ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මොහාලි නුවරදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී ලකුණු 38 ක් ලබාගැනීමත් සමගින් ඉන්දීය පිලේ හිටපු නායක විරාට් කෝලි සිය 100 වන ටෙස්ට් තරගයේදී ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකර ගියේය. තරගයට පෙර ටෙස්ට් ලකුණු 7962 ක් ලබා සිටි කෝලි සිය 8000 සේ කඩයිම වෙනුවෙන් අවශ්‍ය වූ ලකුණු 38 සඳහා පන්දු 60 කට මුහුණ දුන්නේය. මෙම ඉනිමේදී විරාට් කෝලි ලකුණු 45 ක් ලබාගත්තේය.
මේ අනුව ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 කට ක්‍රීඩා කළ 12 වැනි ක්‍රීඩකයා ලෙසින් කෝලි වාර්තා පොතට එක්විය.