සියාම් සෙල්වදොරේගේ නවතම නවකතාව? – Mansions of the Moon

ශ්‍රීලාංකේය හා කැනොඩියානු සම්භවයකින් පැවත එන සම්මානනීය ජාත්‍යන්තර ලේඛකයකු වශයෙන් කීර්තියට පත් ලේඛකයකු වන සියාම් සෙල්වදොරේ ( Shyam Selvadurai / Born 12 February 1965 ) විසින් රචිත නවතම නවකතාව වනුයේ Mansions of the Moon – 2023 ය .

Funny Boy – 1994 නැමති නවකතාව රචනා කරමින් ඉමහත් ආන්දෝලනයකට හා කීර්තියකට උරුකම් කියූ ඔහු විසින් Canada First Novel Award හා Lambda Literary Award for Gay Fiction යනාදී ත්‍යාගය එම නවකතාව වෙනුවෙන් දිනාගන්නා ලදී.

Mansions of the Moon – 2023 ඔහු විසින් රචිත සිව්වැනි නවකතාව වන්නේ ය. මීට පෙර හෙතෙම Funny Boy / Cinnamon Gerdens / Hungary Ghosts නවවතා රචනා කර ඇත්තේ ය.

බුදුන් දවසෙහි එක්තරා කතාවක් පසුබිම්ව රචනා කරන ලද Mansions of the Moon – 2023 තුළින් බෞද්ධ දර්ශනය නූතන බෞද්ධ සංස්කෘතිය තුළ අවිඥානිකව පරිණාමය වී ඇත්තේ කෙසේ ද යන්න නවකතාකරුවා විසින් මෙම නවකතාව තුළින් ඉතා සියුම් ආකාරයෙන් ප්‍රශ්න කරන්නේ ය.
ශ්‍රීලාංකේය හෝ ශ්‍රීලාංකේය සම්බවයක් ඇති ලේඛකයන් ලේඛකයන් වශයෙන් ජාත්‍යන්තර තුළ වඩාත්ම කැපීපෙනෙන හා සම්මානනීය ලේඛකයන් තිදෙනකු වර්ධනයේ විදෙස්‌ගත සිටින බව පෙනේ. එනම් ඒ රොමේෂ් ගුණසේකර, ශෙහාන් කරුණාතිලක හා අනෙක් පුද්ගලයා නම්
සියාමි සැල්වදොරේ ය .

මගේ පුස්තකාලයට පැමිණ ඇති නවතම නවකතා අතර මෙම නවකතාව ද තිබෙන නමුදු මා එය තවම කියවා නොමැති නිසා පූර්ණ විචාරයක් කිරිමට නොහැකි ය.
(මෙම නවකතාව මෙරට මුදලින් මිල රු 2675 /= පමණ වේ. සරසවි පොත් සාප්පුවලින්)

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...