“මේ මොහොතේ රුසියාවට තහංචි පනවන සෑම බටහිර රටකටම වන්දි ගෙවීමට සිදුවනු ඇති” – පුටින්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවමින් ප්‍රකාශයක් කර ඇත්තේ, යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.

එලෙස තහංචි පනවන සෑම රටක්ම මෙම යුක්රේන යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා තමන් ක්‍රියා කරන බව ද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කරයි. මේ වනවිට රුසියාව යුක්රේනයේ නගර එකිනෙක වටලා පහර දීම ආරම්භ කර ඇත. කීව් අගනුවර ද හමුදා විසින් වට කරනු ලැබ තිබේ.

ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනයේ උතුරින්, දකුණින් සහ නැගෙනහිරින් යුක්රේනයට ඇතුළු වී යුද්ධය ආරම්භ කළේ පසුගිය 24 වැනිදාය. දින දෙකක් වැනි කෙටි කාලයකදී යුක්රේනය අත්පත් කර ගැනීම රුසියන් ජනාධිපතිවරයාගේ අරමුණ වූ බව මේ වනවිට අනාවරණය වී තිබේ.
කෙසේ නමුත්, යුක්රේන ජනාධිපති සෙලෙස්කී, ජනතාව ඒකරාශී කර ගනිමින්, හමුදාව සමඟ එක් වී, රුසියන් හමුදාවට අභියෝගයක් වී ඇති බැවින්, දිනෙන් දින යුද ගැටුම් දිග්ගැස්සෙමින් පවතී.

බොහෝ බටහිර රටවල් මේ වන විට රුසියන් ජනාධිපති පුටින්ට, ඔහුගේ රජයේ, හමුදාවේ සහ බුද්ධි අංශයේ ප්‍රධානීන්ට, ව්‍යාපාරිකයන්ට, බැංකුවලට ආර්ථික සම්බාධක පනවා ඇත.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදාවට පවසා ඇත්තේ යුක්රේන සිවිල් වැසියන් ආරක්ෂා කරමින්, යුක්රේන හමුදාව අඩපණ කිරීමට සටන් කරන ලෙසය. තමන්ට යුක්රේනය අල්ලා ගැනීමට අවශ්‍ය නම් එක්වර පහර දී එය සිදු කළ හැකි නමුත්, යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට මුල් තැන දීමට සිදුවනු ඇති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.

යුක්රේනයේ සිටින රුසියන් බස කතා කරන රුසියන් සම්භවයක් ඇති වැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ගන්නා උත්සාහයට සහාය පළ කරමින්රුසියාවේ මොස්කව් අගනුවර ජනාධිපති පුටින්ට ස්තුති කරමින් ජන රැළියක් ද පවත්වා පුටින් හිතවාදීහු ඊට සහභාගී වී ඇත.

(රොයිටර් ඇසුරින්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...