ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ ඇසට “නිර්මාණයේ කුලුනු” තුන දීප්තිමත්ව දිස්වෙයි

පසුගිය ඔක්තෝබර් 19වෙනි දින එක්සත් ජනපද NASA ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය වන ESA එක්ව ඉතාම අපූර්වතම ඡායාරූපයක් ප්‍රථම වරට මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.
මෙහි මුලින්ම දැක්වෙන්නේ එම දීප්තිමත් ඡායාරූපයයි.

උතුරු අහසේ පිහිටි Serpens ( සර්පයා ) නම් තාරකා මණ්ඩලය තුල ආලෝක වර්ෂ 6,500ක් ඈතින් දිස්වන දැවැන්ත වායු හා දූවිලි වලාවක් වන ඊගල් නීහාරිකාවට ( Eagle Nebula ) අයත් ” නිර්මාණයේ කුලුනු ” ( Pillars of Creation ) නමින් එදා හැඳින්වූ යෝධ ඇඟිලි තුන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට අද පෙනෙන ආකාරය එම පළමු ඡායාරූපයේ දැක්වෙනවා.
දෙවෙනි ඡායාරූපයේ දැක්වෙන්නේ එදා මුලින්ම 1995 වසරේ අප්‍රේල් මස 1වෙනි දින හබල් අභ්‍යවකාශ දුරේක්ෂයට එම ” නිර්මාණයේ කුලුනු ” තුන මුලින්ම දිස් වූ අන්දමයි.
මෙම පළමු සේයාරුව ගෝලීය සංස්කෘතිය කෙරෙහි ඇති කළ බලපෑම එය ටී ෂර්ට් සහ කෝපි මග් වල පවා සටහන් කිරීමට තරම් හේතු වුණා.

මෙම දැවැන්ත ඇඟිලි තුන කුළුඳුල් තාරකා වලට උත්පත්තිය ලබා දෙන යෝධ තිඹිරි ගෙවල් තුනක් ලෙස දැනගත් නිසාවෙන්ම ඒවා එදා ” නිර්මාණයේ කුලුනු ” නමින් හඳුන්වනු ලැබුවා.
නොබෝදා ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ලබා දුන් පළමු ඡායාරූපයට අනුව ” නිර්මාණයේ කුලුනු ” තුනේ දීප්තිය ක්‍රමයෙන් වැඩි වී ක්‍රමයෙන් විසිරී යාම ඇරඹීමට තරම් ඒවා තුළ ජනිතව තිබෙන යෝධ නව තාරකා වල විකිරණය හේතු වී තිබෙනවා.

මෙම දැවැන්ත කුලුනු කුලුනු තුනෙන් උසම කුලුන පාමුල සිට මුදුන දක්වා ආලෝක වර්ෂ 4ක් උසැති වන අතර එම ප්‍රමාණය පෘථිවියේ සිට අපට ළඟින්ම ඇති ඇල්ෆා සෙන්චූරී තරුවට තිබෙන දුර තරම් වෙනවා.
කෙසේ වුවත් ඒවා හබල් ගේ ඇසින් දැක විසිහත් වසරකට පසු ජේම්ස් වෙබ් ගේ ඇසින් දකින විට පෙනෙන වෙනස සියල්ලේ අනිත්‍යතාව පසක් කර දෙනවා.

ප්‍රේමශාන්ත කුමාරසිරි (තරුලොව)

නිර්මාණයේ කුලුනු තුන මෙදා ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂයට දිස් වූ හැටි.

නිර්මාණයේ කුලුනු තුන එදා හබල් අභ්යවකාශ දුරේක්ෂයට දිස් වූ හැටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...