වැඩිහිටියන්ට දිරවන්නෙ නැති, තේරුම් ගන්න බැරි යෞවනය ගැන ‘කඩදොර’

මනෝහරී ජයලත්ගේ ‘කඩදොර’ නවකතාව කියවලා ඉවර කළා. ඒ ගැන සටහනක් ලියන්න කරුණු කාරණා ටිකකුත් ඔලුවට ආවා. ඒ අතරෙ මෙන්න මෙහෙම සිද්ධියක් අහන්න ලැබුණා.

“පාසල් ළමයින් ගෙනියන බස්රථ දෙකක් ධාවනය වෙනවා. එකක ඉන්නෙ පිරිමි ළමයි. අනිකෙ ගැහැණු ළමයි. එකපාරටම පිරිමි ළමයින්ගෙ බස්රථයෙන් වතුර පාරක් එල්ල වෙනවා ගැහැණු ළමයින්ගෙ බස් එකට. ඒ සිද්ධිය එතනින් ඉවරයි.පහුවදා උදේ පිරිමි ළමයින්ගෙ ඉස්කෝලෙ මහා ගාලගෝට්ටියක්. ඒ බස් එකේ ගමන් කරපු සේරම පිරිමි ළමයි පාසල් බලධාරීන් ඉදිරියට කැඳවලා. දැන් මේ හෙණ ගහන අපරාධෙ කරපු එවුන්ට හිටුවා පස් ගහන්නයි ලෑස්තිය. මේ කොල්ලො ටික කරලා තියෙන්නෙ අහස පොළොව උහුලන්නෙ නැති අපරාධයක්. සමහරවිට අර ගැහැණු ළමයින්ගෙ බස් එකේ ගුරුවරියොත් ඉන්න ඇති. ඒ අය මේ ගැන පැමිණිලි කරන්නත් ඇති. දැන් ඒ පැමිණිල්ලට අනුව අපරාධකාරයන්ට දඬුවම් දෙන්නයි හදන්නෙ.”

දැන් ඔබට හිතෙනවා ඇති මේ සිද්ධිය කොහොමද කඩදොරට පෑහෙන්නෙ කියලා. ඒ තමයි වැඩිහිටියන්ට දිරවන්නෙ නැති යෞවනය. අදහස් අතින් ආම්බාන් කරන්න බැරි යෞවනය. වැඩිහිටියන්ට තේරුම් ගන්න බැරි යෞවනය. කඩදොර ප්‍රධාන චරිතයත් මේ බස් දෙකේ ගිය ළමයින්ගෙ වයසෙ. වෙනස් විදිහට හිතන යෞවනියක්. ඒ හින්දා දෙමව්පියො, නෑදෑයො, ගුරුවරු වගේ වැඩිහිටි බහුතරයක් එක්ක ඇයට තියෙන්නෙ අනවරත ගේමක්. විශේෂයෙන් කෙල්ලක් රාමුවෙන් පිට හිතන්න කරන්න ගත්තහම අර මොඩලයෙ වැඩිහිටියො හොඳටම පරල වෙනවා. මීට වසර හතලිස් ගණනකට එහා වෙනස් පසුබිමක ඉඳලා කඩදොර කතිකාවට ගෙන එන්නෙ අද අපි තවත් විදිහකට මුහුණ දෙන අත්දැකීමමයි නේද ? ඒ කියන්නෙ අපි පරිණාමය වෙලා නෑ කියන එකද?
කොත්මලේ වගේ තවත් ගම් වතුරෙන් යට වේවි. නැත්නම් යට කරාවි. ඒත් යෞවනයෙ හැඟීම් යට කරන්න ඔය මොන ජල කඳකටවත් බෑ. මොකද, ඒ හැඟීම් දෙගොඩතලා යන්නෙ හරියට මනෝහරීගෙ වචන ප්‍රවාහය වගේ නිරායාසයෙන්.

යෞවනයේ අලංකාරය විඳ ගන්න බැරිව විඳවන නරුම රැළකට කියවගන්න වටින නවකතාවක් ලිවීම ගැන මනෝහරීට ස්තුති නොකරම බැහැ.
කඩදොර සාහිත්‍ය රිද්මය ගැන පස්සෙ කතා කරමු.

උදිත අලහකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...