සංසාර දිගු සැරියෙ එක් තැනෙකි
සකුරා ය පිපුණු-පරවුණු වැටුණු
අතර මිටියාවතෙහි නොමේරූ
නළඟනය, ළමා දෑස ය එමුදු
විසල් නෙත් කණිකාය හද සසලවා ලූ
විදුලි ඉර, මස යටින් සීතලට දවා ලූ
ගමන මම ඉස්සරින් පිටත් වූ
පොතෙහි ජීවන, පිටෙකි පෙරැලුනා වූ
ඉශූ …!
එන්න කවුළුව අසල තේ බොන්න
මතකයක් බැවින් මා රැගෙන යන
මුනගැසුණු අහඹු තානායමෙන් පිටව..!
හෙට සවස මීදුමකි-සිතුවමකි
මම තනිව වෙනත් පෙදෙසක දකින..!
තෝකියෝ නෞකාව
වරායෙන් දියත් වෙයි
නුඹ ඈත තිතක් ලෙස
වැහි බිඳක මැකී යයි..
ඉශූ මා දෙකොපුලෙහි
රූරා වැටෙයි..!
විකුම් ජිතේන්ද්‍ර
(නිමිත්ත – ජපානයේ ‘ඉශු’ අර් ධ ද්වීපයේ සංචාරය කරන තුරුණු සිසුවෙකු ඒ ප්‍රදේශය ඔස්සේ ඇදී යන සංචාරක නාට්‍ය කණ්ඩායමක හිඳින ළමා විය සහ යොවුන් විය අතර හිඳින නළඟනක හා සිතින් පෙමින් වෙලෙන පුවතක් ‘කවබතා යසුනරිගේ’ ‘ඉශු නො ඔදොරිකො’ කෙටිකතාවෙහි හමුවේ. නවාතැන්පොළ කිහිපයක කණ්ඩායම හා නවතින සිසුවාට සිදු වන්නේ සිය ඒක පාර් ශ වි ක ආලය එය ප්‍රකාශ නොකොට ම සමුගැන්මට යි.)