දේශසීමා අමතක කෙරූ දරු සෙනෙහස

පාකිස්තානය හා ඉන්දියාව අතර දේෂසීමා අර්බුදයන් නිසා පලුදු වූ හොද හිත ක්‍රීඩාව තුලදීත් විවිධ ගැටුම් ඇති කරන්න සමත් වුනා. ක්‍රිකට් හා හොකි තරග වලදී අවස්තා ගණනාවක ඉන්දියානු හා පකිස්තාන ක්‍රීඩකයන් අතර බහින්බස්වීම් සිදුවෙලා තිබෙනවා.

පාකිස්තානය සමග ක්‍රිකට් තරගයකට මුහුණදීම පාකිස්තාන ක්‍රීඩකයන්ට වඩා ඉන්දියානු ක්‍රීඩකයන්ට විශාල අභියෝගයක්. මන්ද තරග පරාජය ඉන්දියානු ක්‍රීඩාලෝලීන් කුපිත කරවන සිදුවීමක් විය හැකි බැවින්.

කෙසේ නමුත් ඊයේ (06.03.22) පැවති ඉන්දියා පාකිස්තාන ලෝක කුසලාන තරගයක් අතර තුර හරි අපූරු දෙයක් සිදුවුනා. ඒ පාකිස්තාන කණ්ඩායමේ නායිකාව වූ බිෂ්මා මහරූෆ් ක්‍රිකට් ක්‍රීඩාංගනයට තම දරුවාද රැගෙන ඒමයි. මෙය හරි අපූරු සිදුවීමක් වුනු අතර ලෝක මාධ්‍ය පමණක් නොව ඉන්දියානු මාධ්‍යත් මෙය ඉතා ඉහලින් වාර්තා කර තිබුනා.

ඇගේ දරුවා ඉන්දියානු ක්‍රීඩිකාවන්ව පවා සතුටු කල අතර ඔවුන් ඇගේ දරුවා සමග ඡායාරූප ලබාගන්නා අයුරුද මාධ්‍ය වාර්තා කර තිබුනා. ඇත්තටම එය ඔවුන් අතර පැවති තරහ කෝන්තර නැතිකර දැමූ සිදුවීමක් වුනා.

– මනුජිත් අබේරත්න(fb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...