ගල් වලින් ගගහා මට ඔක්කෝම
එළවද්දි
අයියා මට හම්බුණේ මහ පාරෙ බිම
ඉද්දි
කකා හිටි බත් එකෙන් බත් ටිකක් මට
දෙද්දි
අයියගේ කකුල් නෑ දැක්කෙ මං බත්
කද්දි
මං වගේමයි අයියා පාරෙ දුක් විඳිනවා
මට ගහපු හැමෝටම කකුල් දෙක
තියෙනවා
කකුල් නැති දෙවි කෙනෙක් ඔයා මට
වටිනවා
බය නැතුව නිදියන්න මං ළගින්
ඉන්නවා