‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින පියෙකුගේ ඔබ මොබ ඇවිදින රූප පෙළකින් චිත්‍රපටය පළමු දර්ශන පෙළ ආරම්භ වෙනවා. තනිකඩ පියා වන අලී සහ ඔහුගේ පුතුට දැඩි කුසගින්න ඉවසා දරාගත නොහැකිව අනෙකුන් කා ඉවත දමන ලද ඉතිරි වී ගිය ආහාරවලින් බඩගින්න නිවා ගන්නවා. දරිද්‍රතාවයෙන් හෙමිබත් වූ අලී යනු මුදලට පොර බඳින මල්ලව පොර ශූරයෙකි. අලී විසින් සොචිචමි මුදලකට විවිධ ස්ථානවල මෙහෙකමි වෘත්තින්හි යෙදෙති. අලීට අහමිබයෙන් මෙන් මුණ ගැසෙන ස්ටෙෆනි නමි තැනැත්තියකි. ඇය තල්මසුන් පුහුණු කරන්නියකි.

අවාසනාවන්ත ලෙස ස්ටෙෆනිගේ දෙපා අහිමි වන්නේ දරුණු අනතුරකට මුහුණ පෑමෙි ප්‍රතිඵලයක් වශයෙනි. දැන් අලී සහ ස්ටෙෆනිගේ ජීවිතය ගලාගෙන යන්නේ එකම දිශාවකට ය. දෙදෙනාටම දැන් අහිමි වීම් කන්දරාවකින් මුහුණ පෑමට සිදු වී ඇත. අලී විරැකියාවෙන් හෙමිබත්ව කුසගින්න සහ තම පුතුගේ පැවැත්ම වෙනුවෙන් වෙිදනාව වැළඳ ගනිමින් මුදලට සටන් කරති. ⁣ස්ටෙෆනිගේ අහිමි වීම සහ මානසික කඩා වැටීම තම දෙපා අහිමි වීම තුළය. ඇගේ පෙමිවතා ඔහුව අතරමං කර පළා යති. අලී ඇයට පිහිට වෙයි. මෙි සමිමානනීය ප්‍රංශ භාෂිත චිත්‍රපටයක් වන ‘රස්ට් ඇන්ඩ් බෝන්’ චිත්‍රපටයේ කතා සාරාංශයයි.
‘රස්ට් ඇන්ඩි බෝන්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සමිමානනීය අධ්‍යක්ෂකවරයකු වන ‘Jacques Audiard’ විසිනි. චිත්‍රපටය පුරාවටම සමිමානනීය රංගනයක් ඉදිරිපත් කරන විශිෂ්ට නිළි ‘Marion Cotillard'(ස්ටෙෆනි) සහ නළු ‘Matthias Schoenaerts'(අලී) දෙපළ විසින් ප්‍රේක්ෂකයා කමිපනයට පත් කරන්නට සමත් වෙනවා වගේම චිත්‍රපටයේ ප්‍රශස්ත තිර රචනය විසින් චරිත⁣යන්හි සියුමි තැන්වලින් පවා ප්‍රේක්ෂකයා චරිතය කෙරෙහි සහවෙිදනය ඇති කරවන්නට සමත් වෙනවා.

මිනිස් ශරීරයේ ජීවයේ පදනම අස්ථි(Bones) ය. මිනිස් ශරීරය පුරා අස්ථි කොටස් 207කින් සමන්විත වන අතර අවයව අතරින් වැඩිම අස්ථි ප්‍රමාණයක් ඇත්තේ අතෙහිය. එක් අතක අස්ථි සංඛ්‍යාව 27කි. චිත්‍රපටය පුරාවටම තම පැවැත්ම වෙනුවෙන් අලීගේ දෙඅත සංකේතයක් විදියට නිරූපණය වෙනවා. ඒ ව⁣ගේම මුහුද නමැති පුළුල් අවකාශය ස්ටෙෆනිගේ ආත්මය සහ ඇය සෑම මොහොතකම විඳවන වෙිදනාව ⁣පිළිබඳ සංඥාවක් නිකුත් කරනවා. භෞතික අනතුරකදි මිනිස් මනසට පහර පිට පහර එල්ල කරන දැඩි ආතතියට එරෙහිව මනස ශක්තිමත් කරගන්නේ කෙසේද? අප අනෙකාගේ වෙිදනාව තේරුම් ගත යුත්තේ කෙසේද? සහ සමීපතමයකු අහිමි විමක් ආසන්නයේ අපේ ප්‍රතිචාරය කුමක්ද? යන්න නිරූපණය කරන ප්‍රශස්ත චිත්‍රපටයක් විදියට ‘රස්ට් ඇන්ඩ් බෝ්න්’ චිත්‍රපටය නමි කරන්න පුලුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...