අවුරුදු සීයක්.. දාහක්.. මිලියනයක් කැරකිලා පෘථිවිය ආපහු සැරයක් අළුත් ජීවියෙක් බිහි කරාවි – චික්සුලුබ් ආවාටය.( Chicxulub Crater)

ලෝකය පුරාම දේව ඇදහිලි සහ ආගමික කතාවල අලි ඇතුන්.. උකුස්සන්.. විශාල සර්පයින් .. අමුතු ඔළු හතේ මාළුවන් වගේ විවිධ සත්තු ඉන්නව.

සමහර කතා වල මකරුන් හා පියාඹන අස්සයින් ඉන්නව.
ඒත් ඒ පරන කතා එකකවත් ඩයිනෝසෝරයන් නැති එක හරි පුදුමයක්.

සමහර විට දෙවියන්ටත් .. මිනිසුන්ටත් වඩා පැරනි ඉතිහාසයක් එයාලට තියෙන නිසා වෙන්න පුළුවන්.

ඒ අය ජීවත් වුනේ දැනට වසර මිලියන 66 කට කලින්.

ඒත් ඒ අය හිටි හැටියෙ පෘථිවියෙන් අතුරුදන් වුනේ කොහොමද.?

අපි අහල තියනව විශාල උල්කාපාතයක්.. එහෙමත් නැත්තං උල්කාපාත වර්ශාවක් ඇවිල්ල මුළු පෘථිවියම විනාශ කරා කියල.

මේ පිංතූර වලින් පෙන්නන්නෙ මෙක්සිකෝවේ යුකාතාන් ( Yucatan) අර්ධද්වීපයේ තියෙන චික්සුලුබ් ආවාටය.

ඒ කියන්නෙ අපි කතා කරන මේ උල්කාපාතය පොළවට පතිත වුනු තැන කිලෝමීටර් 180 ක වගේ විශ්කම්භයක් වගේම කිලෝමීටර් දහයක් වගේ ගැඹුරක් තියෙන ආවාටය නිර්මාණය කරන්නෙ මෙන්න මේ අපි කතා කරන උල්කාපාතය විසින්.

කිලෝමීටර දහයක විතර විශාල විශ්කම්භයක් තියන මේ උල්කාපාතය පොළව එක්ක ගැටීමෙන් මහා ලොකු පිපිරීමක් වගේ විනාශයක් ඇති වෙනව.
ඒත් එක්කම අහසට නැගෙන දුම් හා දූවිලි වලාවකින් පෘථිවිය සම්පූර්ණයෙන්ම වහ ගන්නව.
එතකොට මොකද වෙන්නෙ.. ඉර එලිය පෘථිවියට වැටෙන එක වලකිනව.

ගස් වැල් විතරක් නෙවේ සත්ව වර්ග වලින් 75% කට වැඩි ප්‍රමාණයක් පෘථිවියෙන් වඳවෙලා යන්නෙ මේ හේතුව හින්දයි.
මේ දූවිලි වලාකුළු අයින් වෙලා ආපහු සැරයක් පෘථිවිය හුස්ම ගන්න පටන් ගත්තෙ මේ අණතුරින් අවුරුදු 30,000 කට විතර පස්සෙ.
1970 අවුරුද්දෙ පෙට්‍රල් හොයාගන්න කරන කැණීම් වලදි තමයි මුලින්ම මේ ආවටය මිනිස්සුන්ගෙ අවධානයට යොමුවෙන්නෙ.
ඇලන් රසල් හයිඩර්බන්ඩ් ( Alain Russel Hydenbird) තමයි මේ ආවාටය හා උල්කාපාතය ගැන සම්භන්ධයක් ඇති බවට සැක පහල කරේ.
ඒ මහත්තයා රාජකාරි කලේ එක්සත් ජනපදයේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ.

වෝල්ටර් අල්වාරෙස් සහ එයාගෙ තාත්ත ලුයිස් වෝල්ටර් අල්වාරෙස් දෙන්න තමයි මේ න්‍යාය ලෝකෙට ඉදිරිපත් කරේ.
( Walter and Louis Alvarez)

වසර ගානක පර්‍යේශණ වලින් පස්සෙ 1990 අවුරුද්දෙ තමයි මේ අදහස විද්‍යාඥ්ඥයින් විසින් සාක්ශි ඇතිව විස්තර කරල පෙන්නන්නෙ.

මේ උල්කාපාතය නොවැටුනානම් ..සමහර විට අපි .. ඒ කියන්නෙ මිනිස්සු… මේ පෘථිවියේ නිර්මාණය නොවෙන්නත්.. , ඩයිනෝසෝරයන් තව දුරටත් රජ කරන්නත් හැකියාව තිබුන වෙන්න පුළුවන් මේ අපි අද ජීවත් වෙන බිමේ.

එහෙම වුනා නම් පෘථිවියට මේ තරම් විනාශයක් නොවෙන්න ඉඩ තිබුන.

අනිත් අතින්… වසර බිලියන හතර හමාරකට වඩා වයස පෘථිවියට අවුරුදු දාස් ගානක් විතරක් ජීවත් වුනු මිනිසා දූවිල්ලක් තරම් වටිනවද.
අවුරුදු මිලියන 165ක් පුරා ඩයිනෝසෝරයන් පෘථිවියේ ජීවත් වුනා.

ඒත් තමන් ගැන මහා ලොකුවට ආඩම්භර වෙන මිනිසාගේ වානර යුගය පටන් ගන්නෙත් වසර 200,000 තරම් මෑත කාලයේ.
මොන විනාශය සිද්ධ කරත් විනාශ වෙන්නෙ මිනිසා විතරයි කියල ඒ අයට නොවැටහීමයි පුදුමෙ.

අවුරුදු සීයක්.. දාහක්.. මිලියනයක් කැරකිලා පෘථිවිය ආපහු සැරයක් අළුත් ජීවියෙක් බිහි කරාවි.

අඩුම තරමෙ මිනිසා සිටි බවට සාක්ශියක් වත් නැති වේවි.
සොබාදහම ඉස්සරහ මිනිසා පුංචිම පුංචි කූඹියෙක් විතරයි.

උල්කාපාතයක් නොවැටුනත් අර කියපු හීනමානය නිසාම මහා පිපිරීමක් නිර්මාණය කරගෙන අතුරුදන් වෙන්නද මිනිසා උත්සාහ කරන්නෙ කියල කාට හරි හිතුනොත් ඒක පුදුමයක් නෙවේ.
– Malcolm Sang (fb)

Picture. Calgary org

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...