කමක් නෑ නුඹ, නෑවිදින් ඉන්න…
පාළුවක් නැහැ මෙහෙ..
නකජිමා සොහොන් බිමේ බොහෝ අය ඉන්නව තනියට
තෙතබරිත සිසිරයේ සීතල දරාගන්න බෑ නුඹට…
කෝපිහල් තුල….
කොනේම මේස..
තාමත් පාළුවට ගිහින් ඇති නේද..?
ඒත් කවුරුන් හෝ ඒවි ඉක්මනින්ම..
ඔබේ කෝපි බඳුනේ තනිය පුරවන්න..
කමකුරාවෙ වීදි දිග සකුරා මල් පිපෙනව ඇති නේද වෙනද වගේම…..
කමක් නෑ නොරිකෝ
නුඹ නෑවිත්…
සුබකි මල් සුවඳ පමණක් …
සුළඟක අමුනන්න.
මට ඒ ඇති…..
නොගොසින් ඒමක් නැතැයි කීවට…,
ගිය කෙනෙක් ආපහු ඇවිදින් තිබුනද..?
ඉතින් ඔබ වේලාසනින් නෑවිදින් ඉන්න ……..
කැමිලෝ (Camilo Smith)