කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු ලේඛිකාවක වූ ඇලිස් මුන්රෝ පැය කිහිපයකට පෙර සිය ජීවිත ගමන අවසන් කළාය.

කෙටිකතාව ගැන කතාකරන විට ඇන්ටන් චෙකොෆ් තරම් කෙටිකතාවට සේවයක් ඉටුකළ, ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා කලාවට ආසන්න බවක් ගත් ඇයගේ සාහිත්‍ය ගමන අවසන් කරනවිට ඇය 92වැනි වියේ පසුවූවාය. ඇයගේ සාහිත්‍ය ජීවිතයේ පළමු කඩඉම ලෙස සටහන් වන්නේ 1968දී ඇය විසින් පළ කළ Dance of the happy Shades නම් කෙටිකතා සංග්‍රහය කැනඩාවේ ඉහළතමත සාහිත්‍යය සම්මානය දිනාගැනීමය. කෙටිකතා සංග්‍රහ 13ක් පළ කර ඇති ඇය එක් නවකතාවක්ද ලියා ඇත.

1977 දී ප්‍රකට නිව්යෝකර් සඟරාව විසින් Royal Beatings නම් කෙටිකතාව ඔවුන්ගේ සඟරාවේ පළ කරන අතර එම කෙටිකතාවට පාදක වී ඇත්තේ කුඩා දැරිවියක ලෙස ඇයගේ පියාගේ පහරදීම්වලට ලක්වූ ඇයගේ කතාවමය. තරුණ වියේදීම ලන්ඩනයේ වෙස්ටර්න් ඔයාරියෝ විශ්වවිද්‍යාලයට පිවිස අධ්‍යාපනය ලැබුවාය.

ජීවිත කාලයට එකවරක් පිරිනමන මෑන් බුකර් ජාත්‍යන්තර සම්මානය 2009 වසරේදී ඇයට හිමි විය. එහිදී එහි විනිශ්චය මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ “මුන්රෝගේ කෙටිකතා කියවන හැමවිටම, මීට කලින් හිතලවත් නැති ඉගෙනගන්නට අළුත් දෙයක් තියෙනවා,“ යනුවෙනි.

නොබෙල් කමිටුව 2013 දී ඇයට නොබෙල් සම්මානය පිරිනැමුවේ , “සමකාලීන කෙටිකතාවේ විශිෂ්ටතමයෙක්“ ලෙස හඳුන්වමිනි.
මුන්රෝගේ කෙටිකතාවක් ඔබ කියවා නැත්නම් එය ඔබගේ කියවීම අසම්පූර්ණ කරන්නක් බව කිව යුතුය. මේ විශිෂ්ට කෙටිකතාකාරිණියට අපි සුබ ගමන් පතමු!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...