“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ හැමන්ඩ් නගරයේදී.
Baton Rouge International School ජාත්‍යන්තර පාසලින් මූලික අධ්‍යාපනය සම්පූර්ණ කරන ඇලීසා උසස් අධ්‍යාපනය සඳහා ඇතුල් වෙන්නේ අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධ ලෝකයේ ජනප්‍රිය Embry–Riddle Aeronautical University විශ්ව විද්‍යාලයටයි.
මේ වනවිට ඇලීසා Florida Institute of Technology හි වැඩිදුර අධ්‍යාපනය හදාරනවා.

ඇමරිකාවේ නාසා එකේ Marshall Space Flight Center එකට අනුබද්ධ U.S. Space & Rocket Center එකෙන් කරනවා ලෝක ප්‍රසිද්ධ Space Camp කියන සමර් කෑම්ප් එක. 1982 ඉඳන් තියෙන මේ කෑම්ප් එකට මේ වෙනකන් සහභාගි වූ ප්‍රමාණය ලක්ෂ 9 කට අධිකයි. නාසා එකේ ගඟනගාමීන් කීපදෙනෙක්ම ඔවුන්ගේ කුඩා කාලයේදී මේ Space Camp එකට ඇවිත් තියෙනවා.

ඇලීසා එයාගේ පළවෙනි Space Camp එකට සහභාගී වෙන්නේ වයස අවුරුදු 5 දී. මේ වෙනකොට ඇය සහභාගී වූ මුළු Space Camp ගණන 7 ක්.
ලෝකයේම පිළිගත් Space Camps තුන වෙන Space Camp US, Space Camp Turkey, Space Camp Canada තුනටම සහභාගී වුණ ලෝකයේ එකම කෙනා වෙන්නෙත් ඇලීසා කාර්සන්.

2013 දී නාසා එකෙන් සංවිධානය කරපු MER 10 (Mars Exploration Rover) පැනල් ඩිස්කෂන් එකට සහභාගී වෙන්නත් ඇලීසා ට හැකි වුනා.
ඇලීසා අවුරුදු 13 දී (2014) ඇමරිකාවේ ප්‍රාන්ත 9 ක තියෙන NASA Visitor Centers 14 ම විසිට් කරාම සම්පූර්ණ වෙන NASA Passport Program එක සම්පූර්ණ කරපු පළමු පුද්ගලයා වුණා.

ඇලීසා අවුරුදු 17 (2018) දී ගඟනගාමියෙක් වීමේ පළමු පියවර වෙන අභ්‍යවකාශයට යාමට අවශ්‍ය සහතිකය Advanced PoSSUM Space Academy එකෙන් ලබාගන්නේ ලෝක වාර්තාවක් සමගින්. ඒ එම සහතිකය ලබාගත් ලාබාලතම පුද්ගලයා වශයෙන්.
ඇලීසා අවුරුදු 18 (2019) දී ගුවන් යානා පැදවීමේ බලපත්‍රය ලබාගන්නවා.

ඇලීසා ට 2017 දී Louisiana Young Heroes සම්මානය හිමි වුනා. 2019 දී Louisiana State University එකෙන් පිරිනමන Esprit de Femme සම්මානය දිනාගත් ලාබාලතම පුද්ගලයා වෙන්නත් ඇලීසා ට පුළුවන් වුනා. 2020 දී Louisiana Life මැගසින් එක විසින් “විද්‍යා ක්ෂේත්‍රය නියෝජනය කරන හොඳම ලුයිසියානා ප්‍රාන්ත වැසියා” සම්මානයත් ඇලීසා ට ප්‍රදානය කරා.
ඇලීසා කාර්සන් මේ වනවිට Nike සහ SodaStream සන්නාම තානාපතිනියක් ද වෙනවා.

අඟහරු යන ආසාව ඇලීසා ට තියෙන්නේ අවුරුදු 3 ඉඳන් කියලයි ඇලීසා ගේ පියා, බර්ට් කාර්සන් කියන්නේ.
ඒ පැෂන් එකත් එක්ක සෑහෙන්න උවමනාවෙන් ඇලීසා තමාගේ අරමුණ වෙනුවෙන් මහන්සි වෙලා ඉගෙන ගන්නවා. ඒක මේ වෙනකොට එයා පිහිටවපු වාර්තා එක්ක තේරෙන දෙයක්.

ඇලීසා තමාගේ අඟහරු යන ආසාව ගැන හැමදාම වගේ කතා කරනවා. විශේෂයෙන්ම ඇයගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆොර්ම්ස් වල.
@NASAblueberry තමයි එයාගේ හැම සෝෂල් මීඩියා එකකම වගේ හැන්ඩ්ල් එක.

ඇලීසා නිසා ගොඩක් අලුත් පරම්පරාව, විශේෂයෙන්ම ගැහැණු ළමයින්ගේ විශේෂ උනන්දුවක් අභ්‍යවකාශ තාක්ෂණය ගැන ඇති වෙලා තියෙනවා. ඇලීසා කියන්නේ ඇත්තටම හොඳ සෝෂල් ඉන්ෆ්ලුවන්සර් කෙනෙක්. නාසා එක පවා ඇලීසා මේ අලුත් පරම්පරාව වෙනුවෙන් කරන වැඩේ ගැන ඉතා ප්‍රසාදයෙන් කතා කරලා තියෙනවා.

