මෙක්සිකෝවේ පාපන්දු තරඟයක් අතර ප්‍රේක්ෂකයින්ගේ ගැටුමින් 17 ක් මියයයි

මෙක්සිකෝවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ ගැටුමකින් ප්‍රේක්ෂකයින් 17 දෙනෙකුට දිවි අහිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Queretaro සහ Atlas යන ක්‍රීඩා සමාජ අතර තරගය පැවැත්වෙමින් තිබියදී තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් තුලින් මෙම ගැටුම ඇතිවී ඇති අතර මින් තවත් 26 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

මෙක්සිකෝවේ ප්‍රමුඛ පෙළේ අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලියක Queretaro සහ Atlas යන ක්‍රීඩා සමාජ යනු ප්‍රබල කණ්ඩායම් දෙකකි.

තරගයේ 63 වන මිනිත්තුවේදී මෙම ගැටුම හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

ගැටුම හේතුවෙන් තරගය අතරමැද නවතා දැමීමට බලධාරීන් තීරණය කර ඇති අතර මෙම තරගාවලියේ ඉදිරි තරග ද තාවකාලිකව අත්හිටුවීමට තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ.

තරගය අතරතුර ඇතිවූ මෙම ගැටුමේදී ඇතැම් පුද්ගලයින්ට විශාල පිරිසක් එක්වී අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාකර තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...