පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 20%ක් අධ්‍යාපන මට්ටම හෙළි කරන්න හොරයි

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් 20%ක පමණ පිරිසක් සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු ප්‍රධානීන් වෙත ලබාදීම මග හැර ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් යම් තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යා යුතු හෙයින් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව තොරතුරු ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් කලක සිටම ඉල්ලීමක් කර ඇතත් මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් එම ඉල්ලීමට තවමත් සාර්ථක ප්‍රතිචාර දක්වා නැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග හෙළිකරයි..

කෙසේ නමුත් සාමාන්‍ය ජනතාව ඇතුළු විවිධ පුද්ගලයන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් වැඩි වශයෙන් ඉල්ලා සිටින තොරතුරු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සුවිශේෂී බවත් එහෙත් මන්ත්‍රීවරුන් කොටසක් අධ්‍යාපන සුදුසුකම් එලෙස ලබා නොදීම නිසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම තොරතුරු ලබාදීම කළ නොහැකි වී ඇති බවත් පාර්ලිමේන්තු නිලධාරීන් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...