“මගහැරුණු දූපත්”තුළ මගහැරුණු හදවත්

" දිව්‍යමය  භාවය සහ රාක්ෂස භාවය පුද්ගලයා තුළ  මෙන්ම මළවුන් තුළ ද ඇති බව  තාඕ දහම ප්‍රකාශ  කරයි.රූපකාය (po) සහ ආත්මය (hun) yin සහ yang  යනුවෙන්  හඳුන්වයි.තවත් විදියකට සඳහන්  කළොත් පෘථිවිය  සහ  ස්වර්ගයයි.රූපකාය පෘථිවියට ද ආත්මය  ස්වර්ගයට ද අයත් වෙයි.

පුද්ගලයා තුළ ම අන්තර්ගතවී ඇති මේ ද්විප්‍රකාරය ,පුද්ගලයා මියගිය පසු රූපකාය පෘථිවිය සමග ද ආත්මය ස්වර්ගය සමගද එකතු වෙයි….”
-‘තාඕ දහම ‘-(Daoism)

ආචාර්ය ,පොල්ගස්වත්තේ ,පරමානන්ද හිමි.

තාඕ දහමේ ,මූලික ඉෂ්ට සිද්ධි ලෙස ,එය අදහන චීන වැසියන් බැතියෙන් වැළඳගන්නා , රීතින් තුළින් එකක් වන ඉහත සඳහන ,නිතැතින්ම සිහියට නැගුණේ ,ප්‍රභාත් ජයසිංහ නම් සූර කෙටිකතා ලියන්නාගේ නවතම කෙටිකතා එකතුව වන ‘මගහැරුණු දූපත් ‘ කියවා ,අවසන් කිරීමෙන් පසුව ය.
කෙටිකතා අටකින් ,සමන්විත “මගහැරුණු දූපත් ” හි ,කොතැන කොයි රටක කොයි ලෝකයක හෝ මගහැරුණු මිනිසෙකු ,නැතිනම් මගහැරුණු මිනිස් සමූහයක් ,එහෙමත් නොවේ නම්, මගහැරුණු හදවතක් හෝ මගහැරුණු හදවත් සමූහයක් අපට හමුවීම නොවැළැක්විය හැකි ය.

එහිදී වඩා වැදගත්ම මොහොත වනුයේ ,ඒ මගහැරුණු මිනිසා හෝ මිනිස් සමූහය තුළ ,කියවන්නා නැතහොත් පාඨකයා වන අප මෙන් ම ,මගහැරුණු
හදවත් පිළිබඳව ලියූ ,නිර්මාණකරුවා ද එකම වේදිකාවක එක පෙළට අසුන්ගෙන සිටිනයුරු දකින්නට ලැබීම ය.

එය හරියටම ම ,අර තාඕ නියමයන් තුළ මෙන් ,ද්විප්‍රකාර ආත්ම එකම මොහොතක එකට සම්මුඛ වීමක් බඳු ය.

ස්ථිරසාර ලෙස ම දූපත් වැසියන් වන අප ,තවමත් නොදන්නා කරුණ වන්නේ ,අප තුළ ම වන අභ්‍යන්තර දූපත් ,සොයා පහදා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වන හැරවුම් ලක්ෂය හෝ මාර්ගය ය.එය ද අර තාඕ කියන විදියේ ,එක් පුද්ගලයකු තුළ ම තිබෙන ද්විප්‍රකාරය නැතහොත් දිව්‍යමය භාවය සහ රාක්ෂස භාවය හඳුනා ගැනීමට ඇති නොහැකියාවේ ඛේදය ම විය හැකිය.

සාහිත්‍යයේ නැතහොත් ,ලියන්නාගේ ,කාර්‍ය්භාරය පුද්ගල අභ්‍යන්තරයේ පවතින ,එනමුදු කිසිදු පුද්ගලයෙකුට එකවර ක්ෂණිකව ,බදා වැළඳ ගත නොහැකි ,නැතිනම් හඳුනාගත නොහැකි ඒ මිනිස් සන්තානයේ රහස් ඉම් පෙදෙස ,සීල් තබා ඇති අභ්‍යන්තර පෙට්ටගම කිරි,කිරියක් නොනගා විවර කර ගැනීමේ ,යතුර සපයා දීම පමණක් ම නොවේ ද?

‘මගහැරුණු දූපත් ‘ හි ,කුඩා මොහොතවල් සියල්ලෙහි ම මතුපිටින් දැක එකවර කෙනෙකුට හඳුනාගත නොහැකි ඒ ,රහස් යතුර සඟවා ඇතැයි සිතේ.
පාඨක විචාරක විනිසුරු සම්භාවනාවට පාත්‍ර වූ ,සම්මානිත ,නිර්මාණකරුවකු වන ,ප්‍රභාත් ජයසිංහ ගේ ‘මගහැරුණු දූපත් ‘ ඔහුගේ හත්වැනි කෙටිකතා එකතුවයි.

කියවා බලන්න !

ඔබේ හදවත් දූපතේ ,රහස් පෙට්ටගමේ යතුර ඔහු නොවැරදීම මෙහි සඟවා තබා ඇති .

“මගහැරුණු දූපත් “

ප්‍රථම මුද්‍රණය -2023

ප්‍රභාත් ජයසිංහ .

ප්‍රකාශනය – සරසවි

කවරය – විකුම් ජිතේන්ද්‍ර

මිල – 750/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...