කුඩා වයසේ ඉඳන්ම ළමයි STEM (Science Technology Engineering Mathematics) අධ්‍යාපනය වෙනුවෙන් නැඹුරු කරන්න ඇලීසා සෑහෙන්න සක්‍රීයව දායක වෙනවා.
2030 විතර සිදු වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න අඟහරු මත ජනාවාස පිහිටුවීමේ ක්‍රියාවලියේ ආරම්භකයෙක් වෙන එක තමයි ඇලීසා ගේ ප්‍රධාන අරමුණ.

මෙහෙමයි. නාසා එකේ ගඟනගාමියෙක් වෙන්න සෑහෙන්න අමාරු බව අපි කවුරුත් දන්නවනේ. එයාලා අවුරුදු කීපයට සැරයක් තමයි ඇප්ලිකේෂන් කෝල් කරන්නේ. ඒකට ඇතුලත් වෙන්න මූලිකම සුදුසුකම තමයි විද්‍යාව අංශයෙන් උපාධිය සම්පූර්ණ කරලා තියෙන එක.
තාම ඇලීසා Astrobiology වෙනුවෙන් උපාධිය Florida Institute of Technology එකේ හදාරන ගමන් ඉන්නේ. එයා PhD එක බොහෝ වෙලාවට ලබා ගනියි ඉදිරියේදී.

කොහොම හරි උපාධිය සම්පූර්ණ කරනකන් එයාට නාසා එක ඇතුළට යන්න වෙන්නේ නැහැ.
උපාධිය සම්පූර්ණ කරලා, ඇප්ලිකේෂන් කෝල් කරන කාලෙකට ඇප්ලිකේෂන් දැම්මත් නාසා එකට හැමෝවම ගන්නේ නැහැ. සුදුසුකම් පිළිවෙලට තමයි ගන්නේ. ඒ කියන්නේ සිලෙක්ට් වෙන්න තියෙන චාන්ස් සෑහෙන්න අඩුයි කාට වුනත්.

ඇලීසා ම එක තැනකදී කියනවා “මම දන්නවා නාසා එකට යන්න අමාරුයි කියලා. ඒත් මාව එයාලා තොරගන්නකන් මම දිගටම ඇප්ලයි කරනවා” කියලා. මෙච්චර වාර්තා තියලා, ඒ ජෙනරේෂන් එකේ වැඩ පෙන්නලත් ඇලීසා දන්නවා සිලෙක්ට් වෙන්න තියෙන අමාරුව.

ඉතින් නාසා එක ඇලීසා ව 2030 දී අඟහරු යවන්න තියා ඇතුළට ගන්නවත් ප්ලෑන් එකක් නැහැ තවම. ඇලීසා කොච්චර දක්ෂයෙක් වුණත් කාලය අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ කියන එකයි ගොඩක් දෙනෙක් කියන්නේ.

සෝෂල් මීඩියා එක නිව්ස් ගහන්න පටන් ගත්තා “අඟහරුට යන ඇලීසා කාර්සන්” කියලා. ඉතින් නාසා එකට සිද්ධ වුනා මාධ්‍ය නිවේදන පවා නිකුත් කරන්න ඇලීසා කාර්සන් එක්ක කිසිම සම්බන්ධයක් දැනට නාසා එකට නැහැ කියලා.

මේක කිසි ලෙසකම ඇලීසා කාර්සන් ගේ මාකටින් ස්ටන්ට් එකක් නෙමෙයි. අදටත් ඇය ඇයගේ අරමුණ වෙනුවෙන් ජෙනුයින්ලි මහන්සි වෙනවා. මෙතන වුණේ මීඩියා වලට ඕනේ විදියට කතාව හදපු එක. සයන්ස් රිලෙටඩ් දේවල් වලට සාහිත්‍ය අලංකාර දාලා ලස්සන කරන්න යාමේ ප්‍රතිපල තමයි මේ.

ඕකේ මහා පුදුම වෙන්න දෙයක් නැහැ. අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉන්න, විශේෂයෙන්ම අභ්‍යවකාශයට මේ වෙනකොටත් ගමන් කරන හැම දෙනාම යන්නේ තමන්ගේ අන්තිම ගමන යන විදියට තමයි. ඒක තමයි මේ ක්ෂේත්‍රයේ තියෙන අවිනිශ්චිතභාවය. 100% ක්ම ආරක්‍ෂිත ක්‍රියාවලියක ඇනමොලි එකක් ඇවිත් ඛේදවාචකයක් වෙන්න යන්නේ තත්පර ගානයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන අය ඊට කලින් දවසේ රෑ කෑම එකේ ෆොටෝ එකක් එයාලගේ සෝෂල් මීඩියා අක්වුන්ට්ස් වල දාන්නෙත් “අන්තිම කෑම වේල” කියලයි. එච්චරට මේ අවිනිශ්චිත බව එයාලට සාමන්‍ය දෙයක්. ඒක ඇලීසා කාර්සන් ටත් පොදුයි.
ඔන්න ඕකයි කතාව.

මේක කිසි ලෙසකම ඇලීසා කාර්සන් ගේ මාකටින් ස්ටන්ට් එකක් නෙමෙයි. අදටත් ඇය ඇයගේ අරමුණ වෙනුවෙන් ජෙනුයින්ලි මහන්සි වෙනවා.
මෙතන වුණේ මීඩියා වලට ඕනේ විදියට කතාව හදපු එක.
සයන්ස් රිලෙටඩ් දේවල් වලට සාහිත්‍ය අලංකාර දාලා ලස්සන කරන්න යාමේ ප්‍රතිපල තමයි මේ.

විකුම් හර්ෂණ (fb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...