(මට දැං මොකක්හරි ලියන්න ගත්තහම ඉස්සෙල්ලාම “මා පඬියෙකු හෝ විද්‍යාඥයෙකු නොවේ” කියල ලියන්න හිතෙනවා)
චමිල ප්‍රියන්කගෙ සඟවෙදගුරු නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙලෙදි බැලුවා. ඒක බොහොම සැහැල්ලුවෙන් ගලායන, විනෝදකාමී මතුපිටක් තියෙන, ලංකාවෙ බලය හොබවන පන්තිය සම්බන්ධයෙන් වන දේශපාලන දෘෂ්ඨාන්ත නාට්‍යයක්. සාමාන්‍යයෙන් චමිලගෙ නාට්ටි ඒ වගේ. ඉස්සර ඉඳංම චමිල බොහොම දක්ෂ, සැහැල්ලු රචකයෙක්. නාට්ටියේ සියලු අංග බොහොම හොඳට සුමටව තිබුණා. කෞශල්‍යා ප්‍රනාන්දුත් කාලෙකින් සෑහෙන්න හොඳ කන්ටිනියුටි එකක් තියෙන රංගනයක නිරතවෙනවා. සංජය හෙට්ටිආරච්චි, මයුර කාංචන, නිලංක දහනායක, සේවියර් කනිෂ්ක, තිළිණ පෙරේරා, යශෝදා රසදුනී, ප්‍රමෝද් එදිරිසිංහ, තිවංක දොන් රණසිංහ, ඇතුලු අනිත් නලුනිලියො ටිකත් සෑහෙන්න ඉහල මට්ටමක රංගනයක් ඉදිරිපත් කරනවා.. ඒකෙ ඩ්‍රැමටික් ලැංවේජ් එකටත් මම කැමතියි. ආයාසයක් නැතුව ගලායනවා.
මම අකමැති කෑල්ලකට තිබ්බෙ ඒකෙ ප්‍රකාශනවාදී දෘෂ්ඨාන්තමය ගතිය තරමක් වැඩි එක විතරයි. මට හිතෙන්නෙ මේක අවසන් අදහස ඔලුවෙ තියාගෙන ටිකක් ඉක්මනට ලියපු නාට්‍ය රචනයක්. එහෙමත් නාට්‍ය රචනයට ප්‍රවේශවෙන්න පුලුවන්, ඒත් සිද්ධිවල ස්වභාවික ගලනයට ටිකක් ඉඩදෙන්න ඕන. නැත්තං අපිට ඒ චරිත ගැන කෙයා කරන්න හිතෙන්නැතුව යනවා. කොහොම උනත් ඒක දේශනාමය ස්වරූපයක් පේන්නෙ නැති විදිහට නිර්මාණය කරන්න නාට්‍ය කන්ඩායම සමත්වෙලා තියෙනවා. මම මේක ලියන්නෙ වැඩිය නාට්ටි බලන්නැති අයට. ලංකාවෙ හොඳ නාට්ටි හැදෙනවා ඕගොල්ලොත් ගිහිං බලන්න.