‘බක් මාසය ගෙවිල ගිහින් බෙග් මාසය’ එළඹෙද්දි කරපු මේ සංවාදය

මං සාමාන්‍යයෙන් රෑට නින්දට යන්න ඉස්සර Youtube එකේ අපේ යාලුවෝ කරන එක එක interviews/programs බලනවා. ඊයෙ රෑ එහෙම බලපු ප්‍රෝග්‍රෑම් එකක් තමයි ජනක කුඹුකගේ කරන lines and beyond වැඩසටහනට ඉෂාක් බෙග් සමග කරපු සම්මුඛ සාකච්ඡාව. ජනක ඒ සාකච්ඡාවෙන් කරන්නේ, ඉෂාක් බෙග් ගෙන් ඔහුගේ පියා වන මොහිදීන් බෙග් ව විමසන එක. සමන් අතාවුදහෙට්ටි කියනවා වගේ ‘බක් මාසය ගෙවිල ගිහින් බෙග් මාසය’ එළඹෙද්දි කරපු මේ සංවාදය තුල ; පළවෙනි ලෝක යුද්ධය අවසන් වනවත් එක්ක (1919) ඉපදිලා, ලංකාවට ඇවිත් (1931) ලංකාවේ සංගීතයට කරපු දායකත්වය ඉක්මවා ගිහින්, මේ රටේ බෞද්ධ ජනවිඥානයේ පැලපදියම් වුන හැටි හරි අපූරුවට මේ සංවාදයේදී එළිදැක්වෙනවා.

ඉන්දියාවේ මන්නාඩේ, මොහොමඩ් රාෆි සමග හරි හරියට ගීත ගායනා කරපු හැටි ඉෂාක් බෙග් ඉදිරිපත් කරන්නේ ගැයුම් සපිරි නාට්‍යානුසාරයෙන්. කවාලි වැනි ඉන්දියානු තනුවලට ගැයූ ගීත මෙන්ම ගවුස් මාස්ටර ගේ original තනුවලට යූ.ඩී පෙරේරා, කරුණාරත්න අබේසේකර වැන්නවුන් රචනා කළ සිංහල පදමාලාව ශබ්ද නැගුවේ ඔහුටම අනන්‍ය ( මුස්ලිම්? ) ඌරුවකට. ඒක අපේ සිංහල අයට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉෂාක් බෙග් පාස්කු (ප්‍රහාරය) හඳුන්වන්නේ පාසිකුඩා කියලා. ජනක ඒක හදන්න යන්නෙත් නෑ. මොකටද? කියන්නෙ මොකක්ද කියලා අපිට තේරෙනව නම්, මොනවට ද? (මොහිදීන් මාස්ටර් සමහර සිංහල වචන අහගන්නේ ඉෂාක් ගෙන්ලු.)

මේ සංවාදය මුල ඉඳන් අහගෙන හිටපු මගේ ඇස්වලට කඳුළු ආවා. ඒ ඇයි කියන්න මං දන්නෑ. ඉෂාක් කතා කරපු දේවල්, ඒ කතා කරපු විදිහට වෙන්න ඇති. සංවාදය පුරාම ඉෂාක් තම හැඟීම්බර කටහඬේ ආධිපත්‍යය පැතිරුවා. ජනක හරි වෙලාවට හරි ප්‍රශ්න ටික ඇහුව විතරයි. ඊට පස්සේ නිහඬව හිටිය. ලංකාවේ වෙසක් තොරණ, දන්සැල්, පින්කම් තියෙන තාක් කල් ‘බෙග් බෞද්ධ ගීත සම්ප්‍රදාය’ බෙග් පරපුර පවත්වාගෙන යාවි.

1991 cataract අයින් කරන්න ඔපරේෂන් එකට සිහි නැති කළාම ආයේ සිහිය ආවේ නෑලු. සමහර විට ඔහු තාමත් සිහිය එනකම් බලා ඉන්නවා ඇති. ඒ තරමට ඔහු අපේ රටට අපේ මිනිස්සුන්ට ආදරෙයි . ඔහුට සිහිය ආපු නැති එක දැන් වෙන දේවල් දිහා බලනකොට කොච්චර වටිනවද කියලත් හිතෙනවා.
සංවාදය මෙතනින් බලන්න පටන් ගන්න. නවත්තන්න හිතෙන එකක් නෑ:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...