පොත් කියවන හැන්දෑව සහෘද සංසදය මගින් සංවිධානය කළ පොත් කියවන හැන්දෑව දෙවන අදියර වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන ලෙස මෙවර ස්වර්ණ පුස්ථක හා විද්ද්‍යෝදය සම්මන ද්වයෙන්ම පිදුම් ලැබූ චන්ද්‍රරත්න බණඩාරයන්ගේ ‘ප්‍රේමානිශංස’ නව කතාව පිළබඳ සාකච්ඡාව 2022.10.13 දින කොළඹ මහජන පුස්ථකාල ලොබියේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා මහාචාර්ය ගාමිණී කීරවැල්ල, සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක සහ රශ්මික මණ්ඩාවල යන සහෝදරවරුන් ද කෘතියේ කරතෘ චන්ද්‍රරත්න බණ්ඩායන්ද සහභාගී වූහ. ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හමුවේ වුවද සැලකිය යුතු පාඨක රසික ප්‍රජාවක් වැඩසටහනට සහභාගි වීම අගය කළ යුතුයි.
කෘතිය පිළිබඳව සිය අදහස් දක්වමින් මහාචාර්ය කීරවැල්ල මහතා විසින් ඉතිහාසකරණයේ දී ප්රබන්ධකරණය අත්පත් කරගනු ලබන වැදගත්කම සහ මෙම කෘතිය තුළ හදුනාගත හැකි සුවිශේෂතා පිළිබඳව අවධානය යොමු කරන ලදි. ඒහිදි ලාංකිය සමාජය තුළ පංති විකාශනය වීමේදි සිදු වු වෙනස්කම් දෙස අවධානය යොමු කළ හැකි කෘතියක් ලෙස ප්‍රේමානිශංස කෘතිය හදුන්වන ලදි.
චුලානන්ද සමරනායක මහතා විසින් වෙනත් මානයකින් නව කතාව විග්රහ කළ අතර විශේෂයෙන්ම මානව ප්‍රේමය පිළිබඳ දියුණු කතිකාවක් මත කරන කෘතියක් ලෙස ප්‍රේමානිශංස නව කතාව හදුන්වන ලදි. තරුණ ලේඛකයෙකු වන රශ්මික මණ්ඩවල සිය අදහස් දැක්වීමේ දී චාරිකා පදනම් කරගෙන නිර්මාණය වන නවකතාවක් ලෙස එක් චාරිකාවකින් තවත් චාරිකාවක් ලෙස දිවෙන ප්‍රබන්ධය තුළ මිනිසුන් තුළ ඇති සංවර්ධනයන් මෙන්ම වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කළ අතර වර්තමාන සමාජය විසින් ප්‍රේමයේ ආනිශංස විඳගත හැකි සමාජයක් නිර්මාණය කර තිබේද යන්න නව කතාව තුළින් ප්‍රශ්න කරන බව අදහසක් ලෙස මතු කරන ලදි.
වැඩසටහන තුළ දී ආරාධිත දේශකයින්, රැස්ව සිටි පාඨකයින් සහ කර්තෘ චන්ද්රරන්ත බණ්ඩාරයන් විසින්ද සිය අදහස් ඉදිරිපත් කරන ලදි. මෙම වැඩසටහන් මාලාව හැම මාසයකදි ම එක් කෘතියක් ලෙස ඉදිරයට ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. පැවති විවිධ තාක්ෂණික අපහසුතා හේතුවෙන් සමාජ මාධ්‍ය සජීවි විකාශය තුළ යම් යම් අඩුපාඩු තිබූ බව පසුව හඳුනා ගන්නා ලද අතර ඉදිරි වැඩසටහන් වලදි එම දුර්වලතා අවම කර ගැනීමට අපේක්ෂා කරමු.
සාකච්ඡාව ශ්‍රවණය කිරීමේ හැකියාව පවතී.
වැඩසටහන තව දුරටත් සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ අදහස් ඉදිපත් කරන ලෙසද ඉල්ලමි. වැඩසටහන සාර්ථක කර ගැනිම සඳහා ආරාධිතයිගෙන්, කතුවරයාගෙන මෙන්ම වැඩසටහනට සහභාගි වු සියලුම පාඨකයින්ගෙන් ලද අනගි සහයෝගය බෙහෙවින් අගය කරමු.
සෝමසිරි ඒකනායක
(ඡායාරූප අයිතිය පීටර් ජෙරම් තිසරණ සහෝදරයාට)