩායම සිසුල්කා – රත්නපුර)