සියලු රාජ්‍ය ආයතනවල වියදම් කප්පාදු කිරීමට තීරණය කරයි

රජයේ සියලුම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත.

මේ සඳහා නිර්දේශ ඇතුළත් කරමින් රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ .

ඒ අනුව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කරන්නේ සියලුම රාජ්‍ය ආයතන බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙළකට යොමුවිය යුතු බවයි.

මේ අනුව විදුලි සෝපානය භාවිතය අඩු කිරීම, අනවශ්‍ය විදුලි පහන් නිවාදැමීම, වායුසමීකරණ අක්‍රීය කිරීම, වාහන භාවිතය අවම කිරීම වැනි ක්‍රියාමාර්ග රැසක් යෝජනා කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...