විසි එක් වන සියවසේ යාත්‍රාව….

ටයිටැනික් යාත්‍රාව එක්තරා සියවසක ”සියවසේ යාත්‍රාව” වූවා සේම OceanGate විසින් මුහුදු පතුළ වෙත යවන ලද මේ කුඩා සබ්මර්සිබලය (submersible) එක්තරා ආකාරයකින් ‘විසිඑක් වන සියවසේ යාත්‍රාව’ විය හැකිය.

ටයිටැනික් වෙත ලෝක අවධානය යොමුවූවේ යම් ආකාරයකට ද ඒ ආකාරයටම මේ කුඩා යාත්‍රාව වෙතද ගෝලීය මිනිස් අවධානය යොමුවෙමින් ඇත. ටයිටැනික් යාත්‍රාව දෛවෝපගත වූවේ යම්සේද එසේම මේ යාත්‍රාවද මිනිස් මතකය තුළ තවත් එක් ක්ෂිතියක් වනු ඇත.

මහා ටයිටැනික් නැව අමරණීය වූවේ යම්සේද මේ කුඩා සුකුරුත්තමද ලෝකයේ අමරණීය වනු ඇත. මේ කුඩා සුකුරුත්තමේ සිරවී මුහුදු පතුළට ගිය මිනිසුන් පස්දෙනාද ටයිටැනික් චරිත තරම්ම අමරණීය වනු ඇත.

මෙතැනින් මිනිසුන් නොනවතිනු ඇත. මේ පරාජයෙන් සහ දෛවෝපගත සිදුවීමෙන් පාඩම් ඉගෙනගෙන ඔවුන් මීට වඩා දියුණු සහ සංකීර්ණ යාත්‍රාවක් තනනු ඇත. ඒ යාත්‍රාව විසින් මිනිසා මුහුදු පතුළ වෙත නිරුපද්‍රිතව ගෙනයනු ඇත. අනාගතයේ එක්තරා දිනයක මිනිසුන් සමුද්‍ර පතුලේ සංචාරය කිරීම සාමාන්‍ය දෙයක් වනු ඇත.

බටහිර ජාතීන් හැමදාම කළ පරිද්දෙන්ම ඔවුන්ගේ අතපසුවීම් වලින් ඉගෙනගනු ඇත. ඉගෙනගෙන ලෝකය සහ ස්වභාවධර්මය ජයගැනීමට තවදුරටත් උත්සාහ කරනු ඇත. අඳුර පරදා ආලෝකය වෙත යමින් ඉතිහාසය නිර්මාණය කරනු ඇත.

ඒ උත්සාහයන් විසින් තවතවත් අර්බුද ජනනය කරනු ඇත. ඒ වෙනුවෙන් පිළිතුරු ද ඔවුන් විසින්ම සොයාගනු ඇත.
මේ හැම තැනකම ජයග්‍රහණයන් සහ පරාජයන් එක ලෙසම පවතිනු ඇත.

ඒ සියල්ල එසේ වෙද්දී අපි හැමදාම බටහිරට බනිමින්, උන්ගේ වැඩවලට දෙස් දෙවොල් තබමින්, උන් දෙන දෙයක් කමින් ජීවත්වනු ඇත.

මහේෂ් හපුගොඩ

Image@OceanGate

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...