ඔහු ඩොලර් මිලියන 67 කට වඩා වැඩි ආදායමක් උපයාගත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රගපාමින් දුප්පතකු ලෙස මිය ගියේය

ඔබට The Gods Must Be Crazy චිත්‍රපටියේ සිටි මේ අහිංසක අව්‍යාජ මිනිසා මතකද ? ඔහුව සිය වර්ගයා විසින් සුරාකන ලදී එහෙත් ඔහු ඒ බව නොදැනම මිය ගියේය.

The Gods Must Be Crazy යනු 1980 දී ලොව පුරා ආදායම් වාර්තා තබමින් අප්‍රිකානු මහද්වීපයේ නිෂ්පාදිත චිත්‍රපටියකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගනිමින් සිටි කෘතියයි. එය දකුණු අප්‍රිකානු හා බොට්ස්වානාහි සම නිෂ්පාදනයකි රටවල් දෙක ඉන් ඉපයු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 67 කි.
චිත්‍රපටය මූලික වශයෙන් නව යුගය හා පැරණි යුගය අතර ඇතිවන ගැටුම ගැන කතාකරයි.
කතාව ගලා යන්නේ කලහාරි කාන්තාරයට ඉහළින් පියාසරකල හෙළිකොප්ටරයකින් පොළවට පතිත වු හිස් වීදුරු කොකා කෝලා බෝතලයක් වටාය. කාන්තාරය පසුබිමේ ජීවත්වන ගෝත්‍රික ජනතාව අතරින් සැන් ගෝත්‍රික ෂී XI නැමැත්තා එය අහුලා ගත් පසු විස්මයට පත්වෙයි ඊට පෙර ඔවුහු වීදුරු දැක තිබුනේ නැත. විනිවිද පෙනෙන අතිශය සිනිදු මෙම නාදුනන ද්‍රව්‍ය හේ සිය ගෝත්‍රයට පෙන්වයි විස්මයෙන් ඇලලෙන ගෝත්‍රිකයන් එය දෙවියන්ගෙන් ලැබුනු තෑග්ගක් බවට විශ්වාස කරමින් එය අයිති කර ගැනීමට කුමණ්ත්‍රණය කරයි. සමාකාමී ජනතාවක් බේද බින්න කල එය දෙවියන්ටම නැවත බාර දීම සදහා සිය දරුදෙදෙනාද තනිකර XI දෙවියන් සිටිතියැයි ඔහු විශ්වාස කරන ලෝකයේ කෙළවර දක්වා දීර්ඝ ගමනක යෙදෙයි.

ඒ තමයි කතාව. මෙහි ප්‍රධාන චරිතය වු XI ගේ චරිතය කලේ නැමීබියාවේ බුෂ්මන් ලෙස හඳුන්වනු ලබන ජන වර් ගයේ Nǃxau Toma ය. ඔහු , Otjiherero සහ Tswana යන ප්‍රාදේශිය භාෂාවන් චතුර ලෙස මෙන්ම සමහර අප්‍රිකානු භාෂාවන්ද කතා කළේය. එමෙන්ම ඔහු තමාගේම නිශ්චිත වයස දැන සිටියේ නැත, අකුරු කියවන්නට හෝ ලියන්නට නොදත් මේ මිනිසා චිත්‍රපටයට පෙනී සිටීමට පෙර ඔහුගේ නිවසෙන් ඔබ්බට අත්දැකීම් අඩු විය. ඔහු රංගනයට පෙර සුදු ජාතිකයින් දැක තිබුනේ තිදෙනෙක් පමණි. ඔහුට මුදල් යනු හිස් කඩදාසි පමණි. සීමිත අවශ්‍යතාවලින් තෘප්තිමත් හේ ගොවියෙකි. සිය පවුල සමග සතුටෙන් සමාදානයෙන් කල් ගෙවු මිනිසෙකි.

සිනමා පටයේ අධ්‍යක්ෂක Jamie Uys ඔහුට The Gods Must Be Crazy චිත්‍රපටයේ ඔහුට නියමිත මුදල ඩොලර් 300ක් ලබා දුන් විට, එය භාන්ඩ හා සේවා ලබාගත හැකි ඒකකයක් බව ඔහුට නොතේරෙන නිසා ඔහු එය සුළඟේ ගසාගෙන යාමට ඉඩ දුන් බව කියනු ලැබේ.
ඔහු පැමිණියේ මුදලට මිල දී ගත හැකි ද්‍රව්‍යමය දේ අගය නොකළ සංස්කෘතියකින් වන අතර ප්‍රතිඵලයක් ලෙස මුදල් කළමනාකරණ කුසලතා ඉගෙන ගෙන නොතිබුණි.

චිත්‍රපටිය නිමාවු පසු හේ සිය ගමට විත් මේ මුදල් වලින් තම පවුලට නළ ජලය සහ විදුලිය සහිත ගඩොල් නිවසක් තැනීමට යොදා ගත් අතර පාවිච්චි කළ කබල් කාරයක්ද මිලට ගති. එහෙත් හේ රිය පැදවීමට ඉගෙන ගැනීමට ආශාවක් නොතිබූ බැවින් රියදුරෙකු කුලියට ගත්තේය. තවත් ඉතිරිව තිබු කඩදාසිවලින් Xi වගාකිරීම සදහා බඩ ඉරිඟු, වට්ටක්කා සහ බෝංචි ද ගවයන් 20 දෙනෙක්ද ගනු ලැබීය.නමුත් තවත් කඩදාසි ඉතිරිව තිබේ. තවත් හරක් වැඩිපුර ගැනීමට ඔහුට නොහැකිවුයේ ඔහු දත්තේ 20 දක්වා ගණන් කිරීමට පමනක් බැවිනි.
ඔහු රගපෑ චිත්‍රපටිය ඩොලර් මිලියන ගණන් ආදයම උපයන බව නොදැනම හේ 2003 ජූලි 5 වන දින, ක්ෂය රෝගයෙන් මිය ගියේය. මිය යනවිට ඔහු තම වයස නොදත්තේය නිල ඇස්තමේන්තු අනුව සමහර විට 58 ක් හෝ 59 කි විය හැකිය. නමුත් ලෝකය ඒ වනවිටත් ක්ෂය රෝගය සදහා බෙහෙත් සොයාගෙන තිබිනි.
ඔව් ඔහු ඩොලර් මිලියන 67 කට වඩා වැඩි ආදායමක් උපයාගත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රගපාමින් දුප්පතකු ලෙස මිය ගියේය.

උපාලි ජයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...